නාවික මෙහෙයුම් : 06 කොටස


භාණ්ඩ ප්රවාහන නෞකාවක කාර්ය මණ්ඩලය ප්රධාන කොටස් දෙකකින් යුත්තයි......නාවික මෙහෙයුම් කාර්ය මණ්ඩලය(Shipping & Navigation Staff ) සහ නාවික ඉන්ජිනේරු කාර්ය මණ්ඩලය( Engineering Staff ) ලෙස තම්යි ඔවුන් හදුන්වන්නේ.....නාවික මෙහෙයුම් කාර්ය මන්ඩල ප්රධානියා වන්නේ නෞකාවේ කපිතාන් වරයා(Master ).....නාවික ඉන්ජිනේරු කාර්ය මණ්ඩලයේ ප්රනධානියා වන්නේ ප්ර්ධාන නාවික ඉන්ජිනේරුවරයා(Chief Engineer )..........
නෞකාවක මෙම දෙදෙනාගේම නිල මට්ටම් සහ සියලුම වරප්සාදයන් සමානයි.........කපිතාන්ගෙන් පසු නිලධාරීන් ප්රධාන මෙහෙයුම් නිලධාරී Chief Officer,,දෙවන මෙහෙයුම් නිලධාරී Second Officer,තෙවන මෙහෙයුම් නිලධාරී Third Officer යනාදී වශයෙන් වෙනව, වන අතර ප්රධාන ඉන්ජිනේරුවරයාගෙන් පසු නිළධාරීන් දෙවන් ඉන්ජිනේරු(Second Engineer,)තුන්වන ඉන්ජිනේරු(Third Engineer) සහ ඉන්ජිනේරු කාර්ය මණ්ඩලය ලෙස නම් කෙරේ.....
ලන්කාව තුල මෙම සෑම මට්ටමකම නාවිකයන් පුහුණු කරන ලොවම පිළිගත් ආයතන බොහෝමයක් තිබෙනව..........ඒ සදහා ඇති ප්රධානම අධ්යාපන ආයතනයක් තමයි මොරටුව සරසවියේ තාක්ෂණ විද්යා ආයතනය(දියගම පිහිටි )......මෙහිදී නෞකා චාලන අධ්යයන අන්ශයෙන්(Nautical Studies) සහ නාවික ඉන්ජිනේරු අධ්යන අන්ශයෙන්(Marine Engineering ) තුන් අවුරුදු පූර්ණ කාලීන NDT (National Diploma in Technology )පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 100% නිදහය් අධ්යාපනය යටතේ නාවික කර්මාන්තයට දායද කරනව....උසස් පෙළ ගණිත අන්ශයේ ලකුණු මට්ටම් සහ මොරටුව සරසවිය විසින් පවත්වනු ලබන අභියෝග්යතා පරීක්ෂනයක් මගින් තමයි මේ සදහා සිසුන් තෝරාගන්නේ....
මීට අමතරව කටුනායක පිහිටි ඉන්ජිනේරු තාක්ෂණ ආයතන(Institute of Engineering Technology) විසින් නාවික ඉන්ජිනේරු අන්ශයට(Marine Engineering) පමනක් නිලධාරීන් නිදහස් අධ්යාපනය යටතේ පුහුණු කරනව.........
NDT-Nautical Studies පාඨමාලාව නිමකරන්නන් කැඩෙට් නිලධාරීන් ලෙස නෞකාවල සේවයට එකතු වන අතර කාලයාගේ ඇවෑමෙන් කපිතාන් නිලය දක්වාම ගමන් කරනව..........NDT-Marine Engineering පාඨමාලාව නිමකරන්නන් පුහුණුවන ඉන්ජිනේරුවන් ලෙස නෞකා සේවයට එකතු වන අතර කාලයාගේ ඇවෑමෙන් ප්රධාන ඉන්ජිනේරු දක්වාම ගමන් කරනව........
නමුත් අපේ රටෙ රාජ්ය සරසවිවල ඉන්ජිනේරු පීඨයන් තුල නම් මේ වන තෙක් නෞකා චාලන හෝ නාවික ඉන්ජිනේරු පාඨමාලාවන් පැවැත්වෙන්නේ නැහැ......ඒ නිසා දැනට ඒ වෙනුවෙන් රාජය අන්ශය පවත්වනු ලබන ඉහලම සුදුසුකම වෙන්නේ මොරටුව සරසවිය මගින් ලබාදෙනු ලබන NDT සහතිකය......(කොතලාවල ආරක්ෂක සරසවිය මගින් නාවික ඉන්ජිනේරු උපාධියක් ලබාදීමට කටයුතු සිදුවෙනව....)
මීට අමතරව මාලඹේ CINEC Maritime Campus, Mercantile Seamen Training Institute වැනි තවත් බොහෝමයක් පෞද්ගලික අධ්යාපන ආයතන තිබෙනව...
නෞකාව මගී ප්රවාහන එකක් වුවහොත් ඉහත කාර්ය මණ්ඩලයන් දෙකට අමතරව Cabin Crew වෙනම ඉන්නව.....
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----




Comments

Popular Posts