නාවික මෙහෙයුම් : 05 කොටස


නෞකාවන් නැවැත්වීම සදහා යොදා ගනු ලබන සුවිශේශී උපකරනය "නැන්ගූරම" (Anchor ) ලෙස හදුන්වනව.....
ඝන පොලොවක වාහනයක් ධාවනය කරන්න අපහසු වෙන්නේ සාපේක්ෂව පොලොවේ ඝර්ශණය(Friction) වැඩි නිසා...ඒ වගේ ගමන් කරන වාහනයක් නැවැත්වීමේදී එම ඝර්ශණය උදව්වක් වෙනව.......නමුත් තරලයක් තුල ධාවනය වන නෞකාවකට එම තරලය මගින් යොදනු ලබන ඝර්ශණය ඝන පොලොවට සාපේක්ෂව අඩු නිසා නෞකාවක් ධාවන කිරීමේදී එය පහසුවක් වුවත් නැවත්වීමේදී නම් ඉතා අවාසියක්.....
නෞකාව නියමිත ස්ථානයේ නවත්වා ගැනීමට නම් නිවැරධිව නැන්ගූරම මුහුදට යෙදිය යුතුයි...එය තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද යන දේකේම එකතුවක්.........ඒ නිසාම මෙම ක්රියාව නැවේ කපිතාන් වරයාගේ(Captain ) හෝ නැවේ ප්රීධාන මෙහෙයුම් නිළධාරියාගේ(Chief Officer ) සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙනව.......නැවේ බර සහ විශාලත්වය අනුව නැන්ගූරමේ බර සහ එය ඈදා ඇති දම් වැලේ දිග තීරනය වෙනව......
භාවිතාව අනුව නැන්ගූරම්වල හැඩයන්ද විවිධයි.....
නැන්ගූරම මුහුදට හෙලීම බොහෝ විටදී ගුරුත්වය යටතේ(under the gravity) සිදුවන නිසා ඒ වෙනුවෙන් අමුතුවෙන් ශක්තියක් අවශ්ය නොවුනත් නිසි පරිධි පාලනය කිරීම අත්යාවශ්යයි .......ඇතැම් විට නැන්ගූරම මුහුදට හෙලීමට හ්යිඩ්‍රොලික් (තරල ගතික ශක්තිය ) යොදා ගනී....ඒ සදහා ගියර් පද්ධති සහ අත් තිරින්ග ඇතුළු ක්රමවේදයන් යොදා ගන්නව.....නැන්ගුරම් ලෝහයෙන් නිපදවන අධික බරක් සහිත උපකරනයක් නිසා නැවත නැන්ගූරම් එසවීම අධික ශක්තියක් වැයවෙන ක්රියාවක් නිසා ඒ සදහා විදුලි මෝටර් වල බලය(තරල ගතික ශක්තිය-hydraulic power ) යොදා ගන්නව...
මුහුදු පතුලේ ඇති පසේ ස්වභාවය අනුව නැන්ගූරමේ ස්ථාවර බව වෙනස් වෙනව.......නෞකාව කොතරම් විශාල වුවත් නැන්ගූරම් කියන්නේ එතරම් විශාලම දේවල් නෙමෙයි....කුඩා වුවත් එහි හැඩය මගින් නෞකාව මුහුදු පතුලේ පොලවට තබා ගැට ගසා ගැනීමක් වැනි දෙයක් සිදුවන නිසා නැන්ගූරම් යෙදූ පසු නෞකාව නැන්ගූරමේ දම්වැලේ දිගට සාපේක්ෂ ප්‍රදේශයක් තුල ස්ථාවර බවට පත්වෙනව.....
යම් හෙයකින් නැන්ගූරම මුහුදු පතුලේ සිර වුනොත් ඒය නැවත ගලවා ගැනීමට එන්ජිමේ ශක්තිය යොදා ගැනීමටත් අවසන් පියවර වශයෙන් කිමිදුම් කරුවන් යොදා ගැනීමටත් එසේ නොවුන හොත් නැන්ගූරම අතහැර දැමීමටත් සිදුවෙනව......
කොහොමවුනත් ගැඹුරු මුහුදේ නෞකාව නවතන්න නම් නැන්ගූරම් යොදා ගැනීම අපහසුයි........කෙසේ වෙතත් ගැඹුරු මුහුදේ නැන්ගූරම් යෙදීම (Deep sea anchoring )සන්කීර්නවූ ක්‍රියාවලියක්......
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----

Comments

Popular Posts