හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 05 කොටස

වන්නියාගේ ලෝක සවාරිය-වන්නියෙන් අනන්තයට
"ශිෂ්ඨාචාරයේ අක්-මුල් සොයා යන ගමන"
චීනයේ විසූ අධිරාජයා සිහිනෙන් බුදු රුවක් දැක්කේය.......පසුදා අවදි වුන ඔහු තම උපදේශකයන් කැදවා ඒ ගැන විමසුවත් ඔවුන් කිසිදා බුදුන් හෝ භික්ෂූන් නොදැක සිටි නිසා නිරුත්තර වීය.........පසුව අධිරාජයා දූත කණ්ඩායම් විස්සක් විවිධ දිශාවන් ඔස්සේ පිටත් කොට යවන්නේ මෙම හැඩයට සමාන රූපය සහිත රුව සහිත පුද්ගලයන් ලොව සිටීදැයි දැනගැනීමේ අරමුණෙන්ය.....
...
මාස ගනන් කාලය ගෙවා භාරතයට පැමිණි දූත පිරිසට බෞද්ධ භික්ෂූන් තැනින් තැන සිය දහස් ගනනින් දකින්න ලැබී ඉමහත් සතුටක් ඇතිවිය......
...
දකුණු ඉන්දියාවේ පල්ලව රජුගේ පුත්රයා "බෝධි ධර්ම" නමින් පැවිදිව නාලන්දා සරසවියේ ඉමහත් ප්රසිද්ධ විද්වතෙක් ලෙස ප්රකටව සිටි අතර චීන දූත පිරිස උන්වහන්සේට චීනයට වඩින ලෙස ආරාධනා කලහ.....
එය පිළිගත් බෝධි ධර්ම හිමි චීනයට වැඩම කලහ....උන්වහන්සේ චීනයට බුදු දහම හදුන්වා දුන්නේ අධිරාජයගේ ඉල්ලීම අනුවය....මෙය ධ්යාන භාවනාවට මුල් තැන දුන් මහායාන බුදු දහම විය......චීන්නුන්ට ධ්යායාන යන වචනය උච්චාරණය අපහසුවූ නිසා "චාන්" ලෙස එය කියැවීය......එය ජපානයට හදුන්වා දුන් පසු "සෙන්" විය.....
පාරම්පරික ෂින්ටෝ දහමත් ,ජපානයටම ආවේණික සෙන් බුදු දහමත් තමයි වසර දහස් ගනනක් තිස්සේ ජපානයේ ජීවනාලිය වුනේ...ඵලදායිතාවය ඉහළ නැන්වීම උදෙසා ජපානය විසින් හදුන්වා දුන් "එස් පහ" ක්‍රමය වගේම "කයි සෙන් "ක්‍රමවේදයත් පදනම් වෙලා තියෙන්නේ මේ මේ සෙන් බුදු දහමේ සංකල්පයන් එක්ක....ජපානයෙන් ආරම්භ වුන සෙන් දහම මේ වනවිට ඇමෙරිකාව ,හොංකොං,තායිවානය වගේ රටවල ඉතා ජනප්රියයි...ඒ බව හොඳින්ම පැහැදිළි වෙන්නේ ලොව පුරා පැතිරුනු වෙනම සෙන් බෞද්ධ සාහිත්‍යක් පැවතීමෙන් මයි.....
මේ සෙන් ආරාමවල පිළිවෙල,භූමි අලංකරණය වගේම විනය ,පිරිසිදුකම ඉතාම ඉහළයි.....ඔවුන් කියන්නේ ඒ හැම දෙයක්ම භාවනාවේ කොටස් කියලයි.....බුදුන් සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත ඵබ්බයෙදි කියූ කරුණු සෙන් දහමේදී ඉතාම ප්‍රායෝගිකව යොදා ගන්නවා.....ටෝකියෝව වගේම ඊට කලින් ජපානයේ අගනුවරවල් වුන නාරාව,සහ කියෝතෝවෙත් ගොඩාක් සෙන් ආරාම දකින්න පුලුවන්...
---- මතු සම්බන්ධයි ------.

Comments

Popular Posts