කොයි අතෙ ගිහින් මම මේ සිත හදා ගන්න දෝ……..

සමහර පිරිමි හිටියට නමටම විතරයි පිරිමි...ඉතින් ඒ වගේ පිරිමියෙකුට "නැට්ටුක් කාරියක්" එක්ක ජීවිතේ ගෙවන්න වුනොත් නම් තත්වය ශෝචනීයයි....
මහා වන්ශයේ සදහන් වන "අනුලා දේවිය" ඒ වගේ නැට්ටුක්කාරියක්...ඇයගේ අධික රාගික ජීවිතය නිසා රජවරු ඇමති වරු සහ තවත් අය විසි දෙනෙකුට වඩා පිරිසකට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුනා......ඇයගේ සිත යන පිරිමින් තමන් වෙත ක්ෂූක්ශම අයුරින් නතු කරගත් ඇය තමන්ගේ ආසාව ඉටු කරගෙන කෲර ලෙස ඝාතනය කළා...

මේ වගේ අයට බටහිර ජීව විද්යාවෙදි කියන්නේ Super Female කියල...
...
දඟකාර,කටකාර,ආකර්ශනීය,දකින දකින පිරිමින්ගෙ සිත වසඟ කරවන බිරිදක් ඉන්න බෙලහීන පිරිමියෙක් තමන්ගෙ බිරිදට දිවි දෙවෙනිකොට ආදරය කරනව … හතර වටෙම් ඉන්න පිරිමින් එක්ක අයාලෙ යන මෙම ගැහැනිය, අනෙක් පිරිමින්ගෙන් වෙන් කරල තියාගන්න තරම් කොන්දකුත් ඒ පිරිමියාට නැහැ…ඒ බෙලහීන, දුර්වල පිරිමියාට තමන්ගේ ගැහැනිය නැතුව ඉන්නත් බැහැ....ඇයගෙන් වෙන්වෙන්න හිතන්නෙත් නැහැ..... ඔහුගේ මෙම දුර්වලතාවය ගැන හොදින්ම දන්නා ඇය කිසිම ගානක් නැතුව හිතුන හිතුන පිරිමින් එක්ක යහන් ගත වෙනවා....…..ඔහුට කරන්න තියෙන එකම දෙය තමන්ගෙ “නොන්ජල් කම” ගැන හිතින් දුක් වෙන එක විතරමයි....

ඇය හරියට දිය පිපාසය තියෙන ඕනෑම කෙනෙකුට නිර්ලෝභීව ඇති තරම් ජලය ලබා දෙන මහා ගන්ගාවක් වගේ........එම ගන්ගාවට ජලය පානය කරන්න බහින්න එක තොටු පොලක් වෙනුවට ඔනෑ තරම් තොටු පොලවල් තියෙන "ජනතා සන්තක-විවිධ සේවා" ගන්ගාවක් වගෙ......

"නුඹ මට ගඟක් උනා,
නුබෙ සිත පින් තොටක් ලෙසින් රකින්නට උනා
මගෙ නෙත වසන් උනා ………………………….
දිය පවස තිබුන හැමටම නුඹ පැන් තොටක් උනා………"

ඇය හරියට තමන් වෙතට එන ඕනෑම බමරෙකුට ඕනෑමම මොහොතක නිර්ලෝභීව සහ කොන්දේසි විරහිතව රොන් ලබා දෙන මලක් වගේ..........

'නුඹ මට මලක් උනා
නුඹෙ සිත රන් මලක් ලෙසින් රකින්නට උනා……
මල් සුවදට පෙමිනා…….
ආ බඹර උකුලු මොකුලෙන් නුඹෙ හිත වෙනස් උනා..."

ඇයගෙ මෙම ජීවන රටාව නවත්වන්න උත්සාහ කරන එක හරියට මල් සුවද ඉනි වැටක් ගහල නවතන්න හදනව වගේ නිරර්ථක උත්සාහයක්......
ගසක් වෙත හමා එන සුලග බැනැල එලවන්න හදනව වගේ නිරර්ථක උත්සාහයක්......
මහා සැඩ පහර එක්ක ගලන ගන්ගාවක් කුඩා මිනිසෙකුගේ අත් දෙකෙන් නවතන්න හදනව වගේ නිරර්ථක උත්සාහයක්......

දහ අතෙ දුවන මල් සුවදට වැට බදින්න දෝ……..
ගහ වටෙ නටන මද සුලගට බැන වදින්න දෝ……
ගඟ ගලා බසින දා දොතින් රදා ගන්න දෝ……
කොයි අතෙ ගිහින් මම මේ සිත හදා ගන්න දෝ……..

රොහාන් ශාන්ත බුලේගොඩ ගයන මේ ගීතය කාගෙ උනත් ලස්සන නිර්මානයක්......
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=cckJ_obHE6A

 

Comments

Popular Posts