ගංඟාවේ ගීතය - 01 කොටස


මේ තියෙන්න සුශේෂී තැනක්.......
දකුණු දිග හිමාලයේ 3982m ඉහලින් පිහිටි "ගංගෝත්රී"ග්ලැසියරය.....
...
හින්දූන්ගේ පූජනීය ගංඟා නම් ගඟ ඇරඹෙන්නේ මෙතනින්......
ගවයකුගේ මුඛයේ හැඩයට පිහිටි "ගෝ මුක්" කියන තැන තමයි ගඟේ ආරම්භක ස්ථානය.....
මෙහෙම ඇරඹෙන "ගංඟා" ඉතා සුකුමාලව ගලා ගොස් "සතෝඵනාථ්" ග්ලැසියරයෙන් ඇරඹෙන ඇයගේ පලමු අතු ගංගාව හමුවලා ටිකක් සරැවට ගමන අරඹනව....
ටික දුරක ගොස් "බදිර්නාථය" පසු කරද්දී සුකුමාල බව ටිකෙන් ටික අඩුවෙලා "කෙදිර්නාථයෙදි" විවාහක කාන්තාවක් වගේ සැඩ පරැෂ වෙනව....
ගංගෝත්රිය,සතෝපනාථය,බදිර්නාථය,කෙදිර්නාථය යන සියල්ලක්ම හින්දූන්ගේ ශුද්ධ භූමින් නිසා ඔවුන් කොතරම් අපහසුතා මැද්දෙ උනත් මෙම තැන් වල කෝවිල් ඉදි කර දිවි දෙවෙනි කොට ඒවායේ වන්දනා ගමන් යනව.....
ගංගෝත්රිය සහ සතෝපනාථ ග්ලැසියර වලට යනව කියන්නේ මාරාන්තික ගමනක්...... නමුත් ඔවුන්ගේ ආගමික භක්තිය කෙසේද කියතොත් සියලු දුෂ්කරතා අමතක කරනව.....
ගංගෝත්රියේ ආරම්භක "ශුද්ධවූ ජලයට" ලෙඩ සුව කිරීම් ඇතුලු තවත් බොහෝ හාස්කම් සිදුකල හැකි බවයි හින්දූන්ගේ විශ්වාසය.....

(මතු සම්බන්ධයි)

 

Comments

Popular Posts