නිහඬ විද්වතුන්………

(ඊයේ දිනයේදී කොළඹ ජාතික රෝහලේදී අපවන්නට යෙදුන පූජ්ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන් ගැන මීට මාස කීපයකට කළින් මා විසින් ලියන ලද සටහනක් උන්වහන්සේට ගෞරව උපහාර පිණිස නැවත මෙසේ ඵල කර සිටින වගයි...)
නිහඬ විද්වතුන්………
මේ ඉන්නේ පූජ්ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි...ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නව උනාට ථේරවාද බෞද්ධ ලෝකයේ විද්වතුන් බොහෝ දෙනෙක් ගුරු කොට සළකන ජගත් මට්ටමේ භික්ශුවක්..........
1940 දි ගාලු දිස්ත්රික්කයේ හබරාදූව කටුකුරුන්දේදී උපත ලැබූ උන්වහන්සේ, ගාල්ල මහින්ද විදුහලේ මෙන්ම පේරාදෙණිය සරසවියේ විශිෂ්ඨ ආදි සිසුවෙක්......එම සරවියේම කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී, තම ආචාර්ය උපාධිය සදහා විදෙස් ගතවීමට ගුවන් තොටුපොලට යාමට පිටත්වූ උන්වහන්සේ , ඒ අතර මගදී දුම්රියෙන් බැස හික්කඩුවේ,දොඩන්දූවේ පොල්ගස්දූව අරණ්ය සේනාසනයේදී (Island Hermitage ) එවකට පොල්ගස්දූවේ වැඩ සිටි මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමේ(BPS-Kandy) ආදි කර්තෲ ජර්මන් ජාතික ඤාණපෝනික හිමියන් යටතේ පැවිදි වුනේ 1967 දී......
එහෙම පැවිදි වන උන්වහන්සේ, වසර පහක්ම ධර්ම ශාස්ත්‍රීය කටයුතු වල නිරත වෙනවා...ආචාර්ය උපාධිය වෙනුවෙන් ලියු 1967 දී ලියූ නිබන්ධනය "Concept and Reality in Early Buddhist Thought “ ලෙස පසුව පොතක් ලෙස එලි දැක්වුනා.......
1972 වසරේදී, මීතිරිගල නිස්සරණවනයට පැමිණෙන උන්වහන්සේ, පසුගිය සියවසේ ලක්දිව පහලවූ මහා විපස්සනා ගුරුවරයාවූ මාතර ශ්රී ඤාණාරාම හිමිගේ ගුරු ඇසුර ලබා විපස්සනා භාවනාවට යොමුවෙනවා...මේ කාලයෙදි උන්වහන්සේගේ සමකාලීනයන් වන්නේ නාඋයනේ අරියධම්ම හිමි,පනාදූවේ ඛේමානන්ද හිමි වගේම,ඇමෙරිකානු ජාතික කෝවිද හිමියන්(පසුව කෝවිද හිමියන් ලග්ගල ප්‍රදේශයේදී කෙටි කලකින් අපවත් වෙනවා ).
අසූව දශකයේ අග භාගය වන විට ථේරවාද බෞද්ධ ලෝකය තුළ "නිර්වාණය" ගැන විවිධ ආචාර්ය මත ඵලවීමත් සමගම, තම දැනුමෙන් සහ දශක දෙකක භාවනා අත්දැකීමෙන් ඒ ගැන දීර්ඝව කරැණු පහදා දෙන්න කටුකුරුන්දේ හිමියන් ඉදිරිපත් වෙන්නේ මාතර ඤාණාරාම ගුරු හිමියන්ගේ ආරාධනයන්...ඒ අනුව 1989 සිට 1991 දක්වා කාලය තුළ, දෙසුම් 33 කින් සමන්විතව ඉතා වටිනා දේශණා මාලාවක් උන්වහන්සේ විසින් "නිවනේ නිවීම" යනුවෙන් පවත්වනු ලබනව...එය කොතරම් ජනප්‍රිය වූවාද කියනවා නම්, උන්වහන්සේ විසින්ම එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කොට, "Nibbana,The Mind Stilled" යනුවෙන් නොමිලයේ ලෝකයාට බෙදා හරිනවා...මෑත කාලයේ ලියැවුන විශිෂ්ඨතම ථේරවාද ග්‍රන්ථ ලෙස එය අවිවාදයෙන් යුතුව විද්වතුන් පිළිගනු ලබනවා......
1991 වසරේදී තම ගුරු හිමියන්ගේ අපවත්වීමත් සමගම, උන්වහන්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දේවාලේගම, කන්දේ ගෙදර "පහන් කණුව" සේනාසනය වෙත යන්නේ තවදුරටත් හුදෙකලාවම ප්‍රිය කල නිසා...
2009 වසරේදී, මා උන්වහන්සේ හමුවීමට එම ස්ථානයට ගියවිට, උන්වහන්සේ කොතරම් නිහතමානී මහ ථෙර කෙනෙක්දැයි ඇස් දෙකටම දැක ගන්න ලැබුනා...කොළඹ, Royal Institue හි අධ්යක්ෂ G.T.බණ්ඩාර මහත ඒ මොහොතේ පැමිණි අතර, මට ඒ මහතා හඳුන්වා දුන්නේ "මේ මගේ දහම් පොත් බෙදා හරින තාත්තා" යනුවෙන්...එයට හේතු වූයේ, හිමියන්ගේ සියලුම පොත් නොමිලයේ ලොව පුරා බෙදා හරීමේ "ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරයේ" පුරෝගාමියා බණ්ඩාර මහතා වූ නිසා....
උන්වහන්සේ විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියූ විවිධ පොත් 30 කටත් වඩා මෙම මඟින් නොමිලයේ බෙදා දෙනු ලබනවා(Concept & Reality in Early Buddhist Thought,The Magic of the Mind,The Mind Stiled,Ideal Solitude,Samyuththa Nikaya-An Anthology,The Law of Dependent Arising,...etc.....)
2012 වසරේ, මා උන්වහන්සේ හමුවීමට නැවත් වතාවක් ගිය විට හිටපු කථා නායක වී.ජ්.මූ.ලොකුබණ්ඩාර මහතා පැමිණ සිටියත් කිසිම විශේෂයක් නොමැතිව උන්වහන්සේ අප සියළු දෙනා සමගම "එකම සමානාත්මතාවයෙන්" කටයුතු කළ ආකාරය මතක් වෙන විට මට සිතෙන්නේ උන්වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහීන කල උත්තමයක් ලෙසයි.....
පාලි(මාගධී ),සංස්කෘත,සිංහල, යන භාෂාවන් සහ ථේරවාද බෞද්ධ දර්ශණය ගැන දැනට ලොව සිටින අංක එකේ විද්වතා උන්වහන්සේ කියල කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි......ඊට අමතරව ඉංග්රීසි , ලතින් සහ ග්රීක භාෂාවන්ගේ මෙන්ම බටහිර දර්ශණය පිළිබඳව උන්වහන්සේ ප්රවීණයෙක්.......
කිසිම දෙයක් හරියට නොදැන ඔහේ පිනුම් ගසන ගිහි -පැවිදි "ගෘහස්ථ පඬියන්" දැක්කම පූජ්ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි කොතරම් නිහතමානි නිහඬ විද්වතෙක්ද කියල හිතෙනව........
----චාමර වන්නිආරච්චි-----
 

Comments

Popular Posts