මගේ දිනපොතේහී අදරෑ ලියනනේ.....08.04.2018
2015 නොවැම්බර් අන්තිම සතියෙ මම මියන්මාරය බලා පිටත්වුනේ එහේ බෞද්ධ ආරාම සහ ජන ජීවිතය ගැන අත්දැකීමෙන්ම දැන ගන්න තිබුණ නොනිත් ආශාවට.මොකද මියන්මාරය කියන්නේ ලෝකයේ අංක එකේ ථේරවාද බෞද්ධ රට නිසා.මියන්මාර භික්ෂූණ් කියන්නේ ඔවුන් අභිධර්ම පිටකයට දක්ෂ බවත් ලාංකික භික්ෂූණ් සූත්ර පිටකයට දක්ෂ බවත් තායි භික්ෂූණ් විනය පිටකයට දක්ෂ බවත්.කතාවත් ඇත්ත තමයි...
කොළඹින් යැංගුං වලට කෙළින්ම ගුවන් ගමන්(direct flights ) නැති නිසා යන්න වුනේ බැංකොක් හරහා...කොළඹින් බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටට ගිහිං එතනින් යැංගුං යන්න පිටත්වුනේ Thai Airways යානයකින්..ඒක ආසන පේළි 8 ක් තිබුණ ලොකු ගුවන් යානයක්...
ගුවනින් යද්දී කවුලුව අසල ආසනයක් ලැබීම සංචාරක අරමුණක් සහිත මගියෙකුට වටිනා අවස්ථාවක්...ඒත් බොහෝ ගුවන් ගමන් යෙදෙන්නේ රාත්රියේ නිසා මම ඒ වෙනුවෙන් වැඩිත දඟලන්නේ නෑ....එදා මහරෑ කොළඹින් පිටත් වුන නිසා නැගෙනහිර පැත්තේ තියෙන බැංකොක් වලට උදේ වෙලා අපි එහි යනකොට.ඉතිං හිරැ එලිය තිබුණ වෙලාවේ මට left side window seat එකක් තමයි ලැබුණේ....ඒක මට සතුටක්..
මම seat එකේ ඉඳගන්න යනකොටත් ඊට මෙහා එකේ සුද්දෙක් ඉඳගෙන හිටියා...ඔහුගේ අතේ තිබුණ බිරිතානී ගුවන් ගමන් බලපත්රයෙන් මට ඒ බව තහවුරැ වුනා.....මම ඔහු පසු කර යද්දී ඔහුගේ කකුල පෑගුනම ඔහුට මල පැනල මට බනින්න පටන් ගත්තා..මම දන්න ඉංග්රීසියෙන් ඔහුගෙන් බැගෑපත්ව සමාව ඉල්ලුවත් ඔහු දිගින් දිගටම බැන්නේ "fucking asians " කිය කිය..මම මීක් නැතුව හිටියේ මේ හාදයට තදවෙලා මාව උස්සල බිමට දැම්මොත් sorry නිසා....මගේ hand bag එකවත් උඩින් තියන්න මම බයවුනේ ඒක තියන්න ගිහිං ආපහු මේකගෙ කකුල පෑගුනොත් මට බඩු හම්බ වෙන බව දන්න නිසා....
ටික වේලාවකින් සුද්දා මගේ පුංචි hand bag එක දිහා බලලා...."Ohhhhhh. ..you are already enlightened " කියල මගේ bag එක ඉල්ලගෙන එයාම උඩින් තිබ්බම තමයි මගේ බය අඩුවුනේ....
ඒකගෙ hand bag එකත් පට්ට විසාල නිසා වෙන්න ඕන එහෙම කිව්වේ....
ඒකගෙ hand bag එකත් පට්ට විසාල නිසා වෙන්න ඕන එහෙම කිව්වේ....
ටික වේලාවකින් ගුවන් සේවිකාව ඇවිත් ඉතා කාරැණිකව meal එක serve කළාම මේ හාදයා එකෙන් ඇයගෙ මුනට දමල ගැහුවෙ.."I hate fucking asian foods " කියලා...ඇය අඬමින්ම ඉවත්ව ගියේ " extremely sorry for the inconvenience caused sir " කියලා....
මේ සිද්දියෙන් පස්සේ මම ආපහු බයවුනේ මේක මටත් කෙළියොත් කියල....ක්ෂනිකවම(සෙනිකවම) cabin crew head ඇවිත් සුද්දට මරැ කතාවක් කිව්ව...
" ඔබ මගේ සේවීකාවකට නින්දිත ලෙස පහර දුන්නා...මතක තියාගන්න අපි තායි ජාතිකයෝ බොහොම ආචාරශීලී ඒ වගේම සෘජුයි මොකද අපේ රට කවදාවත් කිසිවෙකුටත් යටත් නොවූ රාජධානියක් අදටත්...අපිට සුද්දෝ ලොකු නෑ...ඔබ මේ දැං මගේ සේවිකාවගෙන් සමාව ගත්තෙ නැතිනං යැංගුං වලදී ඔබව පොලීසියට භාර දෙනව ..දන්නවනේ බුරැමේ තියෙන්නේ හමුදා පාලනයක්..සුද්දන්ට ඕන විධියට එහේ නටන්න බෑ " කියල.....
මම හිත යටිං " තොට හොඳ වැඩේ ගොබ්බ සුද්දා " කියල සතුටු වුනේ ඔහු මටත් බැනපු නිසා.....කීප සැරයක් "මට බෑ.... මට බෑ" කියල එයා නැගිටලා ගුවන් සේවිකාව එතනට ගෙන්නලා සමාව ගත්තා..
ගැටලුව එතනින් ඉවර වුනා....මමත් යාංතං ජීවිතේ බේර ගත්තා....
සමහර සුද්දෝ තවමත් හිතාගෙන ඉන්නේ ආසියාව එයාලගෙ යටත් විජිත කියල....ඒත් තවමත් රාජධානියක් වන තායිලන්ත පුරවැසියෝ සුද්දන්ව ගනං ගන්නේ නෑ...අඩුම තරමෙ බැංකොක් වලින් පිට තායි නොවන භාෂාවකින් ලියූ පුවරැවක් වත් හොයාගන්න බෑ..බුරැමයත් ගොඩාක් දුරට ඒ වගේ....
තමන්ගේ තැනදී දාන part අනුන්ගෙ තැන්වලදි දාන්න යන බොහෝ දෙනෙකුට වෙන්නේ ඕක තමා.....
ඒ නිසා ගමේදී ගෙදරදී දාන සෙල්ලං පිට තැන්වලදී නොදා ඉන්න එක කාගේ කාගෙත් ශරීර සෞඛ්යට හොඳ බව තමයි මතක් කරන්න වෙන්නේ...
++++++++++++
ReplyDelete