කටු ඇනී රිදුම් දෙන හදවත සමග නවතිමි….
අලුතින් විවාහවන්නන් අතර තියෙන ලොකුම ගැටලුවක් තමයි "දරුවන් නොමැතිකම".......මගේ හිතවත් අය බොහෝ දෙනෙක් මෙයින් පීඩා විදිනව...ඇතැම් අය විවිධ වෛද්ය ප්රතිකාර සහ ශාන්ති... කර්ම වලට පුදුමාකාර ලෙස මුදල් වියදම් කරන්නෙත් කෙසේ හෝ ළමයෙක් හදා ගන්න.....ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි...මා දන්නා අයියා කෙනෙක් විවාහ වුනේ වයස අවුරුදු තිහේදි වුනත් බොහෝ මහන්සියකින් පසු ඔහුට දරුවෙක් ලැබුණෙ වයස අවුරුදු හතලිහෙදි....මගේ එක වැඩිමහල් සහෝදරියක් විවාහ වෙලා දැන් වසර පහලොවකටත් වැඩියි...ඒත් ඇයට දරුවන් නැහැ....අක්කා රාජ්ය සේවයේ යෙදුනෙ බොහෝ දුෂ්කර පලාත්වල...අක්කා ගෙදර ඉන්නා දවසට අයියා ගෙදර නැහැ...අයියා ඉන්න දවසට අක්ක ගෙදර නැහැ......
ජීවිතේ තරුණ හොඳම කාලෙදි දුෂ්කර සේවාවල යෙදෙන බොහෝ දෙනෙක් ගෙදර එන්නේ පෙන්ෂන් යන්න කිට්ටුව...එතකොට ඉතින් Rest In Peace ම තමයි....අපිට මේ වගේ දේවල් උඩින් නොදැනුනාට දීර්ඝ කාලීන ජාතික ප්රශ්න....ගුරු වෘත්තිකයෝ සහ වෛද්යවරු තමයි මෙයින් බොහෝ කොට පීඩා විදින්නෙ....අනෙක් පෞද්ගලික අංශයේ සේවා ස්ථාන බොහොමයක් තියෙන්නේ කොලඹ ආශ්රිතව නිසා ඔවුන්ගේ ජීවිතත් කාගේ හෝ බෝඩිමක ගෙවිල නාස්ති වෙලා යනව.......තවත් සමහරු බස් එකට කෝච්චියටම කාලය නාස්ති කරනව...උදේට කොලඹ එන සමුද්රදේවි,සාගරික,මුතු කුමාරි වගේම මහව කෝචියෙත් මම ඇතැම් විට ගිහිං තියෙනව...ඒ මිනිස්සුන්ගෙ දවසෙන් හතරෙන් එකක් ගෙවෙන්නේ මගට.....
සරසවියෙන් වෛද්ය උපාධිය සම්පූර්ණ කරන තරුණයෙක් පත්වීම ලැබෙන තුරු තවත් කාලයක් ගෙදරට වෙලා බලාගෙන ඉඳල ඔහුට පළමු පත්වීම ලැබෙන්න මන්නාරමේ රෝහලට...එතකොට යුද්ධයත් බොහෝම දරුණුයි...මඩු පල්ලිය කිට්ටුව දිගටම ගැටුම්...ඒ නිසාම තුවාල ලබන සෙබලුන් වගේම සාමාන්ය ජනතාවත් නිතර රෝහලට අරගෙන එන නිසා ඔහුට ගෙදර යන්න හිතන්නවත් බැහැ.....ඔහුට පත්වීම ලැබුන අතරෙම තමයි අලුතින් විවාහ දිවියට පත්වෙන්නේ...... ඇයගේ නම 'දේවි"........මා අවිවාහකයෙක් වුනත් විවාහකයකුට තමන් එම දිව්යට ඇතුලත්වූ අලුතවත් තමන්ගේ බිරිඳ සමග ඉන්න නොලැබෙනව නම් එය ඔහුගේ නොලැබීයාමක් බව නම් හොඳින්ම දැනෙනව....
මන්නාරම කියන්නේ කොහොමත් ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපේ නිසා උෂ්ණත්වයත් ගොඩාක් වැඩියි....මම බොහෝ කලක් සේවය කළ පුත්තලම සිමෙන්ති කම්හල පෙදෙසත් ඒ වගේම තමයි...Guest House වල AC නැතුව ඉන්න බැහැ......කම්හලට 46km ක් මන්නාරම පැත්තට වෙන්න තියෙන හුණු ගල් Quarry Site එක පැත්තෙ දවල් තියා රෑට ඉන්නත් බැහැ...ඒ නිසා මන්නාරම මොනවගේ ද කියල මට තේරෙනෙව...
මේ වෛද්ය වරයා සේවය කල රෝහලේ වෙන වැඩ බලන කෙනෙක්වත් හොයා ගන්න අපහසුයි..ඔක්කොටම වඩා ගෙදරට පණිවුඩයක් දෙන්නත් අපහුසුයි. මේ කියන දවස් 90 දෂකයේ අග භාගය ලංකාවේ ජනගම දුරකථනත් එතරම් නැති කාලේ...........තමන්ගෙ අලුත් බිරිඳ එක්ක ඉන්න කොච්ච්රර උවමනාවක් තිබුනත් ඔහුට නිවාඩු ගන්න බැහැ...ඒ විතරක් නෙවෙයි....හිතේ තියෙන පීඩනය නිසාම තව දුරටත් ඉවසගෙන ඉන්නත් බැහැ.....ඒත් කරන්න දෙයකුත් නැහැ....ඔහුගෙ හදවතේ කටු ඇනිල රිදුම් දෙනව.. ඔහුට කරන්න තියෙන එකම දේ හදවත කළු ගලක් කරගෙන 'ලාඳුරු රෝගියෙක්" වගේ හැගීම් දැනීම් නැතුව ඉන්න එක පමණමයි.... කෑ ගහල ඇඬුව කියල වැඩකුත් නැහැ.....ඒත් පරාක්රම සමුදුරේ වාං දාන්න කිට්ටුවුනා වගේ දැන් නැතුවට දැන් කදුළු පනින්න වගේ....
ඇය තම ස්වාමියා අද නැතිනම් හෙට එයි කියල බලාගෙන ඉන්නව..බොහෝ දවස් වලට අන්තිම බස් එක ගියාට පස්සේ තමයි ඇය නින්දට යන්නේ........
ඒත් රස්සාව අතහැරල දමල ගහල යන්නත් බැහැ...ගිහිං මොනව කරන්නද?..එක දවසක් ඔහු කෙසේ හෝ ඇය දකින්න ගෙදර යනවාමයි කියල හිතාගෙන රෝහලෙන් පිටත් වෙන්න හදනකොට මඩු පල්ලිය ලග බෝම්බයක් පුපුරල...පැය ගනනක් තිස්සෙ රෝගීන් වෙනුවෙන් මහන්සි වුනු ඔහු මධ්යම රාත්රිය පහුවෙල හමුදා රථයකින් බස් පාරට ගිහින් ගෙදරට යනකොට ගෙදර කිසිම සද්දයක් නැහැ...ඔහු ගෙදරට ඇතුල් වෙද්දි දකිනව තමන්ගේ අලුත් බිරිඳ "දේවි" ඔහු ගෙදර එනතුර රෑ පුරාම මග බලාගෙන ඉඳල ඉඳල ඇයට පුටුව උඩම නින්ද ගිහිල්ලා......
හිස මුදුනේ හිරු ගිණි ගෙන කළු යකඩ පවා වැගිරෙන
උණුසුමින් උණු නොවී………..
සෙල් මුවා හදවතට දුක් ගිණි දැන්නේ නැති…..
නෙතු විලේ සොරොවු දොර බිඳලන කඳුළු පල නැති…….
හිරු සඳු සේ දරු රැක ගෙන පැණි රස සේ දුක් විඳගෙන
හිනැහියන් පෙම්බරී……
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරි
කටු ඇනී රිදුම් දෙන හදවත සමග නවතිමි….
නොනිදා ඉන්න එපා දේවි….
මට එන්න වේද දේවි…..
මමත් නොවේ දෙවිත් නොවේ කවුරු නම් දනීවි……
පද ගෙත්තම : වෛද්ය යසනාත් ධම්මික බණ්ඩාර
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=t4ac0G5pJS8

Comments
Post a Comment