කවියෙකුට මල් පිදීම.....


කවියන්ට මල් පුදන මිනිස්සු දැකල තියෙනවද ? බෞද්ධයන්ට නම් බුදුන් කියන්නේ මහා කවියෙක් තමයි...උන්වහන්සේගේ සෑම දේශනාවකම අමුතුම ගීතවත් බවක් ගැබ් වෙලා තියෙනවා.......ඒත් ඒ තුළ ඕලාරික, ලාමක රසයකට එහා ගිය නිරාමිස ප්රීතියක් තියෙනව කිව්වොත් ඔබලා විරුද්ධ වන එකක් නෑ....පිටක සාහිත්ය පුරා තියෙන ,ගාථා,ගෛයිය,වෛයාකරණ,ඛුද්ධක පාඨ, උදාන පාළි ඇතුළු තවත් බොහෝ දේ ඒවාටම ආවේණිකවූ විමුක්ති රසයකින් ඇතුලත් වෙනවා......
පිරිත් සඣ්ගායනා කරද්දි ඒවා ගද්ය වලටත් -පද්යවලටත් අතර මැද ස්වරයකින...් හෙවත් "මාත්රා තුනෙන් තුනට" සඣ්ගායනා කරන්න කියල බුදුන් අනුදැන වදාළේ පිරිත උපේක්ෂාවෙන් සවන් දිය යුතු නිසා....
බුද්ධ කාලේ වැඩ සිටි මහා කවියා වුන "වංගීස" හිමියන් නම් නිතරම බුදුන්ගේ දෝෂ දර්ශණයට ලක් වුනේ හැමදේම දිහා කලාත්මකවම බලන්න ගිය නිසා...ඒත් පස්සේ වංගීස හිමි රහත් වෙනවා.....
තිරුක්කුරල් කියල කියන්නේ ද්රවිඩයන්ගේ පූජනීය ග්රන්ථය...එය ද්රවිඩයන්ටම ආවේණික එකක් නිසා සමහර වෙලාවල භගවත් ගීතාවටත් වඩා ගෞරවයක් ඒ කෙරෙහි ද්රවිඩයන්ට තියෙනව කිව්වොත් නිවැරදියි.........ක්රි.පූ.තුන් වැනි සියවසේදී දකුණු ඉන්දියාවේ වර්තමාන චෙන්නායි ප්රාන්ත අගනුවර ආසන්නයේ පිහිටි මධුරා පුරයෙ ජීවත් වුන තිරුවල්ලුවාර් කියන කවිය තමයි මේ පොත ලියන්නේ........
උතුරු දකුණු බේදයකින් තොරව අතීතයේ සිටම භාරතය පුරා ඔඩු දුවපු කුල බේදය මේ පොත තුළ නිර්දය ලෙස විවේචනයට ලක් කරනවා..... රටට ලෝකයට බරක් නොවී ජීවත් වෙන්නේ කොහොමද වගේම ලෝකයේ විවිධ ගැටුම් වලදි යුක්තිය පසිඳලන්නේ කොහොමද කියලත් තිරුක්කුරල් ග්රන්ථයේ මනා ලෙස විස්තර කරනව...... කොහොම වුනත් මේ වටිනා ග්රන්ථයට බෞද්ධ ඉගැන්වීම් වල අභාෂය ලැබුන බව නම් පැහැදිළියි....
මේ මහා කවියාගේ බලපෑම නිසා මීට සියවස් ගනනකට කලින් දකුණු ඉන්දියාවේ තිබුන කුල බේදයේ සාහසික බව යම් තරමකට හෝ අඩු වුන බවයි බොහෝ ඉතිහාසවේදීන් කියන්නේ....
තමිල්නාඩුවේ "කන්යාකුමාරි" දූපතේ අඹල තියෙන මේ මහා කවියාගේ පිළිරුවට දිනපතා මල් පූජා කිරීමේන් කෘත ගුණ දක්වන්න තරම් තමිල්නාඩු ද්රවිඩයෝ නිහතමානි පිරිසක්....
පුරාවෘත්ත වලට අනුව තිරුවල්ලුවාර් කියන්නේ "පරමාදර්ශී" චරිතයක්...ලෝකයට එකක් කියමින් තමන්ගේ චරියාව වෙනස් අයුරින් ගත කළ කෙනෙක් නෙවෙයි.....
එවැන්නෙකුට මල් පිදීම කොතරම් වටිනා දෙයක්ද ?
ඉතින් ලෝකයේ කොතනකහෝ කවියෙකුට මල් පුදනවනම් ඒ දකුණු ඉන්දීය මහා කවි "තිරුවල්ලුවාර්" වෙනුවෙන් තමිල් නාඩුවෙ කන්යාකුමාරියෙදිම පමණයි....
-------------චාමර වන්නිආරච්චි----------------

Comments

Popular Posts