හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 02 කොටස

වන්නියාගේ ලෝක සවාරිය-වන්නියෙන් අනන්තයට
"ශිෂ්ඨාචාරයේ අක්-මුල් සොයා යන ගමන"
නරීටා ගුවන් තොටින් ජපානයට ඇතුළු වුන අපි ටෝකියොවේ සුන්දර සකුරා මල් සමයත් නරඹමින් අපේ පළමු නවාතැන වුන යෝකොහමා වරාය නගරයේ හෝටලයට පැමිණුනා...මේ සකුරා සමය නිසා ජපානය පුරාම සැණකෙළි....ඒක හරිම සුන්දර අත්දැකීමක්....රාත්‍රී ආහාරය ගන්න අතරතුරම සකුරා මල් සමයට ආවේණික ජපන් නර්තනයන් දකින්න අපිට අවස්ථාව ලැබුනා.......
...
පසුදා අවදි වුන අපේ මීලඟ ගමනාන්තය වුනේ යෝකොහමාවේ සෙන් බෞද්ධ ආරාමය.....මේ ආරාමය ලාංකිකයන්ට සුවිශේෂී එකක්....
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයත්,ඉතාලියත්,ජර්මනියත් ලෝකයෙන් කොන් කර දමන්න ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික රටවල් සූදානම්වෙද්දි එක්සත් ජාතීන්ගේ පලමු සැසිවාරය නියෝජනය කළ ලාංකීය රාජ්‍යතාන්ත්‍රිකයා වුන ජේ .ආර්.ජයවර්ධන මහතා ඉතා පැහැදිළි ප්‍රකාශයක් එහිදී කරනව...
"නහි වේරේන වේරාණි" යන ධම්මපද ඝාථාව කියා ජපානයට වෛර කළ යුතු නැති බවත් ඔවුන්ට සමාවදී තම පැරණි වැරදි හදා ගැනීමට ඉඩ දිය යුතු බවත් ඔහු UN සමුළුවේදී නිර්භයව කියනවා...අවසනදී සියලු දෙනා එය ඒකමතිකව පිළිගෙන ජපානයට සමාව දෙනවා....මේ හේතුවත් එක්ක ජයවර්ධන මහතා ජපානයේ ජාතික වීරයෙක් බවට පත්වෙනවා....ඔහුගේ පිළිරුවක් අදටත් ජපානයේ සෙන් බෞද්ධ විහාරයේ තිබෙනවා....ඔහුට කල ගරු කිරීමක් වශයෙන් තමයි ජපන් රජයෙන්,ජයවර්ධනපුර රෝහල,රූපවාහිනිය,කැළණියේ ජපන් මිත්‍රත්ව පාලම සහ තවත් බොහෝ දේ ලබා දෙන්නේ.....වර්තමාන සමහර කථිකයන්ට හරියට ජාතිය අමත ගන්න බැරුව දඟලනකොට තමයි අතීතයේ අපේ රටේ ලෝකයම හොල්ලන්න පුලුවන් කථිකයෝ සිටි බව මතක් වෙන්නේ....
---- මතු සම්බන්ධයි ------

 

Comments

Popular Posts