ජීවිතය යනු බොහෝ වටිනා දෙයකි....


අපේ ගමේ අකල් මරණ දෙකක් එකවර..එක් තරුණයෙක් අපේ ලඟම ඥාතියෙක්...රිච්මන්ඩ් විදුහලේ සාමන්‍ය පෙළ පංතියේ සිසුවෙක් තමන්ගේ යාලුවොත් එක්ක හික්කඩුවේ මුහුදේ නාන්න ගිහින් ගෙදරට හොරෙන්...තිදෙනාම ගහගෙන ගිහින්...ඔහුගේ මෘත දේහයවත් තවම හොයාගන්න බැරිවෙලා කිමිදුම් කරුවොන්ට...ඔහුගේ පියා නෞකාවක සේවය කළ නිළධාරියෙක් ලෙස අධික බීමත් කමින්ම අකාලයේ මියගියා..මේ දරුවා ටිකක් ගෙදරට අකීකරුයි...කොහොමවුනත් ඔහුගේ ජීවිතය දැන් අහිමි වෙලා ඉවරයි....
දෙවැන්නා අපේ අසල්වාසී හතලිස් හැවිර...ිදි දෙදරු පියෙක්...ඔහු ගස් කැපීම සහ ලී ඉරීම තමයි ජීවිකාව කරගත්තේ ...අවදානම් සහිත ස්ථානවල තියෙන ගස් කපන්න ඔහුට තිබුනේ පුදුම හැකියාවක්..අවට තිබෙන අනෙක් ගසකට හානිය අවම වන අයුරින් ඉතා පිළිවෙලට ඔහු එය සිදුකළා....පසුගිය වසරේ ඉමදුව ආරාණ්‍ය සේනාසනය ඉදිකිරීමේ ව්‍යාපෘතියෙදි දෙනියාය පාරට කඩාවැටෙන්න ආසන්න වෙල තිබුනු අති විශාල ගස් කීපයක්ම හමෝම බැහැ කියද්දි ඔහු මා වෙනුවෙන් ඉවත් කරල දුන්නේ තම ජීවිත අවදානමද නොතකා......වසර පහලොවක් තිස්සේ ගස් දහස් ගනනක් කපා ඇති ඔහු කිසි විටෙක අනතුරුවලට මුහුනදී නැහැ...ඔහුට මැරෙන්න සිදුවුනේ මහ මගදී...
බිරිඳ මැදපෙරදිග සේවය කරන නිසා ඔහු යම් සිත් තැවුලකින් තමයි ඉඳල තියෙන්නේ...මීට වසරකට පෙර ඔහු අධික ලෙස බීමත්ව පිහියකින් ගෙල සිද්ගෙන සියදිවි තොරකරගන්න උත්සාහ කළ වෙලාවේදී නිවසේ අය ඔහුව වලක්වා තිබුනත්, ඔහු පිහියෙන් දකුණු අතේ ඇගිලි තුනක් වෙන් වෙන්නම කපාගත්ත.....ඒවා නැවත බද්ධ කරන්නත් බැරි වුනා....පසුගිය බදාදා ඔහු බීමත්ව ස්කූටි පෙප් මෝටර් සයිකලයකින් හෙල්මට් එක අතේ දමාගෙන වේගයෙන් එද්දී, තවත් මෝටර් සයිකලයක හැපී බිම වැටී එතනම මිය ගොස් තිබුනා.....ඔහුට රියදුරු බලපත්රයක් වත් තිබී නැහැ..කෙසේ වෙතත් ඔහුගේ දරුවන් දෙදෙනාට මවත් පියත් දෙදෙනාම නැති ජීවිතයක් උරුම වුනා....
බොහෝ දෙනා හිතන්නේ හෙල්මට් තියෙන්නේ පොලීසියෙන් බේරෙන්න කියල මිසක් තමන්ගේ ඔලුව බේරගන්න නෙවෙයි කියල...බොහෝ බටහිර රටවල පා පැදි වල යන අයත් හෙල්මට් භාවිත කරනව තමන්ගේ ආරක්ෂාව පතා......
හැම මොහොතකම ජීවත් වෙන්න වෙරදරන මට නම්, ජීවිතය හරිම වටිනා දෙයක්...ඒත් මේ තරුණයන්ට ඒකේ වටිනාකමක් නැතිවීම නම් හරිම කණගාටුවට කරුණක්...
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! සුවපත් වෙත්වා....!

Comments

Post a Comment

Popular Posts