කුමාරදාස සපුතන්ත්‍රී

කුමාරදාස සපුතන්ත්‍රී කියන්නේ මම බොහොම කැමති වගේම ඉතාම ගරු කරන කලා කරුවෙක්....මාතර පාලටුව ගමේදී උපත ලබන ඔහුගේ කුඩා කාලය ගෙවෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවලදී ..... ඔහුගේ නිර්මාණ තුළ මුහුදුබඩ පරිසරයට සම්බන්ධදේ වගේම රටේ ඇතුලු ගම්මානවල කතන්දරත් ඊට වඩා ගොඩාක් ලියැවිලා තියෙනව කිව්වොත් නිවැරදියි....
මම ඔහුට ගරු කරන්න ප්‍රධානම හේතුව තමයි,ඔහුගේ නිර්මාණ අස්සේ සැගවී තියෙන බෞද්ධ දර්ශණය වගේම කලාත්මක බව...ඔහුගේ විරහ ගීතයක් තුළ වුනත් කිසි දවසක පෙම්වතියට වෛර කරන්නේ නෑ....විරහව උපේක්ශාවෙන් විඳ දරා ගැනීමක් තමයි තියෙනේ......අනෙක මගේ අත්තම්ම...ත් "සපුතන්ත්‍රී"..
මම අහපු පුදුමාකාර ශ්රද්ධාවක් හිතට දැනෙන මනරම් ,නිරාමිස බුදුගුණ ගීය තමයි ඔහු ලියූ...නිදුකානනේ ගීතය...සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ "ඕඝ තරණ" සූත්‍රයෙදි තමයි එක්තරා දේවතාවෙක් බුදුන්ට "නිදුකානනේ" කියල අමතන්නේ........හදේ කොතැනක හෝ ඉඳී ඔබ,මලක් වෙලා ඔබ පිපෙන්න,පිලේ පහන නිව්වා මං,රෝස කුසුමක් පිපී,නෙතේ කඳුලු පිස දමන්න,මාරම්බරී,ඔබ මට තරුවකි,සිනා පිපෙනා මේ වසන්තය,මලින් මලට ඉගිලුනාට,රන් මලක් ලෙස දෙව් බඹුන්,සයුරක් නොදුටු ගඟුලක්...,ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්,අද ඉපදුන නැවුම් ලොවට සිවු දෙවියනි වරම් දෙන්න,සීතල පිනි බින්දු බින්දු රෑ තරු මත රැන්දු රැන්දු,ඉස්සර මං ගිය පාසල ඇරිලා,සොයා පිලිසරණක් ලොවෙන් මා,මේ ප්‍රේම් සීමා මාලකේ තනිවී,රුවන් තාරකා නුවන් පායලා,එපා සඳේ ඔබේ සිනා මේ රැයේ,දොඹ මලින් මලෙක රේණු සැලෙන,මිනිසා සුවඳයි මලසේ,සාගරේ පරදා,මිදුලේ වැලි මාලිගාවේ,අකුරු මැකී නෑ කොල ගැලවී නෑ,දුකම විඳින්නට දුක උහුලන්නට දුකින් උපන් දරුවෝ,දසිස් දිනා රුපු රජුන් නසා,පාට දේදුනු සේදිලා,මේ තනි යහනේ,නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ,සන්තාප මාවතේ,මාලතී වසන්තේ,හංස රාජිනී සේ,කොහේ යන්නද කොහේ ඉන්නද ඔබත් ඇසුවා මගෙන්,චන්ද්‍ර මඩල බැද්ද වටෙන් මෝදු වෙලා,....වැනි මෙකී නොකී මනරම් ගීත ඔහු අතින් ලියැවුනා....
අවර ඝණයේ ලාමක ඕලාරික සින්දු ඇහෙන මේ කාලයේ ඔහුගේ සියුම් ආනන්දයෙන් පිරුනු ගීත කොතරම් සුන්දරද ?
ඒ සොඳුරු නිහඬ කලා කරුවාට දීර්ඝායුෂ වේවා.....!
----- චාමර වන්නිආරච්චි ------

 

Comments

Popular Posts