මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ.....03.04.2018

සිංහල සහ ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනීමකුත් පාලි සහ සංස්කෘත ගැන මූලික දැනීමකුත් තියෙන නිසා, මේ දවස්වල දෙමළ සහ හින්දි තනිවම ඉගෙන ගන්න පටන් ගත්තා...දෙමළ වලට වඩා හින්දි නම් ලේසියි වගේ....අවස්ථා කීපයකදි ඉන්දියාවේ උතුරේ ප්‍රාන්ත ගනනාවකම සංචාරය කළ නිසා හින්දි ටිකක් කනට හුරුයි දෙමළ වලට වඩා....
භාෂා 06ක් දැන ගත්තම "ෂට් භාෂා"......කවුද දන්නේ ඊළඟ ජීවිතේ මිනිහෙක්ම වෙලා උපදීද ,ඒ මිනිහ මොන භාෂාවක් කතා කරාවිද කියල...? ප්‍රංශ හෝ ලතින් ඉගෙන ගන්න තිබුණ...ත් හොඳයි.....එහෙම බැලුවම....සංසාර පුරුද්දට සමහර දේවල් යනවානේ.....පාලි භාෂාව ගැන මගේ දැනුම එහෙම කලින් ජීවිතයකින් ලබපු එකක් කියලයි මට හිතෙන්නේ...මොකද මම දහම් පාසලේ ඉහළට ඉගෙනගත් කෙනෙක් නොවන නිසා..උසස් පෙළට කලේ ශුද්ධ ගණිතය,ව්‍යවහාරික ගණිතය,භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව මිසක් බෞද්ධ ශිෂ්ඨාචාරය හෝ පාලි -සංස්කෘත නෙවෙයි.ඊට පස්සේ ඉගෙන ගත්තෙත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට සහ කාර්‍යසම්පාදන කලමනාකරණයට(Logistics Management ) අදාළ දේවල්......
ගිය සතියෙ සඳුදා හවස රත්න ශ්‍රී මහතාගේ කාමරයේ විවිධ භාෂාවන් ගැන සහ "ෂට් භාෂා පරමේශ්වර" ගැන කතා කර කර ඉන්නකොට නම් එතුමා හිනාවෙලා ලස්සන කතාවක් කිව්ව..ඒක ප්‍රසිද්ධියේ කියන එක හොඳ මදි.....
එකපාරක් මුම්බායිවල පුහුණු වැඩසටහනකට ගිය වෙලේ, අපි නැවතිලා හිටිය නේවාසිකාගාරයේ කෙනකුගෙන් රෙදි මැදගන්න "අයන්" එකක් ඉල්ලුවට ඔහුට ඒක තේරුනේ නැහැ..පස්සෙ විවිධ විධියට අතින් අභිනයන් ඉදිරිපත් කළාම ඔහු එකපාරටම කියනව "ආ...අරන්..." කියල....පස්සෙ තමයි මට මතක් වුනේ ඉන්දියානුවො ඉංග්‍රීසියෙන් කතා කරන කොට "ආර්" අකුර හයියෙන් ශබ්ද කරන බව...IRON ,අයන් කියල අපි කිව්වට ඔවුන් කියන්නේ "අරන්" කියල.....
එක දවසක් දොරමඬලාවට ආපු ජයලාල් රෝහණ මහතා හින්දි භාෂාව ගැන ලස්සන කතාවක් කිව්වා....
ඔහු කියන විධියට හින්දියෙන් "චෝලි" කියන්නේ හැට්ටයටලු..ලොගි චෝලි,ගග්‍රා චෝලි වගේ ඇඳුම් ගැන අවුරුදු කාලෙට වෙළඳ දැන්වීම් වල නිතර කියවෙනවනේ.....ඉතින් "චෝලි කේ පීචේ ක්යා හයි" කියන සින්දුවෙ තේරුම ..."හැට්ටෙ ගැලෙව්වම මොනවද පෙනෙන්නේ" කියන එකලු...ඉතින් මේ ප්‍රසිද්ධ හින්දි සින්දුව හැමෝම වගේ අහල ඇති........
"චෝලි කේ පීචේ ක්යා හයි.....චෝලි කේ පීචේ "
"කුක්...කුක්...කුක්..කුක්....කුක්....."
ඔන්න මම නෙවෙයි මෙහෙම කියන්නේ...ජයලාල් රෝහණ...
ඕන කෙනෙක් ඉන්නවනම් ඔහුගේ රස කතාවල Link එවන්න පුලුවන්...

 

Comments

Post a Comment

Popular Posts