ඌරු ගුහාව.........


මෙ තියෙන්නේ ලෝකයේ තවත් සුවිශේෂී තැනක්..........
බිහාර් ප්‍රන්න්තයේ "රාජ් ගීර්" හි ගිජ්ජ කූඨ පර්වතයේ ඉහල කොටසේ තියෙන "සූඛර කථ" ලෙන.......
...
ගිජ්ජ කූඨ කියන නම එයට ලැබුනෙ එම පර්වතය ගිජු ලිහිණියකුගේ හැඩය ගත් නිසා.........ගිජු ලිහිණියෝ ඉන්දියානු උප මහාද්වීප කලාපයේ සහ තිබ්බතයේ සුලභව හමුවෙනව.........
සූඛර කථ කියන්නේ "ඌරන් විසින් කරන(හාරන) ලද" කියන අදහස........
ඉතිං මේ ගිජ්ජ කූඨයේ තියෙන ඌරො හාරපු ගුහාවේ තමයි බුද්ධ ශාසනයේ දෙවෙනියා වුන "සැරියුත්" හිමියන්ගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගත කලේ..........
මියන්මාර සහ තායි බෞද්ධයෝ මෙහි රන් ස්ටිකර් ආලේප කරනව...
ප්රඥ්ඥාවෙන් බුදුන්ට පමණක් දෙවෙනිවූ සැරියුත් හිමියන් විසින් තමයි බුද්ධ දේශණාවන් විස්තීර්ණව ලෝකයට ඉදිරිපත් කලේ...ඒවා තමයි බුද්ධ ශාසනයේ හතර වෙනියා වුන "මහා කාශ්යප හිමි" විසින් පළමු ධර්ම සංඝායනාවෙදි මනාකොට සකස් කලේ....එසේ සංඝායනා කල ධර්මය තමයි වසර දෙදහස් හයසියයකට පසුත් අපිට උරුම වුණේ..........
සමහර "ගෘහස්ථ පණ්ඩිතයෝ" නම් කියන්නේ නිවැරදි පිරිසිදු බුද්ධ වචනය විනාශ වෙලා දැන් තියෙන්නේ බමුණො විසින් ලියපු එකක් කියල...ඒ ඉතින් ඒ පඬියන්ගේ "නොදන්නාකම" තමයි.....
තවත් සමහර පඩියෝ කියන්නේ බුදුන් ලක්දිව ඉපදුනා කියලා...ඒව "ජාතික මට්ටමේ විහිලු"(National Level Jokes)........
ඔනේම කෙනෙක් අදටත් ත්රිපිටකය පිලිවෙලින් පිරිසිදුව හදාරනව නම් පිරිසිදු බුද්ධ වචනය එහි අන්තර්ගත බව සක් සුදක් සේ වැටහෙනව.....හැබැයි ඉතින් අටුවා ටීකා ටිප්පණි ගැට පදවල නම් විකෘතිතාවයන් තිබෙනව.....
ත්රිපිටකයේ ධර්මය පිරිසිඳුවට තිබේ නම් අද රහතුන් නැත්තේ ඇයි කියල තමයි මේ පඬියෝ අහන්නේ........
රහතුන් නැත්තේ ධර්මයේ ගැටලුවක් නිසා නෙමෙයි එම ධර්මය තේරුම් ගන්න තරම් ප්රඥ්ඥාවන්ත පිරිසක් නැතිවීම.......බටහිර "රේඛීය අධ්යාපනයෙන්"(Linear Education) මොලය හැදුනු වර්තමාන පරපුරට පටිච්ඡ සමුප්පාදය වගේ "චක්රීය සිද්ධාන්ත" තේරුම් ගන්න අපහසුයි...........සත් තිස් බෝධි පාක්ෂික ධර්මවලත් තියෙන්නේ "රේඛීය සම්බන්ධයක්" නෙමෙයි...."එකෙනෙක අතර අන්යොන්ය අන්තර් සම්බන්ධයක්".....ඒක හරියට බටහිර උසස් ගණිතයේ (Higher Mathematics) එන "න්යාස" හෙවත් Matrix ගුණිතයක් වගේ....
Epistomology හෙවත් දර්ශණයේ (Philosophy ) එන "ඥාණ විභාගය" කියන ක්ර්මවේදය මුලින්ම ලිඛිත ඉතිහාසයේ කියැවෙන්නේ සූත්ර පිටකයේ දීඝ නිකායේ සැරියුත් හිමියන් විසින් දේශිත "දසුත්තර සූත්රයේදී"....ඊට ගොඩාක් පස්සේ තමයි බටහිර දර්ශණයට ඥාණ විභාගය එකතු වුනේ......
බුදුන්ට පමණක් දෙවෙනිවූ සැරියුත් හිමි කියන්නේ එවකට භාරතයේ නාලන්දාවේ සිටි ධනවත්ම බමුණු පව්ලක වැඩි මහල් පුතා.....මහේෂ් අම්බානි,ටරන්ට් ටාටා,ආදිත්ය බිරලා,ශාරුක් ඛාන්ට තියෙන ධනවත්කම දැක්කම එකල සැරියුත් හිමිට කොපමණ ධනයක් තිබුණද කියල අනුමාන කරන්න පුලුවන්............එහෙම කෙනෙක් වසර තිහකටත් වඩා කාලයක් ඌරන් හාරපු ගුහාවක නිරාමිස ජීවිතයක් ගෙවද්දී වර්තමානයේ අපේ "රෙඩි මේඩ් බුදුවරු සහ රහතුන්" ගෙවන ජීවිත දැක්කම දෙකොනෙන්ම හිනා යනව........
කෘතිම රැස් වලලු සහ රන්වන් පැහැ චීවර දරාගෙන ධර්මාසනය වටේ බල්බ් වැල් දමාගෙන තමන් බුදුවෙලා රහත් වෙලා කිය කිය ජනමාධ්යවල පිනුම් ගසන "චීවර ධාරීන්" පස්සේ යන අනුගාමිකයොත් ඉන්නෙ ඊටත් වඩා මෝහයෙන් මුලා වෙලා.........
-----චාමර හිමන්ත වන්නිආරච්චි-----

 

Comments

Popular Posts