සෙන් බෞද්ධ සාහිත්‍යයෙන්...03


සෙන් තෙරුන් විසි දෙනෙකුයි,ඉෂාන් නම් තෙරණි කෙනෙකුයි එක්තරා සෙන් ගුරුවරයකු යටතේ භාවනා අභ්‍යාස කරන්න පටන්ගත්තා.
හිස භූ ගා චාම් ඇදුමක් ඇඳන් සිටියත් ඉෂාන් ඉතාම සුන්දර යුවතියක්.තෙරුන් කීප දෙනෙක්ම ඇයට හොරෙන් ආදරය කරන්න වුණා.එක් තෙර නමක් ඇයට පෙම් හසුනක් දුන්නා,රහසේ හමුවෙන්න ඇරයුම් කරලා.
...
ඉෂාන් ඊට පිළිතුරු දුන්නේ නෑ.පසුදා සෙන් ගුරුතුමා ඔවුන් පිරිසට දේශනා කරල ඉවර වුණ ගමන් ඉෂාන් නැගිට්ටා.නැගිටලා පෙම් හසුන දුන් තෙර නම දිහාට හැරිලා මෙහෙම කිව්වා: "ඔබ ඔය තරමට මට ආදරේ නම් එන්න ඇවිත් මාව වැළඳ ගන්න."
(පර්සි ජයමාන්නගේ සෙන් කතාවක් ඇසුරිනි )
---- චාමර වන්නිආරච්චි ------

Comments

Popular Posts