මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න.....

70 දශකයේ මැද භාගයේ දිනක ගාල්ල නගරයේ විදුහලක උසස් පෙළ ජීව විද්යාව ඉගෙන ගනිමින් සිටි සිසුවෙක් කෙටි කලකට නවතින්න යන්නේ මන්නාරම් කන්යාරාමය අසල ද්රවිඩ නිවසකට...ඔහුගේ නෑයකු සහ එම මන්නාරමේ නිවසේ හිමිකරු රැකියා ස්ථානයේ බොහොම් ලඟ මිතුරන්....උසස් පෙළ විභාගය ලිඛිත පරීක්ෂණය පවත්වා ඉන් සමත් වන අය පමණක් ප්රායෝගික පරීක්ෂන වලට කැදවීමක් තමයි එකල තිබුනේ...ඒ වෙනුවෙන් මාස තුනක් පමණ ගත වුනා.....

නුහුරු නුපුරුදු පරිසරයක් කෙටි කලකට යන මේ සිසුවාට මන්නාරම් කන්යාරාමයේ සිසුවියක් දකින්න ලැබෙනව...ඇය ඔහු සිටි නිවසට යාබද නිවසේ තමයි සිටියේ...සෑම දිනකම උදේ ඇය පාසල් යනවිට මේ තරුණයා ඇය යන මගට යන්නේ ඇය දකින්න...ඇය එතරම්ම ඔහුගේ සිත් ගන්නවා.........

අවාසනාවට ඔහුට දෙමළ භාෂාව කතා කරන්නත් ඇයට සිංහල භාෂාව කතා කරන්නත් දෙදෙනාටම ඉංග්රීසි මැනැවින් හසුරුවා ගන්න බැරි වීමත් නිසා මේ ආදරය සිනාවන්ට සහ අංග චලනයන්ට පමණක් සීමා වුනත් මෙය මේ දෙදෙනාගෙම ජීවිතයේ ප්රථම ප්රේමය.....

නැවතී සිටි නිවසේ තිබුණු පා පැදියකට නගින ඔහු පාසල ඇරී ඇය එන මඟට හැමදාම යන්න පුරුදුවෙලා සිටිය......ඇයත් ඔහු එන තුරු බලාගෙන ඉන්නේ "කිසිදා වදනින් ආදරය ප්රකාශ නොකල එහෙත් තමන්ගේ පළමු පෙම්වතා" එනතුරු......

දන්නෙම නැතුව මාස තුන ගෙවිලා ගියා...දෙන්නම පුලුවන් ලෙසට දන්න ඉංග්රීසියෙන් ටික ටික කතා කරන්න පටන් ගත්ත....

උසස් පෙල ලිඛිත පරීක්ෂණයෙන් ඔහු සමත්වී ඇති බවටත් වහාම ගාලු එන ලෙසටත් ඔහුට නිවසින් විදුලි පුවතක් ලැබුනෙ මේ අතර.......

මෙය ඔහුට මහා දුකක් වුනේ තම පළමු ප්රේමවන්තිය ඉක්මනින්ම හැරදමා යන්න සිදුවෙන නිසා......
එදින රාත්රියේ ඔහු වෙනුවෙන් අන්තිම භෝජන සංග්රහයක් පිළියෙල කළ නිවසේ අය අහල පහළ පිරිසටත් ආරාධනා කළා......අමුත්තන් අතර දෑතේම වලලු පුරවාගෙන කොණ්ඩයේ මල් පළදවාගෙන…… නලලේ කුංකුම අන්ජන තවරා ගෙන පැමිණි යාබද නිවසේ සිටි තම පෙම්වතිය දැකීමෙන් පසු ඔහු තිගැස්සුනා.......
එකිනෙකා දෙස බොහෝ වේලාවක් බලා සිටිමෙන් අනතුරුව ඇය එකවරම මහ හයියෙන් හඬන්න පටන් ගත්තෙ සියලුදෙනාටම කුතුහලයක් ඇති කරමින්....තවදුරටත් ඉවසාගත් නොහැකිවූ ඔහුත් අඩන්න පටන් ගත්ත...

කඳුලු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපං කෙල්ලේ බරද කියාපං......

සිදුවූ දෙය තේරුම් ගත් ඇයගේ මව වහාම ඇයගේ අතින් ඇදගෙන ඔහු දෙස ඔරවා බලා යන්න ගියා .....රාත්රී භෝජන සංග්රහය දියවෙලා ගියා.....

දකුණු ඉන්දියාවේම ද්රාවිඩ භාෂාවන් කිහිපයක් කතා කරන බහුතරයක් අතර ජනප්රිය ග්රන්ථයක් තමයි "තිරුක්කුරල් ග්රන්ථය"….ක්රි. පූ. තුන්වන සියවසේදී පමණ “තිරුවල්ලුර්’ කියන ද්රවිඩ පඩිවරයා විසින් රචිත මේ පොත තුළ පුද්ගල සහ සමාජීය ජීවිතයට වැදගත් බොහෝමයක් දේවල් විස්තර සහිතව අඩංගු වෙනවා....මෙය තුළ ආගමික ස්වරූපයක් නොමැති නිසා සියලුම ආගම් අදහන ද්රාවිඩයන් මේ ග්රන්ථය තමන්ගේ උපදේශාත්මක ග්රන්ථය ලෙස සලකනවා..........එය තුළ කුල භේද,ආගම් භේද,ජාති භේද ඇතුලු සියල්ලම ප්රතික්ශේප කරන අතර සියලුම දෙනා අතර සමානාත්මතාව තිබිය යුතු බවට යෝජනා කරනව.... තිරුක්කුරල් පොතේ එහෙම කියවුනත් ද්රාවිඩයන් අතර ජාති ආගම් කුල භේද උග්රයි.....ගෙවල්වල තියෙන තිරුක්කරල් පොත් වසා දමා දුම් අල්ලමින් සිටියත් එහි අඩංගු හර පද්ධතිය ජීවිතයට ලඟා කර ගන්නේ නැහැ....

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියා ගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න.....

පසුවදා උදේම මන්නාරමෙන් දුම්රියට නැගුන ඔහු ගාල්ල එන විට බොහෝ රෑ වෙලා.......
බොහෝ කාලයක් ඔහුගේ සිත තුළ සිටිය මේ "ශාන්තිනි"...........කවදා හෝ ඇය නැවතත් දකින්න ලැබෙයි කියා ඔහු සිතුවත් "පහන් පැලට ගිනි ඇවිලුනාසේ" 1983 දී යුද්ධය ඇරඹුනා.......ඔහුගේ බලා පොරොත්තු සුන්වුනා....ඊටත් වඩා කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ශාන්තිනි, ගෙදර අයගේ බලකිරීම මත චාර්ල්ස් නම් තරුණ්යෙක් සමග විවාහ වුනා.....යුද්ධයෙන් පසු ඔහු ඇය ගැන සොය බැලුවම ඇය වව්නියාව වව්නියා විදුලි ඉන්ජිනේරු කාර්යාලයේ සේවය කළ බව දැන ගන්න ලැබුන........

එදා 1975 දි ශෝකයෙන් වෙලී සිටින කාළයේ දවසක ඔහු දින පොතේ මෙහෙම ලියුවෙ දුක ටිකක් තුනී කරගන්න....

ශාන්තිනී තෙමා වැටෙයි නලල කුංකුමං
කුංකුමං තෙමා රහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැඟෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං.......

සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ "අස්සු සූත්රයෙදි" බුදුන් කියන්නෙ "මේ අනවරාග්ර සංසාර ගමනේදී ප්රියයන්ගෙන් වෙන්වීම නිසා අප හෙලූ කඳුලු සතර මහා සාගරයේ ජල කදටත් වැඩියි කියල"...........
බෝධි සම්භාර පුරණ කාලයේදී සිටම බුදුන් රැකපු එකම සිල් පදය වුනෙත් "මුසා වාදය".....එහෙම එකේ උන්වහන්සේ කිසිදා අපි වගේ ලාමක පෘථග්ජනයන්ට යහපත් අරමුණින්වත් බොරු කියයි කියල නම් මම හීනෙකින් වත් හිතන්නෙ නැහැ.......

මාගධී භාෂාවෙන් අස්සු කියන්නෙ කඳුලු වලට....

පද ගෙත්තම : රත්න ශ්රී විජේසිංහ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=6tSYq_xXhXY

Comments

Popular Posts