ගුජරාටයට ගෑටුවෙමි : 01 කොටස



ගුජරාටය කියන්නේ ඉන්දියාවේ වයඹ දිග කෙලවරේ තියෙන ප්රාන්තය.මෙය බටහිරින් පාකිස්ථානයටත්, නැගෙනහිරින් මහාරාෂ්ඨයටත්,උතුරන් රාජස්ථාන් සහ මධ්යප්රදේශ් ප්රාන්තවලටත්,දකුණින් ඉන්දියානු සාගරයටත් මායිම් වෙලා තමයි පිහිටලා තියෙන්නේ.....
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් බොහෝ පුරාව්ද්‍යා ස්ථාන මෙන්ම සේද මාවතට අදාළ පුරා විද්‍යාත්මක ස්ථානත් ගුජරාටයේ බටහිර කොටසේ තියෙනවා....ලෝකයේ බයානකම දේවල් අතුරන් එකක්වූ ඉන්දු-පකිස්ථාන දේශ සීමාව වගේම එහි හරි මැද පිහිටි රටවල් දෙකටම අයත් නො...වන පටු තීරුවද වැදගත් දෙයක්..ඒත් එහි ඡායාරූප ගන්න අවසර නෑ....
ගුජරාටයේ "ගිර්" ජාතික වනෝද්යානයේ පමණයි මේ වෙනකොට "ආසියානු සින්හයන්ගේ" ස්වාභාවික ජීවිතය දකින්න හැකි වෙන්නේ....
ඉන්දියාවේ තියෙන භෞතික මෙන්ම මානව සන්වර්ධනය අතින් ඉදිරියෙන්ම ඉන්න ප්රාන්තයක්....ගුජරාටයේ වෙළද අගනුවර "අහ්මදාබද්" වුනත් එහිපරිපාලන අගනගරය "ගාන්ධි නගර්"..ගාන්ධිනගර් කියන්නේ ගස් වලින් පිරුනු හරිත නගරයක්.......රාජ්කොට් සහ සුරාට් තමයි මෙහි තියෙන අනෙක් ප්රධාන නගර දෙක....
2015 වසරේ සැප්තම්බරයේ ඉන්දියානු කලමනාකරන සරසවියේ තිබුන පාඨමාලාවකට සහභාගීවෙන්න තමයි මම ගුජරාට් ගියේ....එය අතරතුර ලැබුන විවේක අවස්ථාවලදී ගුජරාටයේ සන්චාරය කරන්න අවස්ථාව ලැබුන....ඉන්දියානු කලමණාකරන සරසවිය පවත්වාගෙන යන්නේ ඇමෙරිකාවේ හාවඩ් සරසවියට අනුබද්ධ ආයතනයක් ලෙස....
ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියෙක් වුන මහත්මා ගාන්ධි වගේම,පාකිස්ථානයේ නිර්මාතෲ මොහොමඩ් අලි ජින්නාත් ගුජරාටියෙක්.....ඉන්දියාවේ නිදහස් අරගලයේ උච්ච අවස්ථාවක් වුන "ලුණු ලේවායේ අර්බුදය" සිදුවුනෙත් ගුජරාටයෙදි...ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ ධනවතුන් වන "ටාටා පවුල" සහ තවත් පළමු පෙළේ ඉන්දියානු ධනවතුන් බොහෝමයක්ම ගුජරාටියෝ..නරේන්ද්ර මෝදිත් ගුජරාටියෙක්.
වර්තමාන ඉන්දීය අගමැති නරෙන්ද්ර මෝදි නිදහසෙන් පසු ඔවුන්ට ලැබුන දක්ෂම අගමැතිවරයා ලෙස තමයි ඉන්දියානුවො බහුතරයක් කියන්නේ....ගුජරාටයෙදි මෝදිට සලකන්නේ දෙවියෙකුට වගේ....
ගුජරාටයේ මුඩුක්කුවක ඉපදුන මෝදි,වැඩිදුර ඉගෙන ගත් කෙනෙක් නෙවෙයි...පියා සහ සහෝදරයා සමග දුම් රියේ තේ අලෙවි කිරීමෙන් ජීවිකාව කළ ඔහු කාලයාගේ ඇවෑමෙන් ගුජරාටයේ මහ ඇමතිවරයා වුනා.....ඒ වනකොට ඔහුට ලොව ප්රධාන පෙලේ සරසවි දෙකක පශ්චාත් උපාධි දෙකක් ලබාගෙන තිබුනේ ස්වයන් අධ්යයනයෙන්...ඔහුට මුලදී ආර්ථික අපහසුතා නිසා මග හැරුන අධ්යාපනය පසුව කෙසේ හෝ ලබාගත්ත....ඔහු ගුජරාට මහ ඇමතිවූ කාලය තුල එය හැම අතින්ම විශාල දියුණුවක් ලබාගත්ත....
මෝදි මහ ඇමතිවීමන් පසු කල පළම දේ වුනේ මුලු ගුජරාටයම පිරිසිදු බවට පත් කරන්න වැඩ කල එක...
ගොඩබිමෙන් නොනැවතුන ඔහු "පවිත්ර ගන්ගා" ව්යාපෘතිය යටතේ සියලුම ජලාශ සහ ගන්ගා ඇල දොල පිරිසිදු කරන්න පටන් ගත්තා....ගුජරාටය හරහා ගලෙන ප්රධානම ගන්ගාවන් දෙක වන නර්මදාව සහ සබර්මතිය දිහා බැලුවම ඒ වෙනස ඉතා පැහැදිලියි...
ගුජරාටය "Dry State" එකක් එහෙම නැත්නම් "මත්ද්රව්ය භාවිතය සහ විකිණීම තහනම් කලාපයක්".....විදේශිකයන්ට පමනක් තම ගමන් බලපත්රය ඉදිරිපත් කිරීමෙන් ඉතා සීමිත ප්රධාන පෙළේ හෝටල් වලදී පමණක් මත්ද්රව්ය මිළදී ගත හැකියි......ඒ වුනාට "හොර අරක්කු" නම් ඕනෑ තරම් තිබෙන බව තමයි ගුජරාටියන් සිනාමුසු මුහුණෙන් කියන්නේ....
----- මතු සම්බන්ධයි ------

 

Comments

Popular Posts