අත් පටලා යමු ආයේ…….
ජනයා ඌණතාවයෙන් පෙලේ.ඔවුන් අතෘප්තිකරය.තෘෂ්ණාවේ දාසයෝ වෙත්.ඔවුහු ඌණතාවයෙන්ම මිය යති.සෑහීමකට පත් නොවීම ශරීර අත හරිති.ලෝකයේ වස්තු කාමය නම් විෂයෙහි තෘප්තිමත්ය යන්නක් නම් නැත.
------ සූත්ර පිටකය,රට්ඨපාල සූත්රය ----------
සෙවනැල්ල කියන්නෙ පුද්ගල බද්ද දෙයක්..භෞතික විද්යාවට අනුව කිව්වොත් "ඔනෑම වස්තුවකට" අලෝකය සහිත පරිසරයකදි එහි හැඩයට සාපේක්ෂ සෙවනැල්ලක් හට ගන්නව....ඒත් අන්ධකාරය සහිත පරිසරයෙදි නම් "හෙවනැල්ලක් නැතුව" නිදහසේ වස්තුවකට පවතින්න පුලුවන්....
පෙරදිග රටවල විවාහය කියන්නෙ ටිකක් බරපතල ජීවිත බන්ධනයක්...රාජ්ය නිළධාරියෙක් ඉදිරියේ ගැහැනියක් සහ පිරිමියෙක් නීතිමය වශයෙන් එකිනෙකාට ගැට ගැසීම තමයි විවාහයෙන් කියන්නේ.....අපේ අත්තම්මා ඉන්න දවස් වල ඇය විවාහය හැදින්වුවෙ "හිරයක් ගේනව" කියල...ඒ වචනයේම තියෙනව විවාහය තුල "එකිනෙකා හිර කාරයන්" බවට පත් කරන වග........ ඒත් ඒ බන්ධනය පීඩාවක් කරගන්නෙ නැතුව හොඳින් ජීවත් වන බොහෝ අය මට හමුවෙලා තියෙනව......
මෙහෙම හිරකාරයන් බවට පත්වන ඇතැමුන් නම් එයින් මහත්සේ පීඩාවට පත්වෙනව....විවාහයෙන් පස්සේ තමනට සිත යන කෙනෙක් දැක්කම "අපරාදෙ,මට මෙයා එක්ක ඉන්න තිබුනනම්"...කියල පසු තැවිලි වෙන අය ඉන්නව...."මම බඳින්න කලිං චාමර අයියා හමුවුනානම් මගේ ජීවිතේ වෙනස් වෙන්න ඉඩ තිබුනා" කියල මට කියපු ගැහැනු ලමයි කීප දෙනෙක්ම හිටිය....ඒ වේලාව මම කිව්වෙ "ඔයා මාව බැන්දත් ඔච්චරම තමයි ඉතිං...අතේ ඉන්න කුරුල්ලට වඩා පියාඹන කුරුල්ලා හොඳයි කියල හැමෝම හිතනව ..ඒත් ඒ කුරුල්ලා තමන්ගෙ අතට ආවත් වැඩි වෙනසක් නෑ " කියල මම පිළිතුරු දීල තියෙනව...
ගෞතමයන් කියන්නෙ මෙහා ඉවුරේ ඉන්න එලදෙන හිතනවලු එහා ඉවුරේ නම් තද කොලපාටට තණකොල වැවිල තියෙනව අපරාදෙ මට එහා ගොඩට යන්න තිබුන නම් කියල...එහා ඉවුරේ ඉන්න එලදෙන හිතන්නේ මෙහා ඉවුරේ තණකොල වැවිල තියෙනව අපරාදෙ මට මෙහා ගොඩට යන්න තිබුනනම් කියලලු.....අන්තිමට දෙන්නම තමන්ට ලැබුන දේ අමිහිරි දෙයක් ලෙසත් නොලැබුන දේ මිහිරි දෙයක් ලෙසත් සිතමින් ඌණතාවයෙන් කල් ගෙවල ආයෙ ආයේ සංසාරයට බැදෙනවලු.....
මීට වසරකට කලින් අපේ ගමේ වයස 50 ක් පමණ වන විවාහක, දරුවන් තුන් දෙනෙක් ඉන්න පිරිමියෙක් සිය දිවි හානි කරගත්ත...ඔහු ජීවිකාව ලෙස කලේ ගාලු නගරයේ පදික වේදිකාවේ ප්ලාස්ටික් බඩු විකුණන එක...එමගින් තමයි ඔහු පවුල නඩත්තු කලේ...ඔහු හරිම නිහඬව ජීවත්වුන කෙනෙක්......හේතුව හොයල බැලුවම දැනගන්න ලැබුනෙ ඔහුගෙ බිරිඳ ඊට අල්ලපු ගෙදර විවාහක පිරිමියා සමග හොරෙන් පැනල ගිහින් කියල...ඒ පුද්ගලයා හම්බන්තොට ඉඳන් ඇවිත් අපේ ගමේ පදිංචි වෙලා සිල්ලර කඩයක් කලා....
ඉතිං තමන්ගේ සහකරු හෝ සහකාරියට නොදැනෙන්න මෙහෙම වරදේ බැඳෙන එක ලේසි වැඩක් නම් නෙවෙයි...හරියටම කියනව නම් ඒක "තමන්ගෙ සෙවනැල්ලෙන් මිදෙනව" වගේ හිතා ගන්නත් බැරි දෙයක්..ඒත් අන්ධකාරයෙදි කෙනෙකුට සෙවනැල්ලෙන් මිදෙන්න පුලුවන්.....
බොහෝ කාලයක් සිතේ දෙගිඩියාවෙන් එකිනෙකා ගැන සිතමින් ඉන්න මෙවැනි "අනියම් පෙම්වතුන්" අවසානයේ කෙසේ හෝ තමන්ගේ සිතේ සිරකර ගෙන ඉන්න හැඟීම් මුදාහරින්න හිතල තමන්ගේ සෙවනැල්ලෙන් මිදෙනව මද අදුරෙදි..එහෙම එකවරක් හෝ හමුවුනාට පස්සේ ඔවුන් හැමදාම පතන්නේ ආයෙ ආයෙත් හමුවෙන්න තමයි....
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගෙ සෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අඳුරේ………
සිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආතමයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ……
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ…….
පද ගෙත්තම : ප්රේමකීර්ති ද අල්විස්
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=3QpOLK9ZM-Q
Comments
Post a Comment