විස හී සරේ පපුවට හෙලා - නුඹ නාටකේ වෙනසක් කලා...

යට ගිය දවස බරණැස් නුවර රජ කල බ්රහ්මදත්ත නම් රජ තුමා දිනක් සත්ත්ව දඩයම පිණිස මහ වනයට වැද හොත්තේය....මහ වන මැදට පිවිසි රජ තෙමේ අසල තිබූ සුන්දර විල අසල මදක් ඉසිඹුලනු පිණිස නැවතුනේය.......ඒ සමයෙහි විල් තෙර දෙසින් පෙනුන මනස්කාන්ත දර්ශණයෙන් ඔද වැඩුනේය........

එනම් මනරම් සඳකිදුරු යුවලෙකි...දුටුවන් සිත් පැහැරගන්නා එම සඳ කිඳුරියගේ රුවෙන් වශීකෘතවූ රජුට ඇය පිළිඹද සිත් පහළවී...ඇය තමන් වෙත නතු කරගනු නියාවෙන් තමා සතුවූ උග්ර විෂ පොවන ලද හීයක් ගෙන ඇය අසල සිටි සඳ කිඳුරාට එල්ල කලේය...එම විෂ හී පහර කෑ සඳකිඳුරා වහා බිම වැදහොත්තේ.....අදහාගත නොහැකි අයුරින් සිදුවූ මේ අවාසනාවන්තවූ සිදුවීම නිසා කිඳුරිය භයින් ත්රස්තව විලාප නගන්නට විය....තම ජීවිතය පුරා රැකගත් කුමර බඹසරයත්, සඳකිඳුරා සමග හාද වීමෙන් පසු රැකි පති වතත් ගැන සත්යා ක්රියා කළ ඇය, ඔහු වහා විපතින් ගලවා දෙන්නැයි දෙවියන්ගෙන් ඇයද සිටියාය...මේ සිද්ධි දාමයෙන් මහත් කම්පනයට පත් බ්රහ්මදත්ත රජු ඇයගේ කන්නලව්වෙන් සංවේගයට පත්ව රාජකීය වෙදුන් ගෙන්වා සඳ කිඳුරා වහා සුවපත් කොට ඔවුන් දෙදෙනාටම ජීවිතාන්තය දක්වාම අභය දානය පුද කළේය.....

බුදුන් පලමුවර කිඹුල්වත වැඩි දින තම මාලිගයේ උඩු මහල් තලයේ කාමරයෙන් පිටතට නොපැමිණි යසොදරාවන් දැකුමට සුදොවුන් රජුත් සමග ඇයගේ සිරි යහන් ගබඩාවට පිවිසි විට මහත්සේ වැලපුන යසෝදරාවන් අස්වැසීමට මෙම චන්දකින්නර ජාතකය උන්වහන්සේ විසින් දෙසා වදාළේය...

කුඩා කල සිටම අසා පුරුදු මෙම චන්දකින්නර ජාතකේ කිදුරියගේ චරිතයට මහත් සේ ඇලුම් කල තරුණියක් දිළිදු පව්ලක තරුණයෙක් හා පෙමින් බැදුනේය.......ප්රේමයෙන් මුසපත්ව සිටි ඇයට ඔහුගේ ආදරයට වඩා වෙන කිසිවක් වුවමනා නොවීය.........."මට ඔයා හිටියම ඇති අනේ......සල්ලි නැතිවුනාට කමක් නැහැ...අපි කාත් කවුරුවත් නැති පලාතක කදු මුදුනක ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ඉමු...අර චන්දකින්නර ජාතකේ කිදුරිය වගේම මම ඔයාට ගොඩාක් ආදරයි..."....

තරුණිය ගැන මහත්සේ විශ්වාසය තැබූ තරුණයා ඇය සමග එක නිවසක වාසයට පැමිණියේය...කාලය ගතවෙද්දී අග හිඟ කම් දිනෙන් දින ඉහල යද්දී තරුණියට තමන් සඳකිඳුරිය වග ටිකෙන් ටික අමතක වන්නට විය.......දැන් තමනට කුඩා දරුවන් කීප දෙනෙක්ද නඩත්තු කරන්නට සිදුවූ බැවින් තරුණයාට වෙහෙස මහන්සිවී මුදල් උඅපයන්නට සිදුවූ නමුත් ඔහුගේ ඉපැයීම් යාංතම් ගෙවන ජීවිතයකටවත් ප්රමාණවත් නොවීය.......ආදරය පලා ගොස් දරිද්රතාවයෙන් පීඩිතව සිටි ඇය දෙස නිතර බැල්ම හෙලන ධනවත් ව්යාපාරිකයෙක් සිටියේය......එකවර සෘජු තීරණයක් ගත් ඇය ස්වාමියා සහ දරුවන්ද හැර දමා ව්යාපාරික තරුණයා සමග යන්නට ගියාය.......

අපි දන්නා චන්දකින්නර ජාතකයේ දුෂ්ටයා විසින් කිඳුරාට විෂ හීසරය එල්ලා කලත් මෙම සිදුවීමේදී කිඳුරාට විෂ හීය එල්ල කලේ කිඳුරිය විසින්මය..........ඔහු සමග එක නිවසක සහවාසයට එන්නට පෙර ඇය කල කී කතා සියල්ලම වතුරේ ගසා ගෙන ගියේය....ඇය සද කිඳුරු ජාතකය වෙනස් කරමින් අලුත්ම එකක් ලිවීය........

 ගෙට එන්න පෙර කල කී කතා
උඩුගං බලා ගියෙදෝ මේදා.....
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කලා..."

ඇය විසින් අත හැර දමා ගියා අත දරුවා සහ අනෙක් දරුවන් දැන් තනිවම රකින්නට සිදුවී ඇත්තේ තනිවූ ඔහුටමය...එය ඔහුට මහගිරිදඹේ නගිනවා තරම් වෙහෙසකි......

අත දරුවො ගෙන මහ ගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කලේ....
කලු කාසියට හදවත් වැසේ
නුඹ සොයන වද බරණැස් පුරේ.....

චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...
නුඹ පෙම් බැදන් මට ලං වුනා.....
පෙම් බැදන් ආ කින්නරාවී
මගෙ ලඟින් ඉද වෙන් වුනා.....

පද ගෙත්තම : උබේනන්ද දිසානයක
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=GG_8g4CKpHA

Comments

Popular Posts