භාරතීය සංචාරයන්ගේ මතක පොතෙන් ; 05 කොටස


සිහිය පිහිටුවීම එහෙමත් නැතිනම් 'සති පට්ඨානය' කියන්නේ බුදු දහමේ හරය......බුදු දහමේ සියලුම ඉගැන්වීම් අවසන් විග්‍රහයේදී 'සති පට්ඨානයට' ඌණනය කරන්න පුලුවන් කිව්වොත් ඒක වරදක් නෙවෙයි........ බුදුන් විසින් දේශිත වටිනාම සූත්‍රයත් 'මහා සතිපට්ඨාන' සූත්‍රය කියලයි මටනම් හිතෙන්නේ.......
බුදුන් මේ වටිනා සූත්‍රය දේශණා කරන්නේ එකල කුරු රට ලෙස හැදින්වුනු පෙදෙසේ 'කල්මාසධම්ම' කියන නියම් ගමේදි...... වර්තමානයේදි කුරු රට කියන්නේ ඉන්දීය අගනුවර වන 'නව දිල්ලිය'.......නවදිල්ලියේ එක් කොනකට වන්නට අසෝක රජු විසින් පිහිටුවා තිබෙන ස්ථම්භය නිසා පසු කාලීනව මේ ,මහා සතිපට්ඨාන සූත්‍රය දේශණා කල ස්ථානය නිවැරදිවම සොයා ගන්න බෞද්ධයන්ට හැකිවුනා. ඒත් අවාසනාවට වගේ මේ භූමියේ වටිනාකම සාම්ප්‍රදායික හින්දූන් හඳුනන්නේ නැති නිසා දිල්ලි නගර සභාව විසින් මේ ආසන්නයේම කුණු දමන ස්ථානයක් බවට පත් කරගෙන තිබෙනව ........
කොතරම් දුර්ගන්ධයක් තිබුනත් තායි සහ මියන්මාර් භික්ෂූන් නම් මෙම ස්ථානයේ තමනට හැකි උපරිම වේලාවක් අධික උෂණත්වයත් නොතකා භාවනාවන්ගේ යෙදෙනව..... යමක වටිනාකම දන්න කෙනාට මොන බාධාව තිබුනත් ඒවායෙන් ඔහු වෙන්කරන්න බෑ......

Comments

Popular Posts