ඔබත් පරම අවිහිංසාවාදියෙක්ද ???????


විනය පිටකයේ මහා වග්ග පාළියේ භේසජ්ජක්ඛණ්ධකය ,චුල්ලවග්ග පාළියේ සංඝභේදක්ඛන්ධකය,පාරාජිකා පාළියේ මනුස්සවිග්ගහ පාරාජිකාව,සූත්ර පිටකයේ දීඝ නිකායේ සාමාඤ්ඤඵල සූත්රය,අංගුත්තර නිකායේ ඒකක නිපාතය,සංයුත්ත නිකායේ සංඛධම සූත්රය යන බුද්ධ දේශණාවන්ට අනුව බුදුන් විසින් අහාරයට නොගතයුතු මාංශ වර්ග දහයක් නිර්දේශකොට ඇත.
මිනී මස්...
අශ්ව මස්
අලි මස්
බලු මස්
සර්ප මස්
සිංහ මස්
ව්යාග්ර මස්
දිවි මස්
වලස් මස්
කරබානා වලස් මස්
එම මස් වර්ගයි...මේවා තහනම් කිරීමට හේතුවූ ප්රායෝගික කරැණුද මහා වග්ග පාළියේ විස්තර සහිතව දක්වා ඇත.....

මේවාට අමතර වෙනත් ඕනෑම මසක් "ත්රීකෝටික පාරිශුද්ධිය" සහිත නම් ආහාරයට ගත හැක.....
01.තමන් උදෙසා මරණ ලදැයි නොදක්නා ලද්දේද,
02.නො අසන ලද්දේද,
03.සැක නොකරන ලද්දේද මෙම තුන් කෙලවර පිරිසිදු මාංශ ත්රීකෝටික වශයෙන් පාරිශුද්ධ වේ....
ඇතැම් විද්වතුන් බුදුන්ගේ "සර්වඥතා ඤාණයටද අභියෝග කරමින්" මෙම කරැණු ප්රතිකෂේප කරමින් "පරම අවිහිංසාවාදය" වෙනුවෙන් පෙනී සිටී.....
ඉහත සූත්ර වලදී බුදුන් පෙන්වා දෙන්නේ අප ගනු ලබන ආහාරය නිසා කිසිදා කිසිවෙක් පාරිශුද්ධත්වයට පත් නොවන බවත් වඩා වැදගත් වන්නේ කටින් ඇතුලු කරන ආහාරයට වඩා කටින් පිට කරන වචන බවයි(සම්මා වාචා).....
ආහාරයෙන් කෙනෙක් පාරිශුද්ධත්වයට පත් වන්නේ නම් බුදුන් විසින් ආර්යමාර්ගයේ නමවැනි අංගය ලෙස "සම්මා ආහාර" නමින් එකක් පනවනු ඇත......
භික්ෂු උපසම්පදා සිල් පද 227 ක් ඇති නමුත් ඉන් එකක වත් නිර්මාංශ සීලයක් ගැන නොකියවේ.....
එබැවින් නිර්මාංශවීම හුදු සීලබ්බත පරාමාසයක් විනා බෞද්ධ සීලයක් නොවේ......බොහෝ විට එය සීලයක් ලෙස කියනන් බුදුන්ටත් වඩා දන්නා අය වන අතර අඩුම වශයෙන් පංච ශීලය හෝ රැකීමට එතරම් උනන්දු නොවන බව දැක ඇත.....නිර්මාංශභාවය වෙනුවෙන් පෙනී සිටිනා බොහෝ දෙනා කියන්නේ මාංශ ආහාර ගන්නන් එසේ ගන්නේ පෙර ජීවිත වල තිරිසන් භවයේ බොහෝ කල් ඉපදී සිටිමේ පුරුද්ද නිසා බවයි....ඔවුන්ට කිව යුත්තේ මුවන්,හාවුන්,ගෝනුන්,ගවයන් වැනි ශාඛ භක්ෂකයන්ද තිරිසනුන් බවයි......එබැවින් ඔවුන්ට අනුව නිර්මාංශ ආහාර ගන්නන් පෙර ජීවිතවල ගවයන් වැනි සතුන් වීමට ඉඩ තිබේ....
සංස්කෘතික අංගයක් ලෙස ගව මස් නොකෑමේ යම් කලගුණ සැලකීමක් ගැබ්වී ඇතත් එය සීලයක් ලෙස පටලවා ගත යුතු නැත.....වර්තමානයේ ජාන විකෘති කරන ලද මාංශ ආහාර නොගෙන සිටීමෙන් යම් සෞඛ්ය ආරක්ෂණයක් සිදුවිය හැකි බැවින් ඒ පැත්තෙන් බැලූ කල එය හොද දෙයක් වීමට ඉඩ තිබේ....
මේවා ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කාලය නාස්ති නොකල යුතු අතර කැමැත්තෙකුට බුදුන්ගේ සර්වඥතා ඤාණය පිළිගත හැකි අතර අකමැත්තෙකුට එය ප්රතික්ෂේප කර නිඝන්ඨ නාථපුත්තයන්ගේ පරම අවිහිංසාව පළිගත හැක....
 

Comments

Popular Posts