හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 07 කොටස

 
පූජියාමාව,එහෙම නැතිනම් Mount Fuji කියන්නේ ජපනුන්ගේ පූජනීය වස්තුව..ලාන්කීය බෞද්ධයන්ට ශ්‍රී පාදය,කතෝලිකයන්ට කල්වාරි කන්ද,හින්දූන්ට කයිලාස කූඨය යම්සේ වැදගත්ද පූජියාමාව ජපනුන්ට එතරම්ම වැදගත්.....
ඒත් මේ වනවිට පූජියාමාව සම්බන්ධයෙන් කියවෙන්නේත් එතරම් ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති දෙයක් නම් නෙවෙයි....බොහෝ දෙනක් විශ්වාස නොකලත් මේ වන විට ලෝකයේ සියදිවි හානි කරගන්නා ජාතීන් අතරට ජපානයත් එකතුවෙලා ඉවරයි....පසුගිය කාලයේ ජපාන බලධාරීන් මේ ගැන දැඩිලෙස සොය බැලුවේ එම තත්වය ජාතික ප්‍රශ්නයක් දක්වා උද්ගතවීගෙන එන නිසා.....එහිදී ඔවුන් සොයාගත් කරුණු වූයේ අධික ලෙස ජපන් ජාතිකයන්ගේ මනස මත ක්‍රියාත්මක වන ආතතිය (Stress )මෙයට හේතුවී ඇති වගයි.....පිටින් ලස්සනට පෙනුනට ජපානය ලස්සනට තියාගන්න ජපනුන් ගන්න වෙහෙස අපමණයි...මේ හේතුව නිසාම ඔවුන් හැම වෙලේම ඉන්නේ මානසික ආතතියක.....
පසුගිය දශක කීපය පුරා ජපානයේ ක්‍රියාත්මකවූ 5-S ක්‍රමය තළින් පවා ඔවුන් වෙත අනවශ්‍ය ආතතියක් ඇති කර ඇති බව තමයි ඔවුන්ගේ සොය ගැනීම....බොහෝ දෙනෙක් සියදිවි හානි කරගන්න යොදාගන්නේ "පූජියාමාව"....පූජියාමාවේ මුදුනට නගින ඔවුන් එයින් පහලට පැනීමෙන් දිවි තොර කරගන්නවා....මේ හේතුව නිසාම අද වෙනකොට පූජියාමාව "අධි ආරක්ෂිත කලාපයක්"....කිසිවෙකුටත් හිතමතයේ එහි මුදුනට නගින්න බෑ....."කදු නගින්නන්" ලෙස එහි යන අය මනො වයිද්‍යවරයෙකුගෙන් ලබා ගත් නිර්දේශයක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි....
කාලගුණය පැහැදිළි දවසට ටෝකියොවට පූජියාමාව හොදින් පෙනෙනවා....අපි පූජියාමාවට ලගාවුනේ උදේ වරුවේ...අපේ නරක වෙලාවට මීදුම ගලල නිසා පැහැදිලිව මුදුන පෙනෙන්නේ නෑ......ඒත් Level-06 එකේ නැරඹුම් ස්ථානය දක්වා යන්න අපිට අවස්ථාව ලැබුන.......ජපානයේ හැම දෙයක්ම හරිම පිළිවෙලයි...එදා දවසේ කාලගුණ තත්වය අනූව බලධාරීන් තීරණය කරනව කුමන Level දක්වාද නරඹන්නන්ට යන්න දෙන්නේ කියලා....එතනින් එහාට තියෙන ගේට්ටු වසා දමනවා...ආයෙත් ජපන් අගමැතිවරයා ආවත් විවෘත කරන්නේ නම් නෑ....
මීදුම නිසා අපිට් යන්න ලැබුනෙ Level -06 වලට විතරයි........
මේක තවමත් අර්ධ වශයෙන් සක්‍රීය ගිණි කන්දක් නිසා හැම දේම ගැන බලධාරීන් ඉන්නේ හරිම සැලකිල්ලෙන්......
ඔන්න ඉතින් මේ ජීවිතේදි හිමාලයටයි,පූජියාමාවටයි දෙකටම සජීවීව යන්න මටත් වරම් ලැබුනා.....
--- මතු සම්බන්ධයි----
 
 

Comments

Popular Posts