හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 03 කොටස


වන්නියාගේ ලෝක සවාරිය-වන්නියෙන් අනන්තයට
"ශිෂ්ඨාචාරයේ අක්-මුල් සොයා යන ගමන"
ජපානයේ වාණිජ්‍ය වරායන් කීපයක්ම තියෙනවා...යෝකොහාමා කියන්නේ ඉන් ප්‍රධානම එකක්...යෝකොහාමා වරාය නගරය ඉතාම පිළිවෙලකට නිර්මානය කරල තියෙනවා.....ජපානයේ නිෂ්පාදනය කරන මෝටර් රථ බොහෝ විට අපනයනය කරන්නේ මේ වරායෙන්....
...
භූමි අලන්කරනය,කසල කලමණාකරනය වගේ දේ වලින් ජපානය අපිට වඩා ගවු ගනනක් ඉදිරියෙන්.......සුන්දර යෝකොහාමාවෙන් අපි නැවතත් ටෝකියෝවට ආවේ ජපානයේ උසම ඉදිකිරීම වන Tokyo Tower එක උඩට ගිහින් මුලු ටෝකියෝවම එකවර නරඹන්න හිතාගෙන...
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ විනාශ වෙලා ගිය ජපානය නැවත ගොඩනගන්න සෑම ජපන් ජාතිකයෙක්ම දිවි හිමියෙන් කැපවුනා...ජපන්නු කියන්නේ ඒ තරමටම තම ජාතියට ආදරය කරන පිරිසක්.....Tokyo Tower නිර්මාණය කරල තියෙන්නේ ප්‍රන්ශයේ අයිපල් කුළුන අභාෂයට අරගෙන.....එහි මුදුනට ගියාම හතර වටෙන්ම මුලු ටෝකියෝවම දකින්න පුලුවන.පතුලට වීදුරු යෝදා විනිවිද පෙනෙනසේ එහි ඉහලම වේදිකාව සකස් කර තියෙන නිසා එකවර එම වීදුරු තහඩු වලට බර දීල ඉන්න බයක් ඇතිවෙන්නේ කඩා ගෙන ගියොත් තත්පර ගානක් ඇතුළත මහ පොලොවට පතිත වෙනා පුලුවන් නිසා....
ඉන්දියාවේ TATA සමාගම දැන් ජපානයටත් ව්‍යාප්ත වෙලා කියල දැක්කේ එක ආසන්නයේ තිබුන TATA Consultancy Service විශාල ගොඩනැගිල්ල දැක්කම තමයි.....

---- මතු සම්බන්ධයි ------

 

Comments

Popular Posts