සුන්දර මිනිසුන්.....

ස්ටැන්ලි පීරිස් සංගීතය හදපු කුරැටු ගෑ ගී පොතේ,සිතින් මා නොසැලී,පෙරදා මහරෑ වගේම සරත් දසනායක හදපු රැවල් ඉරී ගිය නෞකාවේ,සඳ එළිය ගඟක්වී වගේම එච්.එම්.ජයවර්ධන හදපු ඔබයි රම්ය සඳකිරණ විතරක් නෙවෙයි රෝහණ වීරසිංහ හදපු මිණි මිණි පොද වැටේවි වගේ ගීත වල ඒකළ වයලීන් වාද්ය ඛණ්ඩයන්(Sole violin parts ) වාදනය කරල තියෙන්නේ කළණි පෙරේරා මහතා...
2015 සැප්තැම්බර් මාසේ දවසක හොල්සිම් සමාගමේ මගේ ජේෂ්ඨ නිළධාරී වගේම කල්යාණ මිතුරැ හිරන්තත් මමත් ගුවන්විදුලිය ආසන්නයේ ජාවත්ත පාරේ ඇතුළත තියෙන කලණි පෙරේරා මහතාගේ ගෙදර ගියා....
ඒ රජයෙන් කලාකරැවන්ට ලබාදීල තියෙන කුඩා නිවසක්....හිරන්තගෙත් කලණි මහතාගෙත් ගම මීගමුව වගේම හිරන්තත් කලණි මහතාගේ පුතුන් තිදෙනාත් රාජකීය විදුහලේ ආදි සිසුන් නිසා හොඳ ඇඳුනුම් කමක් තිබුණා.....
ගෙදරට ඇතූලුවෙන තැනම සීවලී යන්ත්රයකුත් බුදු පිළිමයකුත් තිබුණ නිසා ඔහු නිරාගමිකයෙකු නොවන බව පැහැදිළි වුනා....
කලණි මහතා හරිම නිහතමානි මිනිසෙක්...බොහෝ වේලා විවිධ දේ ගැන කතා කිරීමෙන් පසු මම ඇහුවා.....
"කලණි අයියා...ඔබ තුමා කේමදාස මාස්ටර් ගෑන මොකද කියන්නේ ? " කියල...
වැඩි කතාබහක් නැතිව හෙමින් උත්තර දෙන ඔහු....
"මාස්ටර් කියන්නේ අමුතුම චරිතයක්....හැමදාම මාසටර්ගෙ වැඩකට ගියොත් අපි කොච්චර අපේ instruments ටික tune කරල තිබුණත් මාස්ටර් ඒවා ආපහු මුල ඉඳලම මාස්ටර්ගේ කනට හරියන tone එක එනතුරැ tune කරනවා කොච්චර වෙලා ගියත්....ඒත් එක දවසක් මාස්ටර් studio එකට ඇවිත් කිසිම එකක් tune කරන්නේ නැතුව count එක දීලා playing පටන් ගත්තා....අපේ instruments ඔක්කොම ගියේ out note වල.....
කවුරැවෙත් මාස්ටර්ගෙන් ප්රශ්න අහන්නේ නෑ...හැමෝම හිතුවේ කාත් එක්ක හරි තද වෙලා කියල...අපිටත් upset වුනා out tones record වෙනකොට.....
පස්සේ බැරිම තැන ගිටාර් ගහපු මහින්ද බණ්ඩාර ඇහුව ඇයි මාස්ටර් අද out tone වල යන්නේ කියල...?
අපි හැමෝම සද්ද නැතුව හිටියේ උත්තරේ ලැබෙනකං....
"මේකයි මහින්ද...අද මේ recording එක කරන්නේ ආබාධිත ළමයින්ගේ වැඩ සටහනකට...ඒ ළමයිත් හරියට tune නොකරපු ගිටාර්,වයලීන් වගේ තමයි....සාමාන්ය අයට වඩා out...ඉතිං මට ඕන ඒ පණිවිඩය ලෝකයට දෙන්න.....
හැමෝටම ඒක ඇහුවම මාර upset...මාස්ටර් කියන්නේ අන්න ඒ වගේ මහා පුදුම ඉවක් හැකියාවක් තිබුණ කෙනෙක්...."


Comments

Popular Posts