විසිවන සියවසේ පෙරදිග විද්වතා : 01 කොටස
1858 නොවැම්බර් 30 වනදා නැගෙනහිර බෙන්ගාලයේදී (වර්තමාන බන්ග්ලාදේශයේ ) උපත ලද “ශ්රීමත් ජගදිශ් චන්ද්රබෝස්” ලොවම හදුන්වන්නේ පසුගිය සියවසේ පෙරදිගින් බිහිවුන මහා විද්වතා ලෙසය.....
නිව්ටෝනීය සම්භාව්ය භෞතික විද්යාව ඉන් ඔබ්බට ගෙනයාමේදී අයින්ස්ටයින් විද්වතාගෙන් ඉටුවූ කාර්යභාරය හා සමානම කාර්ය භාරයක් චන්ද්රබෝස් අතින් විද්යුත් සහ විදුලි ඉන්ජිනේරු විද්යාව,උද්භිද විද්යාව,පුරා විද්යාව මෙන්ම භෞතික විද්යාව යන පුලුල් විෂය ක්ෂේත්ර වලදී ඉටුවුන නිසාම ජගත් විදුලි ඉන්ජිනේරුවන්ගේ රාජකීය සන්ඝමය (IEEE ) ඔහුව රේඩියෝ විද්යාවේ පියෙක් ලෙසයි හදුන්වන්නේය....
ශාඛවල වර්ධනය මැනීම සදහා මුල්වරට ලොවට Crescograph උපකරණය හදුන්වාදීමේ ගෞරවයත් හිමිවන්නේ ඔහුටයි.... චන්ද්රබෝස් භෞතික විද්යාවට කළ සේවය වෙනුවෙන් ඔහු නමින් සදේ ආවාටයක්ද නම් කොට තිබෙ.....එය හදුන්වන්නේ “බෝස් ආවාටය” (Bose Crater ) ලෙසයි.......
චන්ද්රබෝස් ගේ පියා මහේස්ත්‍රාත්වරයෙක් මෙන්ම රජයේ කොමසාරිස් වරයෙකි...ඔහුගේ විනිශ්චයක් නිසා සිර දඩුවම් ලැබූ “සුවිශේෂී පුද්ගලයෙක්” නිවසේ නවත්වා ගැනීමට පියා තීරණය කළේය....නිවසේ පූර්ණකාලීනව නැවතී සිටි ඔහු බෝස්ගේ ජීවිතයට බොහෝ බලපෑම් එල්ල කළේය...ඔහුගේ කතා ඇසීම බෝස්ගේ ලොකුම විනෝදානශය විය.....
දිළිදු දරුවන් බොහෝමයක් ඉගෙන ගන්නා ගමේ රජයේ පාසලෙන් මූලික අධ්යාපනය ලැබූ චන්ද්රබෝස් ,කල්කටාවේ සාන්ත ක්ෂේවියර් විද්යාලයෙන් තෘතීක අධ්යාපනය හදාරා වයිද්ය අධ්යාපනය වෙනුවෙන් එන්ගලන්තයේ ලන්ඩන් සරසවියට ඇතුලු වුවත් ඔහු පෙළමින් සිටි රෝගී තත්වය ඔහුට වයිද්යවරයකු වීමේ සිහිනය අහිමි කළේය... ඉන් අධයිරයට පත් නොවූ බෝස් නොබෙල් ත්යාග ලාභී බිරිතානි ජාතිකයෙක්වූ “ලෝඩ් රේලි” සමග එක්වී කේම්බ්රිජ් සරසවියේදී භෞතික තරන්ග පිළිඹද පර්යේෂණ කළේය..... කලකට පසු නැවතත් භාරතයට පැමිණි බෝස්ට කල්කටා සරවියට අනුබද්ධ ජනාධිපති විද්යාලයේ භෞතික විද්යා මහාචාර්ය ධූරය හිමිවුවත් එවකට භාරතය ඉන්ග්රීසි යටත් විජිතයක්වූ නිසා බොහෝ කෙණෙහිලි කම් වලට මුහුණ පෑමට සිදුවුනත් ඉන් පසුබට නොවූ චන්ද්රබෝස් තම භෞතික විද්යා පර්යේෂණ නොකඩවා ඉදිරියට කරගෙන ගියේ අවම පහසුකම් යටතේදීය....
කල්කටා සරසවියෙන්ම ජීව විද්යාව වෙනුවෙන් මූලික උපාධියක් පමණක් ලබා මහා විද්වතෙක්මෙන් රන්ගනයේ යෙදෙමින් ඊනියා හේතුවාදය වෙනුවෙන් පෙනී සිටි ඒබ්ර හම් ටී. කොවුර් මෙන් නොසිතූ මේ මහා විද්වතා තම පර්යේෂණාගාරය සහිත නිවස "ආශ්රමයක්" බවට පත් කලේ අතීතයේ භාරතයේ සිටි චරක,සුසෘත,පතන්ජලී,බ්රහ්ම ගුප්ත,ආර්යභට්ට,වරහමීර සහ පරාසාර වැනි සෘෂිවරුන් සිහියට කැදවමිනි....
දුරස්ථ කම්බි රහිත සඥ්ඤා (Remote Wireless Signalling ) නිර්මාණය පිළිඹද දිගින් දිගටම පර්යේෂණ සිදුකළ බෝස්ට ඒ ගැන වටිනා සොයා ගැනීම් රැසක් ලොවට දායද කිරීමට හැකිවුනත් “පූර්ණ මානවවාදියෙක්වූ” ඔහු කිසිදා එම සොයා ගැනීම් වෙනුවෙන් "පේටන්ට් බලපත්ර" ලබා නොගැනීමට තීරණය කළේ එම සොයා ගැනීම් තව දුරටත් වර්ධනය කිරීමේ නිදහස ඔනෑම අයෙකුට ලබා දීමේ සත්- භාවයෙන් යුතුවය......දුරස්ථ කම්බි රහිත සඥ්ඤා ග්රහණය කරගැනීමට ලොව මුල්වරට "අර්ධ සන්නායක"(Semiconductors ) භාවිත කලේ ඔහු විසින්ය......
එවකට භාරතය බිරිතානි යටත්විජිතයක්වූ බැවින් බෝස්ගේ බොහෝ විද්යාතමක් සොය ගැනීම් යටපත්වී ගියේය....භාරතයට පැමිණි ඉතාලි ජාතික නාවිකයකුවූ “ලුයිජි සොල්විට්” ට චන්ද්රනබෝස්ගේ සොයා ගැනීම කන වැකින...ඔහු හොර රහසේ චන්ද්රබෝස්ගේ සොයා ගැනීම ගැන තොරතුරු සිය ලගම මිතුරෙකුවූ "ගුලෙමෝ මාකෝනිට" ලබා දුන්නේය....චන්ද්රනබෝස්ගේ සොයා ගැනීම් යොදා ගනිමින් රේඩියෝව සොයා ගත් මාකොනිට නොබෙල් ත්යාගය හිමිවූ අතර බෝස්ට කිසිත් හිමි නොවීය.....
ඉතිහාසය පුරා පෙරදිග මිනිසුන්ගේ දැනුම අමු අමුවේ මන්කොල්ලකා පුරුදුව සිටි බටහිරයන්ට මෙය අලුත් දෙයක් නොවීය........
( මතු සම්බන්ධයි )
------- චාමර වන්නිආරච්චි ----------------
Comments
Post a Comment