මා තනි කරන්නෙපා මතු සන්සාරේ……

වීර පරාක්රම නරෙන්ද්රසිංහ කියන්නේ ලංකාවේ අවසන් සිංහල රජු.....රාජ්ය පරිපාලනයේ ඉතාම දුර්වලයෙකුවූ ඔහුගේ මුලු ජීවිතයම ගෙවුනේ "සුරාව,නුරාව සහ ජරාව" වෙනුවෙන්මයි....මග තොටේදී දකින දකින සුන්දර ස්ත්රීන් තමන්ගේ අන්තහ් පුරයට එකතු කරගත් ඔහු රාජ්ය පාලනය ගැන උනන්දු නොවෙමින් එම ස්ත්රීන් සමග විනෝද වුනේ බොහෝ විට කුණ්ඩසාලේ රජ මාලිගාවෙදි.......
ඇත්තටම වීරත් නැති,පරාක්රමයකුත් නැති,සිංහයෙක් මෙන් එඩිතරත් නොවූ ඔහු තමන්ගේ නම දාගත්තේ "වීර පරාක්රම නරෙන්ද්ර සිංහ” කියල ඒ හීන මානෙ නැති කරගන්නම තමයි...අද කාලේ පාලකයොත් නමට ඉස්සරහින් කොච්චර දේවල් දමාගන්නවද......

මොහු තමන්ගේ අග බිසව ගෙන්වා ගන්නේ භාරතයේ මධුරා පුරයෙන්......ඇයගේ මුල් නම සුමිත්රා වුනත් රජු ඇය ඇමතූයේ "ප්රෙමිලා" කියන නමින්.......තම නෑයන්ගේ උවමනාව වෙනුවෙන් රජු සමග ආවත් ඇයට රජු ගැන කිසිම පැහැදීමක් නම් තිබුනේ නැත්තේ රජුගෙ තකතීරු හැසිරීම් නිසාමයි....අන්තහ් පුරයේ දහස් ගනනක් ස්ත්රීන් සිටි නිසා රජු ඇය ගැන සොය බැලුවෙ නැහැ...රජු නිතරම වගේ සිටියේ කුණ්ඩසාලේ වුනත් ප්රෙමිලාව අග බිසව නිසා ඉන්න සිදුවුනේ සෙංකඩගල රජ මාලිගයේ හුදෙකලාවෙලා......

නෙදර්ලන්ත වෙළද නාවික දූත පිරිසක් සමග පැමිණි ප්රංශ ජාතික නාවික නිළධාරියෙක් සිංහල කාන්තාවක් හා විවාහයෙන් පසු සෙංකඩගල පදිංචිවෙලා රාජ්ය සේවයට එකතුවුනේ රජු සමග මිත්රවීමෙන් ....... ඔවුනට ලැබුන පුතාවූ Gascoin නම් දක්ෂ තරුණයා රාජ්ය සේවයට එකතුවුනේ අධිකාරම් වරයෙක් ලෙසයි....අතීතයේ සිටම ප්රංශ ජාතිකයන් මෙන්ම භාරත වාසීන්ද බොහෝ කලාවන්ට දක්ෂයි............සිංහලයන් ඔහු ඇමතුවේ දස්කොන් අධිකාරම නමින්......

හුදෙකලාවේ පාලුවේ රජ මාලිගයට වෙලා ඉන්න සිදුවුන ප්රෙමිලා බිසවට මේ දස්කොන් ගැන සිතක් පහළ වීමත් සමගම මේ කඩවසම් කලාත්මක තරුණ දස්කොන්ගෙන් එයට එකඟතාව ලැබුනේ එක හෙලාමයි..... මුලින් මුලින් ඔවුන් දෙදෙනා රාජකීය උයනේ සක්මන් මලුවේදී හමු වුවත් පසුව ඔහු කිසිදු පැකිලීමකින් තොරවම ප්රෙමිලාගේ යහනටම යන්න පටන් ගත්තේ එහි ආරක්ෂාවට සිටි පණ්ඩකයන්(නපුංසක ආරක්ෂක නිළධාරීන්) කිසිවෙකුටත් නොදැනෙන ලෙසයි........ අන්තහ්පුරයේ සියලුම දොර අගුලු වලට කුඩා මිණි ගෙඩි සවි කර තිබුනේ කිසිවෙක් හෝ එහි දොරක් හරින්නේ නම් මහත් ශබ්දයක් ඇති වෙන අයුරින්...එහෙත් පන්ඩකයන්ට කිසිම ශබ්දයක් නොඇසෙන ලෙස එම "වාසල මිණි බැඳි දොරවල් අරින්නට" දස්කොන් දක්ෂ වුනත් මේ සිද්ධිය රජුගේ කනට වැටී තිබුනේ "රාජකීය ඔත්තුකරුවන්" මගින්...... හොර රහසේ එම දොරවල් අරිද්දි නම් දස්කොන්ට සිහි වුනේ නැහැ මෙය මරණ දඩුවම ලැබෙන වරදක් කියල....
රජුගේ ඔත්තු සේවාව “සෙංකඩගල වට කල පවුරු වල්ලක්” වගේ ශක්තිමත් වූ නිසා එයට අභියෝග කරන ඔනෑම කෙනෙක් පරාජය වෙන්නේ ක්ෂණිකවමය්......

මේ ප්රේම හුටපටය රජු දැනගතහොත් මරණය නියත බව දෙදෙනාම දැන සිටියත් "රාගය අන්ධයි" .....සමහරු නම් කියනව ආදරයයි රාගයයි දෙකක් කියල...පිස්සු තමයි....අවසන් විග්රහයේදි ඔය සියලුම් හැගීම් රාග,ද්වේශ,මෝහ තුනට තමයි ඌනනය වෙන්නේ.....බුදුන් කියල තියෙන හැම දෙයක්ම කිසිදු සැකයකින් තොරව පිළිගන්න නිසා මට නම් ඔය දෙකම එකයි...... රාගයෙන් රක්ත තප්ත වුනාට පස්සෙ කිසිවෙකුටත් දුර දිග නොපෙනෙන බවයි බුදුන් දෙසන්නේ........දස මාර සේනාවන්ගෙන් පළමු එකත් කාමය....(" කාමාතේ පඨමා සේනා දුතියා අරති වුච්චති " - අලගද්දූපම සූත්රය )

මේ දෙදෙනාම දක්ෂ කවියන් වුන නිසා එකිනෙකාට කවි ලියා ගත්ත........මේ පලහිලව්ව නැගල ගියත් ටික දිනකින් ප්රෙමිලා එකවරම දරුණු ලෙස අසනීප වුන නිසා දක්ෂිණ භාරතයෙන් මංත්රාචාර්ය වරයෙක් ගෙන්වන්න රජු තීරණය කළේ ඇයගේ රෝගය සුවපත් කරන්න රාජකීය වෙදුන්ට නොහැකිවූ නිසා.......
ශාන්තිකර්මයට සියල්ල සූදානම් වෙමිනුයි තිබුනෙ.....ඔහුගෙ උපදෙසට අනුව ඒ සදහා ප්රෙමිලාගේ ජීවමාන ප්රමාණයේ නිරුවත් චිත්රයක් අඳින්න රජු රාජකීය චිත්ර ශිල්පියාට අණ කලා........
මනාකොට චිත්රය ඇද අවසන්වූ චිත්ර ශිල්පියා තවදුරටත් අඩුපාඩු පිරික්සමින් ඒ දෙස බලා ඉන්නකොට දස්කොන් එතැනින් වෙනත් කටයුත්තක් වෙනුවෙන් යමින් සිටියා......තමා සමග නිතර යහන්ගතවන ප්රෙමිලාවන්ගේ මේ අලංකාර නග්න රූපය දුටු සැනින් ඔහු ඒ දෙස බාලාගෙන සිටියේ බොහෝ උනන්දුවෙන්....."මේ රූපය ඇත්ත ප්රෙමිලා දේවිය වගේමයි , නමුත් මෙහි එකම එක අඩුවක් තියෙනවා.."…….මද වේලාවකින් සිත්තරාගෙන් පින්සල ඉල්ලාගත් ඔහු එම රූපයේ "වම් කලවයේ ඉහළට වන්නට" උපන් ලපයක් ලකුණු කරමින් සිනාසී යන්න ගියා.......

ටික වෙලාවකින් රජු පැමිණ මෙම ජීවමාන ආකාරයේ චිත්රය ගැන සිත්තරාට ප්රශංශා කළත් එහි වම් කලවයේ තිබූ උපන් ලපය දැකීමෙන් එවැනි තැනක තියෙන උපන් ලපයක් දකින්න නම් ඇයගේ නිරුවත් දේහය කිසිවෙකුත් දැක තිබිය යුතුම බව තේරුම් ගත් රජු කෝපයෙන් ඇලලී ගියා.........එය ඇන්දේ දස්කොන් අධිකාරම බව දැනගත් රජු එදිනම සවස දස්කොන් හිස ගසා දමන්න තීරණය කළා..... ඊට කලින් ඔත්තු සේවාවෙන් තමන්ට ලැබුන තොරතුරු සත්ත්ය බව රජුට ප්රත්යක්ෂ වුනා.........ගෙලට වද මල් මාලා දමා, වද බෙර ගසමින් දස්කොන් දංගෙඩියට ගෙන යද්දී ,ඒ ගැන වැලපෙමින් ප්රෙමිලාව මාලිගාවේ උඩු මහල් තලයේ සිට කෑ ගසමින් දස්කොන්ට සිදුවන දේ ගැන විලාප නගන්නට වුනා.....

කොහොම උනත් දස්කොන් චිත්රයේ උපන් ලපය ලකුණු කිරීමෙන් තමයි මේ ආදරය මරණය දක්වා ඉක්මන් ගමනක් ගියේ.... දංගෙඩියට යන අතරත් ප්රෙමිලා අමතන දස්කොන් "සංසාරෙදි අපි නැවත හමුවෙමු ප්රෙමිලා" කියමින් අවසන් ගමන් ගියා......ඒ දුකින්ම ප්‍රෙමිලාවත් සිය දිවි තොර කර ගත්තා...ඒ කාලෙත් ලංකාව "සිය දිවි හානි කර ගැනීම් වල ඉහළින්ම" ඉදල තියෙන්ව.....


වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන් කදුලු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සන්සාරේ……

සෙංකඩ ගල වට කළ පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ සද පානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ….

සක්මන් කරන මලුව පාලුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනෙක නොඑවී
ඉක්මන් ගමන් එපා පා පැටලේවී
දස්කොන් සකිසද මා ඔබේ කුමාරී……

පද ගෙත්තම : රත්න ශ්රී විජේසිංහ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=Wq2lRfTue9I

Comments

Popular Posts