මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ.....02.04.2018

මම හුදෙකලා මිනිසා කියල කියනවට බොහෝ දෙනෙක් අකමැතිවු නිසා මාතෘකාව වෙනස් කළා...ඒත් අපි හැමෝම මේ අනවරාග්ර සංසාරය තුළ ඇත්තටම තනිවෙලා ඉන්න බව නම් අවසන් මොහොතේදී හැමෝටම දැනේවි....මම ඒ ගැන වැඩිය දේ නොකියා ඒ අත්දැකීම ඔබටම බාර කරල නිහඬ වෙනව....
2011 වසරේ මැද භාගයේ දවසක, තායි "සිල්මාතා කායිව්" පොත කියවීමෙන් පස්සේ කරාපිටියෙ කලණ මිතුරැ සංසදයේ අය , ඒ පොත පරිවර්තනය කළ බුද්ධංගල ආනන්ද හිමියන් ධර්ම දේශණාවක් වෙනුවෙන් කරාපිටියේ රෝහල ඉදිරිපිට පන්සලට කැඳෙ...ව්වා...
උන්වහන්සේ කළිං දවසේ අම්පාරෙ ඉඳං කල්වේලා ඇතුවම වැඩිය නිසා ආවතේව කටයුතු වලින් කොටසක් මටත් පැවරැනා....ටික වෙලාවක් යද්දී, ආනන්ද හිමි මමත් එක්ක බොහොම සූහද වුණා...
එහි ප්රථිඵලයක් ලෙස මමත්, තවත් වයස 75 ඉක්මවූ වැඩිහිටියන් පස් දෙනෙකුත් දවස් කීපයක් නැවතිලා භාවනා කරන්න හිතාගෙන අම්පාරෙ බුද්ධංගල ආරාමයට ගියේ 2012 ජනවාරියෙ...ආනන්ද හිමි අපිව සතුටින් පිළිගෙන නවතින්න පහසුකම් සැළසුවා....
ගියපු අනෙක් පස් දෙනාම භාවනාව කෙසේවෙතත් "කට කපල" නිදියන එක නං කළ නිසා , ආනන්ද හිමිගෙ අවධානය යොමුවුනේ ඇත්තටම මට පමණයි.....උන් වහන්සේ සමඟ දින කීපයක් ඉතා ලඟින් ඇසුරැ කරන්න මට හැකිවුණා......
පළමු දින සවසම බුදුන්ගේ සහ සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් ඉතා හොඳින් බලා ගන්න අපිට හැකිවුණා....මේ තිදෙනාගේම ධාතු එකතැනක තැන්පත් කරඇති දුර්ලභ ස්ථානය තමයි බුද්ධංගල....කැණීම්වලදී ඒවා බහා තබාතිබී සොයාගත් මංජුසා තුන පවා එහි තවමත් තිබෙනව.....
දෙවෙනි දවසේ සවස, ආනන්ද හිමිගේ කුටියට ගිය මම, උන්වහන්සෙගේ පොත් ගුල බලන ගමං නිකමට ඇහුව.."ස්වාමීන් වහන්ස,ජේෂ්ඨ හමුදා නිළධාරියෙක්වුණ ඔබ ඇයි පැවිදි වුණේ ? " කියල...
"අපි හමුදාවේ ඉන්නතාක් කළේ මිනිස්සු වනසන්න plan හදපු එක තමයි පුතා....ආපහු හැරිල බැලුවම ඉතිරි වෙලා තියෙන්නේ පසුතැවීමක් පමණයි" .....ඒ උන්වහන්සේගේ අවංක පිළිතුර.....
88/89 භීෂණ සමයේ ඔහු වරක් දකුණු පළාත භාර යුධ හමුදා ආඥාපති වගේම ඉන්පසු පුනරැත්ථාපන කොමසාරිස් ලෙසත් කටයුතු කළා...ඒ කාල වලදී , මේජර් ජනරාල් ආනන්ද වීරසේකර මහතාට තියෙන සමහර චෝදනා නම් ප්රසන්න ඒවා නෙවෙයි....
එතුමාගේ වටිනාකම ඒ සියල්ලක්ම පිළිගෙන තමං ගැන ස්වයං විවේචනයක් කරන්න හැකිවීම....ඒ කාලේ වෙනකොට උන්වහන්සේ අම්පාරේ පැරණි පුරාවිද්යාත්මක භූමියක් පරිස්සමින් හෙලි පෙහෙලි කරමින් මෙහෙණි ආරාමයක් ගොඩනගමින් තමයි සිටියේ...එතනට මාවත් කැටුව යන්න ආනන්ද හිමි අමතක කළේ නෑ...
අංගුලිමාල රහත් වුණා නම් ආනන්ද වීරසේකරට බැරි වෙන්න බෑ...සුනිල් පෙරේරට බැරිවෙන්නත් බෑ.....මොකද බුදුරදුන් ඉතා පැහැදිළිව රතන සූත්රයෙදි කියනව, පංච ආනත්තරිය පාප කර්ම සහ නියත මිත්යා දෘෂ්ඨිය නොකළ ඕනෑම සත්ත්වයෙකුට නිවන අහිමි නොවන බව....
ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට දීර්ගායු වේවා !



 

Comments

Popular Posts