මැකී යනු මතකෙන්…….

ඔබේ ශරීරයේ පහල කොටස ඔබට අහිමි වෙනවා කියල දොස්තර කෙනෙක් කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ.......?
ඒ එක්කම ජීවිත කාලයත් කෙටි වෙනවා කියලම කිව්වොත් .......???????
“ චාමර ,ඔයාගේ ලෙඩේ හොද කරන්න බැහැනේ …...Plasmablastic Plasmacytoma කියන්නේ බොහෝම rare cancer එකක් ..ඉතින් ඔයා ඒක දැනටමත් දන්නවනේ....අපිට පුලුවන් බෙහෙත් වලින් ටිකක් life time එක extend කරන්න විතරයි........අපි මේ try කරන්නෙ ඊට කලින් ඔයාගේ කකුල් දෙක පැරලයිස් වෙන එක නවත්තගන්න..දැනටමත් බාගෙට පැරලයිස්නේ...ඉතිරු ටික වත් බේර ගන්න බලමු....ඒ මට ප්රථිකාර කරන විශේෂ.වඉද්ය වරයාගේ හඩයි.......”
OK doctor…
No worries at all……
I clearly know, this is the nature of life…….
මගේ දෙපා අර්ධ වශයෙන් පන නැතිවී දැන් මාස හයක් ගතවී ඇත...දැන් එය මට අලුත් දෙයක් නොවේ......
ආමේනියාවේ අස්ටරක් පලාතේ ඉපදුන ජිවෝජි එමින් වෘත්තියෙන් ජල හසුරු ඉන්ජිනේරුවරයෙක්(Hydraulic Engineer) ලෙස වයස අවුරුදු 21 දි ආමේනියානු හමුදාවට බැදෙනව......යුධ සමයේ ආමේනියානු ජලාශයක නඩත්තු කටයුත්තකට යන අතරතුර සිදුවුන බෝම්බ ප්රෙහාරයකින් ඔහුගෙ පාද නැති වෙනව...ආබාධිතයකු ලෙස එක් තැන් වන ඔහුට මේ සිදුවීමෙන් පසු ඔහුගෙ පෙම්වතියත් අහිමි වෙනව.....
උපතින්ම කවියකු වූ ඔහු එක්තරා රාත්රිමයක සිහිනයෙන් තමන්ට අහිමිවූ පෙම්වතිය දකිනව ...ඔහු ඇය සමග නිම්නයක මිහිදුම් තිර පට අතරේ ඇවිදගෙන යනව...ඉතා සතුටින් මේ සිහිනය තුළ ජීවත් වන අතරේ අකුණක හඩ නිසා එමින්ට එක වර ඇහැරෙනව......තමා මෙතෙක් වේලා සිටියේ සිහිනයක බව අමතක වන ඔහු ඇදෙන් බැස යන්න උත්සාහ කරනව...ඒත් යන්නෙ කොහොමද ඔහුගෙ පාද දෙකම නෑ...
හ්ම්.........
ඔහු දිගු සුසුමක් හෙලනව........සිහිනයෙන් අවදි වුන ඔහුට පෙම්වතියත් පාද දෙකත් එක වරම අහිමිවූ බව දැනිලා සියුම් වේදනාවක් හට ගන්නව... එමින්ගෙ පාද අහිමිවීමෙන් ඇතිවුන දුකට වඩා ඔහුට රිදුම් දෙන්නේ ඇයගේ පෙම් වතිය අහිමිවීම.......ඇදේ කොනක තිබුන දින පොතේ ඔහු මෙහෙම ලියනව......
Ohhh…what a pain….too much for words
Why must I bear such an agony…though lover has gone
Yet still hurts…the wound which we loved left in me
That love departed….takes revenge
Thus after many years once more
At night a soldier feels the wrench of a limb he lost during the war…….
යුධ බිමේ කෙලවරක
දෙපා හැර ගිය විටෙක
සොල්දාදුවෙක් හඩයි
අතීතයෙ එක් දිනෙක……
දෙපා මා හැරගොස්ය....
ඉන්පසුව ඇය ගොස්ය....
ඇය සැදූ තුවාලය
හදවතේ බැස ගොස්ය...
තුවාලය ගොරහැඩිය
වදන් ලෙස බර වැඩිය
බොහෝ කල් ගත වුවත්
සිත දැවුම නොම අඩුය……
ඇය දුන්න විරහ දුක
සිර කරන් හදවතෙක
ඇයි මෙසේ වැලපෙන්නේ
හුදෙකලා වූ විටෙක….
ගතින් ඇය වෙන්වීය
කල් බොහෝ ගතවීය
නිබද සිත සිරවෙලා
තැවුල් මට ලන්වීය…..
ප්රේමයේ නාමයෙන්
කරන්නෙමි ඇයැදුමක්
බැස යන්න හදවතින්
තවත් රිදවුම් නැතිව…….
අසනීපය නිසා එක් තැන්ව හුදෙකලාව සිටිනා මමද රාත්රියේදී සිහින නොදකිනවා නොවේ......ඒ නිසා එකවර නො ඇහැරුනාද නොවේ.....
ඒත් කොහොමද බේරුවල වලතර ඉපදුන අති දක්ෂ කවියකු වන කුමාරදාස සපුතන්ත්රී කියන මහා සාහිත්යධරයා ආමේනියාවේ ජිවෝජි එමින්ගෙත්, මගෙත් ජීවිත කථාව දිවැසින් වගේ දකින්නෙ......ඔහු තුන් කල් දක්නා මිනිසෙක්ද....?
හදේ කොතැනක හෝ ඉදී ඔබ
නිදා නොනිදා මෙන්…..
බලා අවසර සොයා කල් නොහැර
වෙලා හස රැහැනින්…….
පෙලයි මා මුදා සුව දැහැනින්.........
සයුර ඉම ලත් සිතිජ රේඛාවේ
මියෙන හිරුසේ ගිලී ගිම් අදුරේ…..
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා හද තනි වෙනා මොහොතින්…..
උතුම් පිවිතුරු ප්රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්…….
ඉනූ කදුලද සිදෙන්නට පෙර යදින්නම් ඔබ
මැකී යනු මතකෙන්…….
පද ගෙත්තම : කුමාරදාස සපුතන්ත්රී
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts