හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 08 කොටස


සමස්ථ ජපාන භූමියෙන් 75% ට වඩා තියෙන්නේ කඳී..ඒ නිසා කඳු හරහා පාලම් සහ ඒ මතින් අධිවේගී මාරග ඉදිකිරීමේදී ජපන්නු ඉන්නේ ලෝකයේ ඉදිරියෙන්මයි...ජපානය පුරා සංචාරය කළ මම ඒ බව හොඳින්ම දැක්ක......
අපේ රටෙත් පළමු අධිවේගී මාර්ගය වුන "දක්ෂිණ අධිවේගී මාර්ගය" හදන්න මුලින්ම භාර දුන්නේ ඒ සදහා ලොවම පිළිගන්නා ජපාන සමාගමක් වුන "කුමගායි ගුම්" ආයතනයට..ඔවුන් එම මාර්ගය ඉතාමත් මැනවින් සැලසුම් කරල නිසි පරිධි ඉදි කරන්න පටන් ගත්තා...ජපානයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ තියෙන...ෙ විශේෂම දෙයක් තමයි ඔවුන්ගේ ව්‍යාපෘතියේ සම්පූර්ණ කාලයෙන් 75% පමණම ඔවුන් යොදවන්නේ "සැලසුම් කිරීමේ අධියරට(Planning Stage)" වීම.....සියලුම දේ ඉතා මැනවින් සැලසුම් කරන ඔවුන් ඉතිරි 25% කෙටි කාලය තුළදී ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන්නේ හැම දෙනාම විස්මයට පත් කරවමින්.....
ලංකාවේ අවාසනාවට අපේ පළමු අධිවේගී මාර්ගය නිසි කලට වේලාවට ඉදිකරන්න ලැබුනේ නෑ කුමගායි සමාගමට...ඊටත් වඩා සිදුවුනේ පුදුමාකාර හොරකම් සමූහයක්.....මා ජීවත්වන පින්නදූව ආසන්නයේ ඒ දවසවල අධිවේගී මාර්ගයෙන් හොරකම් කරන ලද ඩීසල් ඉතා සුලභව තිබුන...කුමගායි සමාගම ඒවා හදුනාගන්න තද රතු පැහැති වර්ණකයක් දමා තිබුනත් මිනිස්සු හොරකම නැවත්තුවේ නෑ.......අන්තිමට කුමගායි සමාගම ව්‍යාපෘතිය අතරමග නවතා දමා යන්න ගියා...ජපන්නු කියන්නේ අවංක මිනිස්සු....ඔවුන් ඉදිකලේ ගාල්ලේ සිට කුරුදුගහහැතැප්ම දක්වා කොටස විතරයි....එතැන් සිට කොට්ටාවටත්,ගාල්ලේ සිට මාතරටත් ඉදිකිරීම කලේ චීන හාබර් ඉංජිනියරින් සමාගම විසින්...ඔවුන් ඉදිකල කොටසෙත් ජපාන සමාගම ඉදිකල කොටසෙත් ඇති වෙනස නිතර මාර්ගය භාවිත කරනකොට දැනෙනවා.....
ජපානයේ තියෙන අධිවේගී මාර්ග පද්ධතිය නම් ඉතින් සුපිරිම තමයි.....
කොහේද ඉතින් අපේ මිනිස්සුන්ගෙ තියෙන නරක ගති නිසා අපිට අපේ සමස්ථ අධිවේගී මාර්ග පද්ධතියටම ජපානයෙන් ගන්න තිබුන වටිනා දායකත්වය නැති වුනා...ලාංකිකයෝ කියන්නේ දිනෙන් දින පිරිහෙන ජාතියක් බව නම් අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා....
---- මතු සම්බන්ධයි -----
 

Comments

Popular Posts