නාවික මෙහෙයුම් : 02 කොටස


මිනිස්සුන්ට වගේම නෞකාවන්ටත් නමක් යොදනව.......නෞකාවන් සලකන්නේ "ස්ත්රී ලිංඟ" දෙයක් ලෙස.......Mr.,Mrs,කියල මිනිසුන්ට යොදනව වගේ සෑම නෞකාවක නමටම ඉදිරියෙන් SV හෝ MV ලෙස යොදනව .....SV කියන්නේ වාෂ්ප නෞකාව (Steam Vessel ) කියන එක ....MV කියන්නේ යාන්ත්රික නෞකාව(Motor Vessel ) එහෙම නැතිනම් පසු කාලීනව වෙළඳ නැව(Merchant Vessel ) කියලත් කියනව.......
උදාහරණ ලෙස MV.Orchid Sea,MV Sea Crown,MV.Sarasvati ,MV.Thai Binh Star හදුන්වන්න පුලුවන්...නමුත් මේ වන විට වාෂ්ප හෝ රුවල් නැව් වෙළද නාවික ක්ශේත්රයේ භාවිතයක් නොමැති නිසා දැන් දැන් වෙළද නෞකාවලත් අමුතුවෙන් MV යනුවෙන් නමට කලින් යොදන්නෙ නැහැ.....
සෑම නෞකාවක්ම යාත්රා කිරීමට පෙර ඒ සදහා පිළිගත් වරායක ලියාපදින්චි කිරීම අනිවාර්යයි.....ලෝකයේ සෑම වාණිජ වරායක්ම ජාත්යන්තර ශ්රේණි ගත කිරීම් සංගමය(International Classification Society ) මගින් විවිධ පංති වලට වර්ග කරනව.......ඒ අනුව ලියාපදිංචි ගාස්තුව වෙනස් වෙනව.......උදාහරණයක් ලෙස රොටඩෑම්, යොකොහාමා හෝ සිඩ්නි වරායේ ලියාපදිංචියකට වඩා ශ්රේණිගත කිරීම්වල පහලින් තියෙන කොලඹ වරායේ ලියාපදිංචි ගාස්තුව අඩුයි........
නෞව්කාව ලොයිඩ් රක්ෂණ සමාගම මගින් නිර්දේශ කරන ලද ආයතනයක රක්ෂණය කිරීමේදී ලියාපදිංචි කල වරායේ ශ්රේණිගත කිරීම අනුව තමයි රක්ෂණ ගාස්තුව තීරණය වන්නේ........ පසු ගිය ඊලාම් යුධ සමයේදී කොලඹ සහ ගාලු වරායන්ට එල්ලවූ ප්රහාර නිසා ලොයිඩ් සමාගම එම වරායන්ට ඇතුලුවන නෞකා වෙනුවෙන් "රක්ශණ අධි භාරයක්" අය කලා......
නෞකාවක් වරායකට ඇතුලු වෙද්දි බලපාන ප්රධානම සාධකය තමයි එම වරායේ Draft එක හෙවත් ගැඹුර...... ත්රිකුණාමල පිටත වරායේ ගැඹුර අසීමිත නිසා ලොව තිබෙන ඔනෑම විශාලම නෞකාවක් එයට ඇතුල කල හැකියි..... නමුත් දැනට ඉදිකර ඇති විශාලම ජැටියෙ ගැඹුර 9 m ක්..හම්බන්තොට ගැඹුර 17m ක්....ලොව තරමක් දුරට විශාලම නෞකා එයට ඇතුලු කල හැකියි...කොලඹ වරායේ ගැඹුර 15 m ක් නිසා මධ්යම ප්රමාණයේ නෞව්කා පැමිණෙන අතර අලුතින් ඉදිකල කොලඹ දකුණ වරාය 18m ක් ගැඹුරු නිසා වඩා විශාල නැව් වලට පැමිණිය හැකියි..... බොනවිස්ටා කොරල් පරය නිසා ගාලු වරායේ ගැඹුර 7.3 m ක් බැවින් එයට පැමිණෙන්නේ කුඩා නෞකාවන් පමණයි.....
වරායකට නෞකාවක් ඇතුලුවීමෙන් පසු එහි කඹ ගැට ගසන ජැටියේ සවිකොට ඇති සවිමත් උපකරණය "බොලාඩ්" යනුවෙන් හදුන්වනව.......
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----


Comments

Popular Posts