කුලරත්න ආරියවංශ.......

දකුණේ බෙන්තොටදී උපත ලබන කුලරත්න ආරියවංශ කියන්නේ අපේ රටේ බිහිවුන සුන්දරම ප්රේම ගීත රචකයා කිව්වොත් නිවැරදියි...බෙන්තොට ඇලකාක විද්යාලයෙන් ප්රාථමික අධ්යාපනය ලබන ඔහු වැඩිදුර අධ්යාපනය වෙනුවෙන් කොලඹ ආනන්ද විදුහලට ඇතුලත් වෙනවා...වයස අවුරුදු 20 දී විවාහ දිවියට ඇතුලත් වන ඔහු මෙතරම් ප්රේම ගීත ලියන්නත් එයම හේතුවක් වුන බව දිනෙක රූපවාහිනී වැඩසටහනකදී කිව් බව මට මතකයි...පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නාමල් උඩුගම දක්වාම ගායකයන්ට මනරම් ප්රේම ගීත රචනා කළ ඔහු අතින් ඒ හැම ගායකයාගේම ජනප්රියම ප්රේම ගීතය ල...ියැවුනා කියලයි මට හිතෙන්නේ.......

අමරදේවයන්ගේ සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා,සඳ තරු නිහඩයි,පාවෙනා නිල්වලාවේ,වික්ටර් රත්නායකයන්ගේ සිනා දොලක් වන් සිනා මලේ,ගුරු පාර දිගේ,මුවා වුනා සඳක් සිනා පාලා,සනත් නන්දසිරිගේ මේ ප්රථම වසන්තයයි,නන්දා මාලිනියගේ දෙනෝදාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කලේ,විජය කුමාරතුංගගේ පායා සීත රැයේ,ගුණදාස කපුගේගේ සීත පිණි බිඳු,සෙනේ සිතින්,ටී.එම්.ජයරත්නගේ රත්තරන් නෙත් දෙකින්,මුලු ලොවම නැති වුනත්,රාත්රිය උදාවුනා,වලා තීරයෙන් එහා,සුදු මුදු රළ පෙළ,චන්ඩිකමට රණ්ඩුවක් වෙලා,මේ පුංචි රටේ,දයාරත්න රනතුංගගේ සඳ මා හා සිනා සුනා,එච්. ආර් .ජෝතිපාලගේ සරා සඳේ සිනා සේලේ,සුනිල් එදිරිසිංහගේ අවපස අහසක,තාරකා මල්,සඳ මල පිබිදුනු,හිදීවි කොතැනක හෝ,මාලිනී බුලත් සිංහලගේ ප්රේමයේ විල් තෙරේ,සුසුමක උනුසුම නො විදි හදකට, සිතක් කෙලෙසද මේ තරම්,දයාන් විතාරණගේ සසල නෙත් මානයේ,රෝහණ සිරිවර්ධන දෑසේ මල් විලේ,ඔබේ අතගෙන,චන්ද්රලේඛා පෙරේරාගේ ඔබ දෙපා දොවා බැතියෙන්,සෙනෙහස විඳිනට,මට මුලු ලොවම ඔබයි, දීපිකා ප්රියදර්ශනීගේ සිනා පොදක්වී,ග්රේශන් ආනන්දගේ හිමකදු යහනේ,නිල් නුවල් සදැල්ලේ,ක්ලැරන්ස්ගේ හිරුගේ ලොවේදී, කරුනාරත්න දිවුල්ගනේගේ ප්රේමයේ මංදහාසිනී,නාමල් උඩුගමගේ බැස යන සඳ දෝතින්,නීලා වික්ර්මසිංහගේ පුංචි සිතේ පුංචි සිනා,ගල් අරඹේ හැංගෙන්නා උන් රහසේ ලංවෙන්නා ඇතුළු තවත් බොහෝ මනරම් ගීත ඔහු අතින් ලියැවුනා....ඔහුගේ ගීත නොගැයූ ගායකයෙක් ගායිකාවක් නොමැති තරම්......

ඉත්න් මේ සොඳුරු කලා කරුවාට දීර්ඝායු වේවා !


 

Comments

Popular Posts