අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි පෙරෙන්නේ.......

ගාලු පාරේ කොලඹ ඉඳල අලුත්ගම දක්වා ඔබ එක වරක් හෝ ගමන් කර ඇති...අඩුම තරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේවත්.......වාද්දුව ඉඳං බේරුවල වෙනකල් වෙරළේ තියෙන පොල් ගස් වල ගැට ගහල තියෙන "අතුර" ඔබ දැක ඇති......

1937 දවසක වාද්දුව තල්පිටියේ දිළිඳු පවුලක බාලයා ලෙස පිරිමි දරුවෙක් උපදිනව....ඔහුගේ පියාගේ ජීවන උපාය වුනේ පොල් මල් මැදීම හෙවත් මධ්යසාර නිස්සාරණය....උදේ පාන්දරින්ම තම "බිහිසුණු,මාරාන්තික" රස්සාවට මේ පියා යන්නේ ඔහු "සර්කස්" වලට කැමති නිසා වත් ,බුදුන්ට,මුගලන් හිමියන්ට,පිඩෝලභාරද්වාජ හිමියන්ට වගේ අහසින් ගොස් ප්රාතිහාර්ය පාන්න තියෙන හැකියාව උරගා බලන්නත් නොවෙයි....තමන්ගේ දරු පවුල රකින්න...... තමන්ගේ බාල දරුවා ඉපදී නොබෝ කලකින්ම මේ දිළිඳු පියා අතුරේ ඉහළ ලණුව කැඩිල බිම ඇදවැටිල මියයන්නේ ඔහුගේ දරු පව්ලම අසරණ කරමින්......ඒත් ඔවුන්ගේ මව දිරිය කාන්තාවක්....පියාගෙන් හිස්වුන අඩුව පුරවන්න ඇය බිහිසුණු වගකීමක් අතට ගන්නව....ඇය තම මියගිය ස්වාමියාගේ රැකියාව එතැන් සිට අරඹනව...ඇය අභිසාරිවක් වෙන්න හිතන්නේ නැහැ දරු පවුල රකින්න.......
කාලයාගේ ඇවෑමෙන් මේ කුඩා දරුවා පානදුරේ සාන්ත ජෝන් විදුහලටත් ඉන්පසු සුමංගල විදුහලටත් ඇතුලු කරන්නේ තමන්ගේ අම්මා බොහෝ දුෂ්කරතාවන් මැද්දේ......කුඩා කාලයේ සිටම බටනලා වාදනයට මේ දරුවා දක්ෂ වෙන්නේ ඔහුට මිලදී ගන්න පුලුවන් වුන එකම සංගීත භාණ්ඩය එය පමණක් වූ නිසාමයි.....ඉගෙන ගන්න සල්ලි නැතිවුනාම ඔහු කරන්නේ හවස් වරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වලට නැගල බටනලා වාදනය කරල කීයක් හරි හොයාගන්න එක.....ඔහු හැකි පමණින් ගෙදර වියදමටත් උදවු කරන්නේ අම්ම අතුරෙ රස්සාවෙන් දුක් විඳිනව බලාඉන්න බැරි නිසා.....එක දවසක් හැන්දෑවෙ ඔහු කුඩා නිවස ඉදිරියේ පොල් ගසක නැමුනු බඳ උඩ ඉඳගෙන බටනලාව වාදනය කරනකොට ඔහුගේ ලොකු අයියා එතනට එනවා......

"මල කරච්චලයක් ඕයි තමුසෙ නම්...මෙහෙ දෙනව ඕක මම හොඳ වැඩක් කරන්න...."
තම මල්ලීගේ බටනලාව උදුරා ගන්නා ඔහු එය රැගෙන ගොස් ලිපේ දමා පුලුස්සා දමනව....
කාලය ගතවෙලා ඔහු දක්ෂ බටනලා වාදකයෙක් වෙනව...පත්තරේ තිබුණ දැන්වීමක් දකින මේ පාසල් සිසුවා ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ බටනලා වාදක තනතුරට ඉල්ලුම් කරනව.....සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙත් ඔහු කණිෂ්ඨ විභාගය(OL) ලියන දවසෙම තමයි..."හරි වැඩේ දැං මම මොකද කරන්නේ....? ".....ඔහු වේලාසනින් විභාගය ලියා අවසන් කර ඉක්මනින් දුම්රියයක නැගී ගුවන්විදුලියට යනව...ඔහු පාස්.....
පසු කාලයේ අපේ රටේ අති දක්ෂම පෙරළිකාර සංගීතවේදියා වන ඔහු තමන් එම තැනට ගෙනා බටනලාව වගේම තමන්ගේ මුල අමතක කරන්නෙත් නැහැ....ගොලු හදවත සිනමාවේ පසුබිම් හඬ ලෙස ශෝකී බටනලාව වාදනය කරන්නෙත් ඔහු විසින්මයි........

ඔහු මේ රටේ පිළිගත් කෙනෙක් බවට පත් වුනාට පසු දිනෙක මොණරාගල තිබුණ සංගීත වැඩසටහනකට යනවා...එදින රාත්රියේ ඔහු නවතින්නේ මොණරාගල ප්රභූවරයෙකුගෙ ගෙදර.......
රාත්රියේ ප්රථම යාමයෙදි ඔහුට මනරම් බටනලා වාදනයක් ඇහෙනව.....

"ෂාහ්...මාර දක්ෂයෙක්නේ...ඒ කොහෙන්ද ඇහෙන්නේ...? "
"අතන ඉස්කෝලෙ අලුත් බිල්ඩිමක් හදනව මාස්ටර්...එතන මේසන්ලට උදව් කරන සියඹලාණ්ඩුව පැත්තෙ කොල්ලෙක් හැමදාම රෑට බටනලා පිඹිනව...ගෙවල් දුර නිසා මිනිහ එතන සයිට් එකේ තියෙන මඩුවෙම තමයි නැවතිලා ඉන්නේ මාස්ටර්....."
"මට මිනිහව දැන් හමුවෙන්න ඕන..ඔයාට පුලුවන්ද මා එක්ක එතනට යන්න...?"
"යමු මාස්ටර්..."

ඔහුට තමන්ගේ ජීවිතයේ දුෂ්කර මුල් කාලය ගෙවූ හැටි මතක් වෙනවා...ඒ කාලේ ඔහුගෙ තනියට හිටියේ බටනලාව විතරමයි...
ඔහු අර සියඹලාණ්ඩුවේ තරුණයා කොලඹ අරං එනවා......
පස්සේ කාලෙක නන්දා මාලිනියට "ඔබයි රම්ය සඳ කිරණ ගීතයට" තනුව හදපු ඔහු හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන හෙවත් H.M.ජයවර්ධන.....කසුන් කල්හාරගෙ පියා.....මාලිනී බුලත්සිංහලගේ ස්වාමියා....ඔහු එතැනට ගෙන ආවේ පසු කලෙක රුහුණු සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ වාද්දුව තල්පිටියේ උපන් ප්රේමසිරි කේමදාසයන්.....

බේරුවල වලතර ගමේ උපදින කුමාරදාස සපුතන්ත්රී නම් සොඳුරු මිනිසාට මේ "අතුරේ රස්සාව" ගැන හොඳ අත්දැකීම් තියෙන්නේ කුඩා කලෙ ඉඳලමයි...ඒ රස්සාව කරන ඔහුගෙ ගමේ මිනිස්සු විඳින දුක ගැනත් නිතර අසන්නට ලැබෙන මාරක "අතුරු අනතුරු" ගැනත් ඔහුට හට ගන්නේ මහා සංවේගයක්......මේ ගැන ඔහු මෙහෙම හිත හිතා ඉන්නව...."අනේ මේ මිනිස්සු මේ අති භයානක රැකියාව කරන්නේ උඩ සක්මන් කරන්න තියෙන ලාමක ආසාවකට නෙවෙයිනේ....තමන්ගෙ පවුල නඩත්තු කරන්න...ඒ වෙනුවෙන් ඔවුන් කොපමණ දුකක් විදිනවද"......කේමදාසයන්ගේ කුඩා කාලයේ ඔහුගෙ පියා අහිමිවුන සිද්ධිය දැන ගන්නා ඔහුට තවදුරටත් ඉවසා දරා ගන්න බැරිවෙනවා....ඔහු වේගයෙන් ලියාගෙන ලියාගෙන ගිහිං අවසානයේ දිගු සුසුමක් හෙලනව...

" හ්ම්......"

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි පෙරෙන්නේ

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරි සරන්නේ
නැති බැරි කමයි උඩු හුළගේ ලණු දෙපොටින් වැනෙන්නේ
සෞදිය පුරන මහ පොළොවට අපි දහදිය හෙලන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවෙම්
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙම්...



පද ගෙත්තම : කුමාරදාස සපුතන්ත්රී
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=ve1e78OTHMY


Comments

Popular Posts