ගුජරාටයට ගෑටුවෙමි - 02 කොටස


M.K.ගාන්ධි එහෙම නැතිනම් මෝහන්දාස් කර්මචන්ඩ් ගාන්ධි කියන්නේ ඉන්දියාවේ පියා කියල තමයි බොහෝ දෙනෙක් හදුන්වන්නේ.....ඒත් ඔහු ජාතියේ මහා ද්රෝහියා ලෙස හදුන්වන පිරිසකුත් සිටිනවා....ද හින්දු රාශ්ඨ පත්රයේ කතුවරයාවුනු නතුරාම් විනයාක් ගෝඩ්සේ තමයි තමයි ඔවුන් අතරින් ප්රධානියා වුනේ....ඔහු තම මතවාදය වෙනුවෙන් කොතරම් කැපවුනාද කියනව නම් ගාන්ධි වෙඩිතබා ඝාතනය කර තම ජීවිතය මරණ දන්ඩණය වෙනුවෙන් කැප කරන්න තරම් ඔහු සෘජු මිනිසෙක් වුනා....
ගාන්ධි ඉපදුනේ ගුජරාටයේ....ඉන්දියානු ම...ූළික අධ්යාපනයෙන් පස්සේ එන්ගලන්තයේ ලන්ඩන් සරසවියෙන් ඔහු වැඩිදුර අධ්යාපනය ලැබුවා..... එඩ්වින් ආනෝල්ඩ් ලියපු "The Light of Asia" කියන පොතෙන් තමයි ගාන්ධි බුදුරදුන් ගැන දැනගන්නේ..ඔහුට ඒ පොත කියවන ලැබෙන්නේ ලන්ඩනයෙදි....මේ පොත කියවීමත් සමගම ඔහු බුදුරදුන් අනුකරණය කරන්න සිතාගන්නව...හැම වෙලේම තමනුත් බුදුරදුනුත් එකම මෙහෙවරක් වෙනුවෙන් කැපවුන අය බව ඒත්තු ගන්වන්න ඔහු උත්සාහ කරනව..බුදු දහම ඉන්දියාවෙන් තුරන්වෙලා සියවස් ගනනාවක් ගිහින් නිසා හින්දූන් මේ ගාන්ධිගේ රගපෑම හිස් මුදුනින් පිළිගන්නවා....
වරක් කල්කටාවේ පැවැති හින්දූන්ගේ වාර්ෂික මහා සම්මේළනයේදි ගාන්ධි සහ අනගාරික ධර්මපාල යන දෙදෙනාටම ආරාධිතයන් ලෙස ආරාධනා කරනවා..මෙහිදී මුලින් කථාව පවත්වන්නේ ගාන්ධි...ඔහු කියනවා තමන් ඉන්දියානුව්කු වුවත් තම රටේ උපන් කෙනෙකුවූ බුදුරදුන් ගැන දැන ගත්තේ එන්ගලන්තයේ සුද්දෙකුගෙන් කියලා...මේ කතාවෙන් පස්සේ සභාව අමතන ධර්මපාල තුමා ,ගාන්ධි නිර්දය ලෙස විචාරයට ලක් කරමින් කියනව තම රටේ උපන් බුදුන් ගැන සුද්දෙකුගෙන් ලන්ඩනයේදී දැනගන්නට ලැබීම ගැන ඔහු ලැජ්ජා විය යුතුයි කියලා....
සබර්මතී ආශ්රමය කියන්නේ ගාන්ධිගෙ නිල නිවස...ගාන්ධිගෙ ජීවිතෙන් බොහෙ කාලයක් ගෙවුනේ ගුජරාටයේ සබර්මතී ගග අසබඩ තියෙන මේ "සබර්මතී ආශ්රමයේදි:. සබර්මතී ගන්ගාව නරෙන්ද්ර මෝදි ගුජරාටයේ මහ ඇමති කාලයේ "පවිත්ර ගන්ගා ව්යාපෘතිය" යටතේ ඉතා මැනවින් පිරිසිදු කරල තියෙනවා.....
මේක ආශ්රමයක් කිව්වට ගාන්ධි තමන්ගෙ ලාබාල අනුගාමිකාවන් සමග අයතා සම්බන්ධතා බොහෝමයක් මෙහිදී ප්රසිද්ධියේ පැවුත්වූ බවට ඔහුගේ විරුද්ධවාදීන් චෝදනා කළා.. මේ හෙතුව නිසාම ඔහුගේ බිරිද සහ දරුවන් ඔහු සමග උරණවෙලයි හිට්යේ...ගාන්ධි තම බිරිද ඇතුළු අනෙකුත් පවුලේ සමීපතමයන්ට සබර්මතී ආශ්රම භූමියට ඇතුළුවීම තහනම් කරලයි තිබුනේ........එහෙම බැලුවම නම් ඔහු තමන් බුදුන්ට සමානයි කියන්න හදපු එකම වන්චාවක්.....කොහොමවුනත අවසන් කාලයෙත් ඔහු යන හැම තැනම තමන්ගේ තරුණ අනුගාමිකාවන් පිරිවරාගෙන ගමන් කිරීම ගාන්ධිට අරුමයක් වුනේ නැහ....දිල්ලියේදී ඔහුට වෙඩි තබා ඝාතනය කරනවිටත් ඔහු තම ආශ්රමයේ පූර්ණකාලීනව නැවතී සිටි තරුණ අනුගාමික කාන්තාන්වන් සමග තමයි සිටියේ....
(මතු සම්බන්ධයි )
 

Comments

Popular Posts