පෝල් බ්රන්ටන්.......


මිසරයේ පිරමීඩ තුල දින ගනන් තනිවම ගත කරමින් ඒවා තුල අදටත් ජීවත් වන ඉපැරණි පාරාවෝ රජවරුන්ගේ භූත ආතමයන් සමග මනසින් සන්නිවේදනයේ යෙදෙමින් ලෝකයට පිරමීඩවල සහ පාරාවෝ වරුන් ගැන වටිනා රහස් රැසක් හෙලිකල ඉංග්රීසි ජාතික ගවේශකයා තමය් "පෝල් බ්රන්ටන්(Paul Brunton) " කියන්නේ........
ඔහු විසින් 1930 දශකය පුරාම මිසරය පුරා ඇවිදිමින් කල සොය ගැනීම් සියල්ල එක් කරමින් ලියූ “A Search in Secret Egypt “පොත ලොව පුරා අතිශයින්ම ජනප්රිය වුනා........එතනින් නොනැවතුන ඔහු ඉන් පසු ...භාරතය පුරා සංචාරය කරමින් ලද විරල ගණයේ අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද “A Search in Secret India “ පොත නිසා පෙරදිග සංස්කෘතිය සහ අභිරහස් විද්යාවන් ගැන බටහිර ලෝකයේ නෙත් විවර වුණා..........
තම දීර්ඝ ඉන්දීය සන්චාරය නිමකරමින් බටහිර බෙංගාලයේ හිමාලයට යාබද "කාලිංග් පොං” වෙත ලගාවූ බ්රන්ටන් එතැනින් සිකීම් හරහා නිරන්තර සැඩ පහර සහිත "බ්රහ්ම පුත්ර" ගං ඉවුර දිගේ තිබ්බතයට යන්නේ මාස ගනනක් තිස්සේ විවිධවූ ජීවී සහ අජීවී මාරන්තික අනතුරු වලට මුහුන දෙමින්....කෙසේ හෝ උපක්රමශීලීව දිවි ගලවා ගනිමින් තිබ්බතයට ලගාවන ඔහු තවත් වසර කීපයක් එහි ලාමා අසපු සහ අබිරහස් ගුහා තුල දිවි ගෙවමින් ලද අත්දැකීම් අනුසාරයෙන් ලියු “A Hermit in the Himalayas “පොත තමයි පසුගිය සියවසේ ලොව වැඩියෙන්ම ජනප්රිය වුන "ගවේශණ කෘතිය"…….
තමන්ට නින්දේදී අදෘශ්යමානවූ කිසිවෙක්ගෙන් ලද තොරතුරු අනුව තමය් ඔහු තිබ්බතය සොයාගෙන යන්නේ.....අතරමගදි සිදුවන නොයෙකුත් දුශ්කරතාවන් මග හැර යාමටත් එම බලවේගය තමන්ට නිරතුරුවම උදව් කල බවය් බ්‍රන්ටන් සිය පොතේ කියන්නේ.....
උපතින් කතෝලිකයකු වුවත් ඔහුගේ මෙම ගවේශණ වලින් අනතුරුව භාරතීය "කර්ම” සංකල්පය පිලිගනිමින් ලියන “What is Karma? “ නම්වු පොතත් ලොව පුරා ජනප්රියා වුනා…..බටහිර ලෝකය පෙරදිග ගැන තිබූ බොහෝමයක් මිත්යාවන් බොරු කිරීමට බ්රන්ටන්ගෙ මෙම ගවේශණයන් හේතුවුන බවය් විද්වත් මතය.......
- චාමර වන්නිආරච්චි -
See More

Comments

Popular Posts