හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්...

සරසවි අධ්යාපනය නිම කරනවාත් සමගම තරුණයකුට බාලිකා විදුහලක ගුරු පත්වීමක් ලැබෙනව...තවමත් වයස අවුරුදු 24ක් පමණක්වූ මේ තරුණ ගුරුවරයා උගන්වන උසස් පෙළ පන්තියේ මනරම්,අති සුන්දර දඟකාර සිසුවියක් සිටිනව.......පළමු දිනයේ සිටම ඇයට ආකර්ෂණය වන ඔහු ඒ පංතියේ උගන්වන්නේ හරිම උද්යෝගයෙන්...නමුත් වයස අවුරුදු 18 ක්වූ එම සිසුවියට නම් ගුරුතුමා ගැන තියෙන්නේ ගෞරවයක් පමණයි.......

පාසලේ නිවාසාන්තර ක්රීඩා උලෙළ ලංවන විට එම ගුරුවරායට එක නිවාසයක් භාර දෙන්න විදුහල්පති තීරණය කරනව...අහම්බෙන් වගේ එම නිවාසයේ නායිකාව වන්නේ ඔහුගෙ සිත ගත් අර සුන්දර සිසුවිය........
තරඟ සියල්ල අවසන් වෙද්දි සන්ධ්යාවට ලංවෙනව.....ත්යාග ප්රධානය සිදුවෙන්නේ තවත් රෑ බෝ වෙලා......
සියලු දෙනාම ටකරං යොදාගෙන තාවකාලිකව ඉදි කළ නිවාස වලින් පිටතට වෙලා එයට සහභාගී වුනත් මේ ගුරුවරයා පමණක් නිවාසය තුලට වී අර සිසුවිය ගැන සිතමින් කල්පනා ලෝකයේ නිමග්න වෙලා ඉන්නවා.....
ක්රීඩා පිටිය කොනේ තිබුන මල් වලින් පිරුනු අඹ ගස දිහා බලාගෙන ඉන්න ඔහුට පෙනෙන්නේ අඹ මල් වලට ඇදෙන සමනලුන් සහ බමරුන්....ක්‍රීඩා පිටිය අවසන් වෙනවාත් සමග තියෙන්නෙ වතුර පිරුන පුරන් කුඹුරු යායක්...සද එලිය ඒ වතුර මතට වැටිලා අමුතුම චමත්කාරයක් මවනව........එදා හරියටම පසලොස්වක පෝය දිනට පෙර දවස...ඒ නිසාම පෙරදිග අහසේ පායපු සඳ ඔහුට පෙනෙන්නෙ අඹ ගසේ අතු ඉති මැදින්..ගොඩාක් පාසල්වල නිවාසාන්තර ක්රීඩා උත්සව පවත්වන්නේ නිවාඩු දිනයකට පෙර දින.....

මේ සිදුවීම් අතර තුර ඔහුගේ සිතේ මැවෙන්නේ ඇයගේ නව යෞව්වන රතු තොල් පෙති මැදින් කිරි කවඩිවගේ පෙනෙන දඟකාර හිනාව..ඇගේ රූ සපුව..කෙලිලොල් කථා බහ......ඔහු කෙමෙන් කෙමෙන් ඇය ගැන රාගයෙන් මත් වෙනව.......හද ගැස්ම වැඩි වෙනවා....සරලව කිව්වොත් හොඳටම "මනෝ පාරක් වැදිල"........
මෙහෙම ඇය ගැන සිතමින් රාගයෙන් මත්වෙලා ඔහු සිටින අතරේ දෛවයේ සරදමකට වගේ එකපාරටම අර සිසුවිය තනිවම නිවාසය තුලට එනව.....විදුලි බලය නොමැති නිසා යාන්තමට තිබුන සඳ එලියෙන් ඇය ඔහු දකිනව..........

"සර්.....සර්......ඇයි සර් බයවෙලා වගේ....අම්මෝ සර්ට හොඳටම දාඩියත් දාලා.....ගුරු මණ්ඩලේම ප්රින්සිපල්ගේ කථාව අහනව ..සර් මෙතනට වෙලා කලුවරේ අඹ ගහ අස්සෙන් පේන සඳ දිහා බලාගෙන කල්පනා කරනව..ඇය් සර් මොකක් හරි ප්රශ්නයක්ද ?............."

යකඩ පුටුවේ හිදගෙන සිටි ඔහු ඇයගේ වදන් පෙලින් තිගැස්සිලා එකවර නැගිටිනවා....ඇයගේ ඇස් දෙක දිහා මද අඳුරේ නොසෙල්වී බලා සිටින ඔහු..."මුකුත් නැහැ දරුවෝ...ඔයා ඉකමනින් මෙතනින් පිටවෙන්න ...මට මාව විශ්වාස නැහැ.....මට සමාවෙන්න......."

මේ කිසිවක් නොතේරුන ඇය..."සමාවෙන්න සර් කරදර කලා නම්"...කියමින් නිවාසයෙන් පිටවෙලා යනවා.......

සාක්කුවෙන් පෑන එලියට ගන්නා ඔහු දින පොතේ මෙහෙම ලියනව........
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දිකිනු රිසින්
මගෙ සිත් ගොලු වෙලා........

ලැම හසුන් රැගුම් පා මන්මත් කලාදෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ සිතත් ඔබ ලග නැවතිලා.......

නිල් නුවන් පෙඟෙන අඳූර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුලඟ නීල වලා තුලට ගුලි වෙවී
සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්...

මේ ගීයේ රචකයාත්,ගායකයාත් දෙදෙනාම පාසල් ගුරුවරුන්.......මේ සටහන ලියන මම සරසවි අධ්යාපනය ලබන අතර සති අන්තයේ පෞද්ගලික පංති කීපයක් කලා...ඉතින් මේ අත්දැකීම මගේ ජීවිතේටත් ගොඩාක් සමීපයි.......


පද ගෙත්තම : අමරසේන කන්කානම්ගේ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=-qBvb_fKcWk

Comments

  1. බුකියේ මග හැරුණු ඔබී ලිපි කියවන්න මේ බ්ලොගය නිසා හැකි වුණා. මෙයත් එවැන්නක්. අනික මේ මගේ ප්‍රියතම ගීත අතරින් එකක්.ස්තුතියි විවරණයට ..

    ReplyDelete

Post a Comment

Popular Posts