මගේ දිනපොතේහී අදරෑ ලියනනේ.....16.05.2018


පහුගිය දවසක පාසලේ මිතුරෝ සහ ගමේ කුඩා කාලේ සිටම එකට සිටි මිතුරන් එකතුවෙලා ගාල්ලේ මිලිද්දුව බෝධිය අසලදී මා වෙනුවෙන් බෝධි පූජාවක් පැවත්වුවා...
මම උසස් පෙළ ලිව්වේ 1998..මීට දශක දෙකකට පෙර.....
එච්චර කාලයක් ගිහිල්ලත් තවම ඉතිරිවෙලා තියෙන මිතුරුකමට හැමෝටම ස්තූතියි සහෝදරවරුනි...!
මම සාන්ත ඇලෝසියස් විදුහලට ඉගෙන ගන්න ගියේ 05 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා.88/89 භීෂණය නිසා විභාගය පැවැත්වුනේ 89 දෙසැම්බර් මාසේ.ප්‍රථිඵල ආවේ 90 අප්‍රේල් මාසේ..අලුත් පාසලට යන්න වුනේ 90 ජුනි මාසේ...අපේ පංතියේ හිටපු බූස්සේ සජිත් ද සිල්වා කියන්නේ බොහොම දඟකාර කෙනෙක්...ඒත් හිත හොඳයි....සජිත් පස්සේ කාලෙක යුධ හමුදාවට බැඳිලා කැප්ටන් නිළය දක්වාම උසස්වීම් ලැබුවා .....යුද්ධයට ක්‍රියාකාරීව සම්බන්ධවුන සජිත් ජීවිතය රැකිලා තිබුනත්, ඔහු ගෙදර පැමිණි මොහොතක මෝටර් සයිකලය පදිමින් සිටින වෙලාවක ගාලු පාරෙදි අනතුරට ලක්වෙලා අකාලයේ අපෙන් සමුගත්තා...තවත් අපේ පංතිවල සිටිය සහෝදරයෙකුට පෙනහලු පිලිකාවක් වැළඳිලා මාස තුනක් ඇතුළත ලොවෙන් සමුගත්තා...ඔහු සේවය කළේ ලී මෝලක කළමනාකරුවකු ලෙස....අපි සමග සිටි තවත් සහෝදරයෙක් ආචාර්ය උපාධිය හදාරන්න නව සීලන්තයට ගිහින් ටික දිනකින් මොලයේ රුධිර කැටියක් හිරවෙලා ලොවෙන් සමු ගත්තා....
උසස් පෙළ 98 කියන්නේ අපේ පාසලට වාර්තාගත වසරක්...ගණිත අංශයෙන් දිවයිනේ පළමු වැනියා බිහිවුනේ අපේ පංතියෙන්.....ඔහු නබීල් යූසුෆ්....ඔහු මොරටුව සරසවියේ පරිඝණක ඉංජිනේරු විද්‍යා උපාධිය හදාරල දැන් පදින්චිය ඇමෙරිකාවේ...විවිධ ආකාරයේ දක්ෂයන් සිටි වසරක් තමයි 98 කියන්නේ...අපේ පංතියේ සිටි භාතිය කරැණාතිලක දැං MAS Holdings වල General Manager කෙනෙක්.....තවත් බොහෝ ක්ෂේත්රවල අපේ පංති සගයන් ඉන්නව දැක්කම හරිම සතුටුයි.....ධන ශ්රී,මේනක,අහමඩ් ඇතුළු කීප දෙනෙක්ම වෛද්යවරැ....නස්ලි,මනිමෙල්වඩු,උස්ගොඩාරච්චි,විදුර,සෙනෙවිරත්න,පවිත්ර,සමන්ත,තරංඟ සහ තවත් අය ජේෂ්ඨ ඉංජිනේරැවරැ...චමිදු,චමින්ද,ශිවන්ක සහ තවත් බොහෝ දෙනෙක් පරිඝණ මෘදුකාන්ග ඉංජිනේරුවන්......සතුරැසිංහ,ප්රභාත් නිශාන්ත සහ තවත් අය ජේෂ්ඨ රාජ්ය නිළධාරීන්..ටිරොන් සහ තවත් අය නීතිඥයෝ......රැවන්,ජනක,KV ඇතුළු බොහෝ දෙනෙක් ගුරැවරැ...පුලින්ද,ඉමිති,ත්රිමා,පරාක්රම,දුෂ්මන්ත ඇතුළු බොහෝ දෙනෙක් පෞද්ගලික අංශයේ නියමුවෝ....ආසිරි,කසුන් වගේ අය ව්යාපාරිකයෝ....අනෙක් හැමෝම රටට වැඩදායි ලෙස පරමාදර්ශීව ජීවත්වෙන අය.....
මා වෙනුවෙන් බෝධි පූජාවක් සංවිධානය කරල තිබුන එයට කුමන හෝ අයුරකින් දායකවූ සියලුම දෙනාට ගොඩාක් පින්...!
පුලින්ද,සතුරුසිංහ,ඉමිති,ඉම්‍ රාන්,කසුන්,වනිගරත්න,දුෂ්මන්ත,ටිරෝන්,ජනක,ප්‍රභාත්,අමිල,රුවන්,ආසිරි,ත්‍රිමා,කේ.වී.ඇතුළු මෙකී නොකී හැමෝටම දීර්ඝායු වේවා....!


Comments

Popular Posts