මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...30.04.2018


පිළිකා සෛල ශරීරයේ හටගත්තට පස්සේ කොහෙන් ඉස්මතුවෙනවද කියල කිසිවෙකුටත් කියන්න බෑ...ඒවා ඒ තරමටම ආක්රමණකාරී සහ බිහිසුණුයි.....
විකිරණ ඇල්ලීමෙන් පස්සේ උකුලේ ඇතුලත අස්ථිවල තිබුණ ගෙඩ් තාවකාලිකව යටපත් වුනා...ඒත් දැන් ඒ පිළිකා සෛල බෙල්ලෙන් මතු වෙනව.....දැනටමත් ඉතා වෙගයෙන් බෙල්ලේ කනට පහළින් ගෙඩියක් වර්ධනය වෙනව.....මේ පාර ලේසි වෙන්නේ නැත්තේ මොලයට පැතිරෙන්න ඉතාම පහසු නිසා සහ වේගවත් නිසා......ජීවිතේ ඔහොම තමයි.....
ටිකෙන් ටික වේදනාව දවස ගානෙ වැඩිවෙනවා....
ඒක අමතක වෙන්නත් එක්ක තමයි කළාල සාදය පැවැත්වුවේ....දුක් වෙලා වැඩක් නෑනේ.....
මගේ පූර්ණ කාලීන වෛද්යවරයා සති කීපයකට බ්රිතාන්යට ගිය නිසා ඔහුගෙන් e-mail එකකින් උපදෙසක් පැතුවම ඉතා ඉක්මනින් වි.වෛ.බලවර්ධන මහතාට පෙන්වන්න කිව්වා....
හෙට හවස තමයි appointment එක....
මම නවතින්නම්.....!

Comments

Popular Posts