හෘද ශාක්ෂියේ පිළිඹිබුව....

හෘද ශාක්ෂියේ පිළිඹිබුව....
කෙනෙක්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කරනකොට, ඔහු හෝ ඇය තමන්ට කියන්නේ බොරුවක් නම් ,තවදුරටත් ඔබේ ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න බැරිලු..මෙය, මා අත්හදා බලා ඇති දෙයක්...ප්රශ්නයක් අහද්දි, හරියටම ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඉදල, ඔබටත් මෙය අත්හදා බලන්න පුලුවන්... බොරුවක් කියනකොට බොහෝ දෙනක් බිම බලනවලු.....
සාහිත්යයේදී නම්, ප්රේමවන්තයෝ සහ ප්රේමවන්තියෝ කියන්නේ තමන් ඇයට හෝ ඔහුට මුලු හදින්ම පෙම් කරනව කියල...ඒත් ඕනෑම කෙනෙකුගෙ හෘද ශාක්ෂියට තට්ටු කරල බැලුවොත්, ඒක ඇත්තද කියල තමන්ටම දැනගන්න පුලුවන්...වෙන අයගෙන් අහන්න දෙයක් නෑ......මා සරසවියේ පළමු වසර අවසානයේ 2001 වසරේ රියදුරු බලපත්රය ලබා ගන්න පුහුණු වුනේ ගිංතොට පිහිටි ගාල්ල ඩිපෝවේ රිය පුහුණු පාසලේදි....ටික දවසක් යනකොට, මගේ වයසෙම දඩබ්බර කොල්ලෙක් ආවා රිය පුහුණුවට...යමක් කමක් තියෙන පවුලක,ඔහු මහින්ද විදුහලේ ආදි සිසුවෙක්......ඔහු, මා සමග ඉක්මනින් මිතුරුවුනා...මතවාද සහ දැක්මෙන් මට වඩා හාත්පසින්ම වෙනස් වුනත් ,ඕනෑම කෙනෙක් එක්ක හිතවත්කමක් පවත්වා ගන්න මට පුලුවන් නිසා...දවසක් ඔහු මට කියනව..."මචං ,මට ලස්සන කෙල්ලො දෙන්නක් ඉන්නව...මම දෙන්නටම සිරාවටම ලව් කියල"...මේක අහපු ගමන් මට හිනා ගියාම ඔහු අහනවා "ඇයි උඹ හිනාවෙන්නේ ?" කියල...
"දෙන්නෙකුට...සිරාවටම...?" කියල මම නිහඬ වුනා විතරයි.....
බොහෝ දෙනෙක් හිත යටින් කැමති,තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා තමන්ටම පමණක් ආදරය කරන මට්ටමින් තියාගෙන,තමන් තවත් ආදරයන් පස්සේ යන්න...නොකිව්වට ඇත්ත ඒකයි..ඒත් හැමෝමත් එහෙමම නෑ කියන එක මම අත්දැකීමෙන් දන්නේ මම එහෙම නොකළ නිසා...ඒ නිසාම මම තනිකඩ ජීවිතය ඇතුලෙ "සොඳුරු හුදෙකළා" විවේකයක් ලබන බව මගේ හිත දන්නවා...
මගේ බොහොම හිතවතෙක් බොහෝ කාලයක් ගෙව්වේ ඉතාම සෙල්ලකාර ජීවිතයක්...ඔහුට ඉතාම කීකරු,උගත්,බුද්ධිමත් විනීත බිරිඳක් ඉන්නවා...ඒ කොහොම වුනත් ඔහු මෑතක් වනතුරුම තමන්ගේ ඒ පරණ ජීවින රටාව එලෙසින්ම පවත්වාගෙන ආවා..ඔහු කොතරම් වරදේ බැඳුනත් ඔහුගේ බිරිඳ ඊට එකට-එක කිරීමක් සිදු කළේ නෑ.....කාලයාගේ ඇවෑමෙන් ඔහුට දුවක් ලැබුන....මේ දුවට හදිස්සියේ බඩේ අමාරුවක් හැදිල ඔහු ඉක්මනින් කලබලයට පත්වුනා...මට කියනව..."චාමර,මට එක පාරට බය හිතුන දුවට කාගෙන් හෝ කරදරයක් වෙලාද කියල".......
මම ඔහුට කිව්වේ එක දෙයයි....."ගොවියාගේ අස්වැන්න-හරකෙකුට කෑමක් විතරයි"....තමන් වරදේ බැඳිලා, ඒ ඔස්සේම ජීවිතය ගෙවලා, තමන්ගේ දුවට වෙන කෙනෙකුගෙන් කරදරක් වෙනව කියල හිතෙන්නෙම තමන්ගේ හිතේ තියෙන වරදකරු යන හැඟීම(guiltyconsious feeling) නිසා..මොකද ඔහු දන්නවා තමා කළ දේ විපාක තමන්ට ලැබෙන බව..එයට කියන්නේ "හෘද ශාක්ෂිය" කියල.. .....
ගොවියෙක් දැඩි වෙහෙසකින් දිවා රැකබලාගන්න කුඹුරකට නොසිතූ මොහොතක කඩා වදින හරකෙක්, ඒ අස්වැන්න කිසිම ගානක් නැතුව කාල විනාශ කරනකොට තමයි ගොවියාට තවත් ඉවසුම් නොදෙන්නේ.....පියෙක් තමන්ගේ දියණියක් රැක බලාගන්නෙත් ඒ වගේමයි..ඒත් සෙල්ලක්කාර තරුණයකුට ඒක තව "රස කෑමක්" විතරයි...ඔහු දවසක පියෙක් වුනොත් අතීතය ආවර්ජනය වේවි..ඒත් එතකොට ප්රමාද වැඩියි.......ලෝකයට පෙනෙන්න කොයිතරම් සීලවන්තයන් වුනත්, තමන්ගේ හදවතේ හැම දෙයක්ම ලියැවිලා තියෙන නිසා කොහේ ගියත් ඒවායින් ගැලවෙන්න බෑ......
උඩින් තියෙන ලස්සන අයිස් තට්ටුවට යටින් තියෙන කුණු තට්ටුවල ප්රමාණය හරියටම දන්නේ ඒවාගේ අයිතිකාරයෝම තමයි.....
තමන් නිවැරදි නම්,තමන් පොරොන්දුවූ දේ රකිනව නම්, තමන්ගේ සහකාරය හෝ සහකරිය ගැන සැකයක් සිතිය යුතු නෑ...ඒත් තමන්ට තමන්වම විශ්වාස නැති පුද්ගලයා සෑම විටම ඉන්නේ දෙගිඩියාවකින්……
ඒ වෙනකොටත් ලෝකයා අපේ සැබෑ තත්වය තේරුම් අරගෙන ඉවරයි...තවදුරටත් වසන් කරන්න බෑ....
පසලොස්වක දවසක, නිසංසල ජලාශයක මතුපිටට සඳේ ඡායාව වැටුනම ඒක හරිම පැහැදිළි දසුනක්...ඒත් ඒ දසුනේ පැහැදිළිතාවය තියෙන්නේ විල් දිය නොසැලී ඇති තාක් පමණමයි...කිසියම් මොහොතකදි,එකවර විල් දිය සසල වුනොත්,ඒ එක්කම එහි මතුපිට තියෙන සඳේ ඡායාවත් සසල වෙලා වියැකී යන්න ගතවෙන්නේ නිමේශයයි......අපේ හිතත් හිරියටම ඒ වගේ ,තමන් නිවැරදිව සිටිනා තාක් අපිට අන් අයගේ නෙත් වලින් අපේ පැහැදිළි ඡායාව දැකගන්න පුලුවන්..ඒත් අපි කිසියම් මොහොතක සසල වුනොත්...තව දුරටත් අපිට අන් අයගේ නෙතු දැහැන් වලින් අපේ පිලිඹිබුව් දකින්න බැරි වෙනවා...
තමන් වරදේ බැදුනම ඒක සදාකාලිකව රහසක් හැටියට තියාගන්න ලැබෙන්නේ නෑ..වැඩි දවසක් යන්න කලින්ම ඒ ගැන තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉවෙන් වගේ දැන ගන්නේවා...ඒ දැනගන්නේ තමන් ලඟ තියෙන ඔහුගේ හෝ ඇයගේ"පිළිඹිබුවෙන්".....
සඳ කිණිති නැමී-විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී-මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැලැඹුනදා
බිදෙයි සඳ කැබළි පිටින්
සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්...
පද ගෙත්තම : යමුනා මාලිනී පෙරේරා
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=2N1TLJxgDe4


Comments

  1. කියවන්ඩ අකුරු පෙන් නෑ ලොකු කොලන්න පීස්

    ReplyDelete

Post a Comment

Popular Posts