“තේජො කසිනය”......


මේ රූපයේ ඉන්නේ වියට්නාමයේ මහායාන බෞද්ධ “ තී ක්වාන් ඩික්” මහනායක හිමි...... එවකට පැවති බටහිර ගැති දකුණු වියට්නාම රජය බෞද්ධයන්ට කල මර්ධනයන්ට එරෙහිව උන්වහන්සේ "සායිගොන් " හෙවත් වර්තමාන "හෝ චි මින් සිටි " නගරයෙදී 1963 .06.11 දින දෙනෝදාහක් දෙනා මැද්දෙ සිරුරට ගිනි තබාගනිමින් සියදිවි හානි කරගන්නව.....මුල සිට අවසානය දක්වාම පූර්ණ පද්මාසනය හෙවත් බද්ධ පර්යංකයේ ( Lotus Posture ) සිටිමින් තමයි උන්වහන්සේ මෙසේ සිදු කරගන්නේ...කොතරම් ගිනි ගත්තත් කිසිම සෙලවීමක් නැ...තිවම ඉන්නව...අවසානය වනවිට උන්වහන්සේගේ හදවත පමණක් ඉතිරිවී අනෙක් සියල්ලම දැවී අලුවී ගොස් තිබුණා........
ඒ කාලයේ මෙම සිද්ධිය ලොව පුරාම මහා ආන්දෝලනයක් ඇතිකලා....බොහෝමයක් බටහිර ජාතිකයෝ මෙම වීඩියෝව දැකල ලංකාව,තිබ්බතය,බුරුමය,තායිලන්තය වැනි බෞද්ධ රටවලට ගොස් පැවිද්දන් බවටත් පත්වුනා......මීතිරිගල නිස්සරණ වනයේ වැඩ සිටි ඇමෙරිකාවේ(කැලිෆෝනියාවේ ) කෝවිධ හිමි ඉන් මා දන්නා චරිතයක්.......උන්වහන්සේ වියට්නාමයේ ඇමරිකානු හමුදා අණ දෙන නිලධාරියගේ එකම දරුවා.....උන්වහන්සේ ලග්ගල කැලේදි අපවත් වුනේ උණ සන්නිපාතය වැලදිලා.......වියට්නාම් ජන සංහාරයට එකතුවුන තවත් අමෙරිකන් සෙබලෙක් කඳුබොඩ විපස්සනා මධ්යස්ථානයෙදි වසර කීපයකට කලින් පැවිදි වුනා......
බුදුන් ලොව පහලවීමටත් පෙර සිටම භාරතයේ යෝග භාවනාවන් තිබුනා....විවිධවූ "කසිණ” භාවනා ඉන් මුල් තැනක් ගන්නව......තේජො කසිනය එහි උපරිමය දක්වාම වැඩූ කෙනෙකුට තමා කැමති උශ්ණත්වයකට ඉක්මණින් ලගාවිය හැකියි......මෙය ධන සහ ඍණ කියන දෙපැත්තටම පොදුයි.......මීට වසර කීපයකට පෙර අමෙරිකාවේ සරසවියකින් මේ ගැන බටහිර විද්යාත්මකවත් පරීක්ෂණ සිදුකලා...ඔවුන් ඒ සදහා ආරාධනා කලේ තිබ්බතයේ යෝගී වරුන් කීප දෙනෙකුට...මුලින් ඔවුන් එය ප්රතික්ශේප කලත් පසුව දලයි ලාමා ඉදිරිපත් වී ඔවුන්ව සහභාගී කලා...මෙහිදී ඔවුන් ඍණ අගයක් වුන අයිස් කුට්ටි මැදටවී තේජෝ කසිණයට සමවදිමින් එම අයිස් කුට්ටි දිය කරමින් සියල්ලන්ම විශ්මයට පත් කලා...........
සූත්ර පිටකයේ සදහන්වන "දබ්බමල්ලතිස්ස පුත්ත” රහතන්වන්සේගේ කතාවෙදි මේ ගැන ලොකු විස්තරයක් බුදුන් විසින් දෙසනව..... දබ්බමල්ලතිස්ස පුත්ත කියන්නේ බුද්ධ කාලයේ තේජෝ කසිණය වැඩූ රහතුන් අතුරින් අග තැන්පත් කෙනා......උන්වහන්සේ පිරිනිවෙන මොහොතේදි බුදුන්ගෙන් අවසරගෙන එම ස්ථානයේදිම "තේජො කසිණයට" එකවර සමවදිමින් ශරීරය තුලින්ම ගිනි උපදවාගෙන ආදාහනය වූ බවත් ධාතු වශයෙන් කිසිවක් ඉතිරි නොවූ බවත් පිටකයේ සදහන්.....මෙය බටහිර තාප ගති විද්යාවේ(Thermodynamics) හදුන්වන්නේ "ඌර්ධවපාතනය "කියල........ඌර්ධවපාතනය කියන්නෙ ඝනයක් ද්රව නොවී කෙලින්ම වාෂ්ප බවට පත්වීම.....
මේ විශ්වයේ අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහොයි.......අප නොදන්නා දේ සියල්ලම බොරුයැයි පවසමින් නොසිට , "නොදන්නා බව" අවංකවම පිලිගත් පසු ටිකෙන් ටික ඒවා දැනගැනීමේ "වරම" අපට හිමි වෙනවා....
- චාමර වන්නිආරච්චි -

 

Comments

Popular Posts