රිස් ඩේවිස්.......


තෝමස් විලියම් රිස් ඩේවිස් බ්‍රිතාන්ය ඇන්ග්ලිකන් නිකායේ පූජකවරයෙකුගේ පුතෙක් ලෙස උපදින්නෙ එන්ගලන්තයේ "එසෙක්ස්(Essex) " ප්‍රාන්තයෙදි 1843 .05.12 දින........කුඩා කලසිටම පෙරදිග දේ ගැන අධ්යයනයට කැමැත්තක් දක්වපු ඔහු තමනගේ තෘතීක අධ්යාපනයට නීතිය,රාජ්ය පරිපාලනය විෂයයන්ට අමතරව "සන්ස්කෘත භාෂාවත්" හදාරනව......
මේ කාලය වනවිට භික්ශූන් මුල් වෙලා ලක්දිව ඉන්ග්‍රීසි විරෝධී සටන් ඇවිලෙමින් පැවතුන යුගය......මේ විරෝධතාවන් මඩින්නෙ කොහොමද කියල සොයන්න ලන්කාවට ආපු හැම ඉන්ග...්‍රීසි උපදේශකයෙක්ම ඒකමතිකවම කියන්නේ එකම දෙයය්....."මේ රටේ කහ කඩයක් ඇදගෙන ඉන්න බෞද්ධ භික්ශූන් ඝාතනය කිරීමෙන් පමණක් මෙම විරොධතවන් මැඩිය නොහැකි බවත් බුදු දහම මතවාදීව පරාජය කොට මිනිසුන්ගේ සිත් තුලින් මකා දැමිය යුතු බවත්............
බුදු දහම "මතවාදීව පරාජය කරන්න" නම් ඒ ගැන පුලුල් අධ්යයනයක් කලයුතු වුන නිසා ඉන්ග්‍රීසි ආණ්ඩුව එම හාරදූර වගකීම පෙරදිග අධ්යයනය ගැන ප්‍රවීනයෙක් වුන රීස් ඩේවිස්ට පවරමින් ඔහු ගාල්ලෙ ප්‍රාදේශීය පාලකය බවට පත් කරමින් ලන්කාවට එවනව......
බෞද්ධ විහාරයක ඇතිවූ ආරවුලක් ගැන නඩුවක් විමසමින් සිටින ඩේවිස්ට, මෙම නඩුවේ සාක්ශි ලෙස ඉදිරිපත්වූ "පාලි" ලියවිල්ලක් හමුවෙනව....ඉන් පස්සෙ ඔහු භික්ශූන්ගෙන් පාලි භාෂාව ඉගෙන ගන්නව...........පාලි ත්‍රිපිටකය කියවන්න අරඹන ඩේවිස්ට මින් පෙර කිසිදා හමු නොවූ "සනාතන සත්යයක්" ලෙස බුදු දහම පෙනෙනව.........
තමන්ට ඉන්ග්‍රීසි ආණ්ඩුවෙන් ලබා දුන් "භාරදූර කුමන්ත්‍රනකාරී වැඩ පිලිවෙල" පසෙකට දමන ඩේවිස් පාලි ත්‍රිපිටකය ඉන්ග්‍රීසියට පෙරලන්න අරඹනව.....ඉන්ග්‍රීසි ආන්ඩුවෙන් ලබා දුන් "කොන්ත්‍රාත්තුව" පසෙක දමා ඩේවිස් කරගෙන යන මෙම "රාජ්ය විරෝධී වඩපිලිවෙල" ගැන චෝදනා කරමින් එවකට ලක්දිව සිටි ඉන්ග්‍රීසි ආණ්ඩුකාරවරය ඩේවිස් සේවයෙන් පහකොට ලන්කාවෙන් පන්නා දමනව.......
රැකියාව අහිමිවීමෙන් නැවතත් එන්ගලන්තයට යන ඩේවිස් ලන්ඩන් සරසවියේ පාලි භාෂාව ඉගැන්වීමෙන් තමය් ජීවත් වෙන්නෙ....පසු කලෙක එහිම පාලි භාෂා මහාචාර්යවරය බවට පත්වෙමින් ලන්ඩන් සරසවිය තුල පාලි භාෂා අධ්යනාන්ශයක් අරඹනව.......මැක්ස් මුලර්ගේ දායකත්වයත් සමගගින් බ්‍රිතාන්යේ "පාලි භාෂා සන්ඝමය " (Pali Text Society ) අරඹන ඩේවිස් මුලු ලෝකයටම ත්‍රිපිටකය විවර කරනව......ඒ විතරක් නෙමෙය් ත්‍රිපිටකයට අමතරව සියලුම අටුවා ග්‍රන්ථයනුත් ඩේවිස් ඉන්ග්‍රීසියට පෙරලනව......
මුලින්, බුදුන්ටත් දහමටත් වින කරන්න හිතල පැවිදිවිවෙලා පස්සේ රහත් වුන බොහෝ දෙනාගේ කතා "ඩේවිස් පරිවර්තනය කල" ත්‍රිපිටකයේම තියෙනව.......
බොහෝ දෙනෙක් බුදුන්ටත් දහමටත් ගරහන්නේ වින කරන්නෙ ඔවුන්ගෙ "නොදනුවත්කම" නිසාමය්.....ඔවුන්ට අනුකම්පා කරමින් ඇත්ත දකින්න උදවු කිරීම තමය් අපේ යුතුකම විය යුත්තේ........එහෙම නැතුව "පව්කාරයාට ගල් ගැසීම" නොවේ.....
- චාමර වන්නිආරච්චි -
 

Comments

Popular Posts