මෙදා මට ඔබ සැබෑ සදමය........
ප්රේම කරන කාලෙදි ඈතින් ඉදන් එකිනෙකා දකිද්දි බොහෝ දෙනෙකුට ඔවුනොවුන්ගේ "හොද" කොටස පමණයි පෙනෙන්නේ..නමුත් එම සබදතාව විවාහයක් දක්වා දුර දිග ගිහින් එකිනෙකා ලන් වුනාම ටිකෙන් ටික "නරක" කොටස පෙනෙන්න පටන් ගන්නවා......
“කවි ඇසින්” ලෝකය දෙස බලද්දි අපිට පෙනෙන්නේ හැම දෙයක්ම “ සුන්දර පියකරු” දේ ලෙස වුවත්,”විදු ඇසින්” ලොව දකිද්දි තමයි අපිට ලොවේ සියලු දෙයකම ඇති ‘විසකුරු” බව පෙනෙන්නේ.....නමුත් බොහෝ දෙනෙක් ඒ වෙනකොටත් ප්රමාද වැඩියි.....
හුදෙකලාවේ අන්ධකාරයක වෙලී සිටි ඇයට, ඔහු හමුවුන මුල් කාලයෙදි ...පෙනෙන්න ඇගේ අදුරු හද ගැබ එලිය කරන්න පායා ආ “ප්රාණවත් සදක්” වගෙයි.......ඒ සද එතරම්ම "සරාගිකයි".......ඇයට ඔහු ගැන තියෙන්නේ තමන්ගෙ විජිතයේ ගිරි සිරසේ සිට දිදුලමින් තමනට ආලෝකය දෙන සදක් වගේයි කියන “ගෞරවාන්විත” හැගීම......

ඒත් කාලයක් ගිහින් ජීවිතයේ ඇත්තට මුහුන දෙනකොට ඔහු තව දුරටත් “ප්රාණයෙන් තොර වියලි සදක්” පමණක් බවත්, ඔහු මැවූ ලෝකය විසකුරු බවත්, ඔහුත් තවත් නිකම්ම නිකම් තමා වගේම “අමු පෘථග්ජනයෙක්” පමණක් බව ඇයට පැහැදිළි වෙනවා...... ඇය අසල ගැවසෙන ඔහු කෙරෙහි ඇයට දැන් අතීතයේ තිබුන ගෞරවයත් නැහැ.....
කාලය ගතවුනත් ,සත්තය තේරුනත්, ඇයට ඔහු හැරදා යන්න බැරි තරමටම බන්ධනය තද වැඩියි.....ඔහු ,ඔහුම වුවත්, ඇය එදා දුටු ඔහුට වඩා මෙදා දකින ඔහු හාත්පසින්ම වෙනස්......
“එදා මට ඔබ සරා සද විය
කවි ඇසින් දුටු සොදුරු පියකරු
අදුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ……”
“මෙදා මට ඔබ සැබෑ සදමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්රාණයෙන් තොර වියලි සදසේ
ඔබද අද මා අසල ගැවැසේ......”
“මගේ සද ඔබ ඔබ මගේ සද ඔබ.....
එදා සද නොව, මෙදා සද ඔබ, මගේ සද ඔබ මගේ....”
ලේන කුලේ සිටම සන්සාරේ අනාදිමත් කාලයක් තිස්සේ යසෝදරාව දෙස කවි ඇසින් බැලූ සිද්ධාර්ථ ,එදා ඇසල පෝය දවසේ විදු ඇසින් දැකීමම තමයි ඔහුගෙ "නෙක්ඛම්මයට" හේතු වුනේ.....
මේ ගීය ලියපු සුනිල් ආරියරත්නත් මේ සටහන ලියන මමත් අවිවාහක හුදෙකලා මිනිසුන්.......
පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=5ib-TvcdGQA

ලොවේ නොවෙනස් වන සත්‍ය !
ReplyDelete