මං අමතකද නුඹ රජවුන අද දවසේ…..

දේවදත්ත නිසා නොමග ගිය අජාසත්ත කියන්නේ බුද්ධ ශසනේ හිටපු "ශ්රද්ධාවන්තම උපාසකයන් අතුරින් අග තැන්පත් පුද්ගලයා"......දේවදත්තගෙ උපදෙස් අනුව කුමන්තණයක් දියත් කරන අජාසත්තට කිසිදු මහන්සියකින් තොරව පියා විසින් රජ කම ලබා දෙන්නෙ නිසඟයෙන්මයි......රජ කම ලබුනට පස්සෙ පියාව සිර භාරයේ තබන ඔහු පියා ඝාතනය කරන්නේ දේවදත්තගෙ උවමනාවට මිසක් තමන්ගෙ උවමනාවට නෙවෙයි....ටික දවසකින් ඔහුට පුතෙක් ලැබෙනව..එයින් මහත් සොම්නසට පත්වෙමින් ඉන්න මොහොතක ඔහුගේ මව කියනව "පුතේ ඔබ ඉපදුන දවසේ ඔබගෙ තාත්තත් ඔබ වගේම සතුටු වු...නා....එක දවසක් ඔබ කුඩා කාලයේ අතේ ඇඟිල්ලක හටගත් සැරව ගෙඩියකින් ඔබ පීඩා විඳිනකොට ඔහු ඔබේ ඒ ඇඟිල්ල තමන්ගෙ කටේ දාගෙන ඔබගේ වේදනාව සමනය කරමින් සිටින කොට ඔබට නින්ද ගියා...ටික වේලාවකින් ඔබේ සැරව ගෙඩිය පුපුරා ගියත් ඔහු ඔබේ ඇඟිල්ල ඉවතට නොගනිමින් ඒ සැරව ගිල දැම්මේ ඔබේ සුව නින්දට බාදා වෙයි කියන හැඟීමෙනුයි......."

මේ කතාව අසන අජාසත්ත වහාම පණිවුඩයක් යවන්නේ ඉක්මනින්ම පියා නිදහස් කරල තමන්ටත් පුතෙක් ලැබුණ කියල පියාට කියන්නයි......දෛවයේ සරදමකට වගේ ඊට මොහොතකට පෙර ඔහුගේ පියා මිය ගොස්........ඔහු ආනත්තරිය පාපයකට හසු වෙනව.....මහා සිත් තැවුලකින් සිටි ඔහුට යම් අස්වැසිල්ලක් වෙන්නේ ඔහුගෙ වෙදැදුරා වුන ජීවකගේ මාර්ගයෙන් බුදුන් හමුවීමෙන් පස්සෙ.....

එක දවසක් බුදුන් හමුවෙලා ආපසු යන්න හැරුන අජාසත්ත දෙස බලමින් බුදුන් ආනන්ද හිමියන්ට කියනව..."බලන්න ආනන්ද, අජාසත්ත කොතරම් ශ්රද්ධාවන්තද ප්ඥ්ඥාවන්තද කියනවනම් ඔහු එදා පියා ඝාතනය නොකර සිටියානම් අද මේ මොහොතේදීම ඔහුට මග පල ලබන්නට තිබුණා...ආනන්තරිය පාප කර්ම එතරම්ම බලවත්.......මරණින් මතු නියතගතිකව අපායම හිමි වෙනව " කියල........

භාරතීය ඉතිහාසයේ සඳහන් වන විධියට අජාසත්තගේ එම පුතා විසින් අජාසත්තවත් ඝාතනය කරනව....ඊට පසු පරම්පරා තුනක් පුරාවට රජවරු පස් දෙනෙක්ම පීතෲ ඝාතකයන් වුනා එක දිගටම....
නිමල් ආනන්ද මහතා කුරුණෑගල දිසාවේ නාගොල්ලාගම දිවි ගෙවමින් අනුරාධපුරයේ රාජ්ය බැංකුවක සේවය කල නිළධාරියෙක්...එක් උදෑසනක ඔහු තම මොටර් රථයෙන් අනුරාධපුරපුර බලා යමින් සිටිය....අතරමග තැනක මිනිසුන් පිරිසක් එක් රොක්වී සිටි නිසා සිදුවී ඇත්තේ කුමක්දැයි කියා බැලීමට සිතූ ඔහු එම ස්ථානයට මදක් කලින් නවතා....එම ස්ථානයේ සිටි මැදි වියේ කෙනෙකුගෙන් ඒ ගැන විමසා සිටිනව........

"මොකද්ද කලබලේ....මොකද වෙලා තියෙන්නෙ ?”

“කියල වැඩක් නැහැ මහත්තයෝ...මේ වගේ දේවල් අහන්න තරම් අපි හරිම අවාසනාවන්තයි......අයියයි මල්ලියි කුඹුරකට ආරවුල් වෙලා.....අයිය මල්ලිට ගහපු පොරෝ පාර ආරවුල බේරන්න මැදට ආපු අම්මට තමයි වැදිල තියෙන්නෙ...අම්ම එතනම මැරිලා....දෙන්නම පොලිසියෙන් අරං ගියා.....දැං මේ අම්මගේ මරණෙ අවසන් කටයුතු කරන්න විධියක් නැහැ.....මොකද මේ පවුලේ බාලය බැඳල නැහැ...මිනිහයි අම්මයි විතරයි මේ ගෙදර හිටියෙ...අයිය බැඳල වෙන්වෙලා හිටියේ...අපි මේ ගමේ කට්ටිය එකතුවෙලා මොනව හරි කරන්නයි හදන්නේ........"

අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසෙ කඳුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට උඹ ඇයි විරසක වෙන්නේ….

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැණිමඩලට අප නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජවුන අද දවසේ…..

ඉරට සැපක් දෝ නියඟය දලු ලෑම
සඳට සැපක් දෝ ඝණදුර පීදීම
නුඹට සැපක් දෝ අපි තනි කර යෑම
වී පෑලකට නඩු හබ ඇයි ගතු කීම…..


පද ගෙත්තම : නාගොල්ලාගම නිමල් ආනන්ද
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=NyUbszR4808

 

Comments

  1. සින්දුව අහල තිබ්බට අදනෙ දැනගත්තෙ රචකය නාගොල්ලාගම කෙනෙක් කියල

    ReplyDelete

Post a Comment

Popular Posts