මහබෝ වන්නම......

බෙන්තර ගඟෙන් එහා දකුණෙන් බිහිවූ මහා කවියන් වුන තොටගමුවේ රහල් හිමි,ගනේගම සරණංකර හිමි,මාපලගම විපුලසාර හිමි,වැලිවිටියේ සෝරත හිමි,පොල්වත්තේ බුද්ධත්ත හිමි,රඹුකන සිද්ධාර්ථ හිමි,ගජමන් නෝනා,අන්දරේ,කුමාරතුංඟ මුනිදාස,මාටීන් වික්රමසිංහ,අරිසෙන් අහුබුදු,කරුණාරත්න අබේසේකර,ගුණරත්න අබේසේකර,H.H.කුඩලිගම,විල්සන් හෑගොඩ(ලාල් හෑගොඩ ඡායාරෑප ශිල්පියාජේ පියා ),විමල් අබේසුන්දර,ප්රිණීත් අබේසුන්දර,චිත්රානන්ද අබේසේකර,G.M. අජිත්, ධර්මසිරි ගමගේ,සිරි ගුනසිංහ,එදිරිවීර සරත්චන්ද්ර ,ගුණදාස අමරසේකර,බුද්ධදාස ගලප්පත්ති,පියසේන කහදගමගේ,D.B.ධනපාල,රත්නශ්රී විජේසිංහ,කුලරත්න ආරියවංශ,බන්දුල නානායක්කාරවසම්, යමුනා මාලිනි පෙරේරා ,නන්දන වීරසිංහ ඇතුලු මෙකී නොකී බොහෝ දෙනා අතර කියවෙන වටිනා නමක් තමයි හම්බන්තොට පුවක් දණ්ඩාවෙ උපන් ශ්රී චන්ද්රරත්න මානවසිංහ කියන්නේ…..
පුවක් දණ්ඩාවේ පංථාරාමයත්,පංචථූපාරාමයත් දෙකම තිබුණෙ කඩවර වැව දෙපස ......පංචථූපාරාමේ වැඩ සිටි පුවක් දණ්ඩාවේ සාරානන්ද හිමි යටතේ වසය අවුරුදු 12 දි පැවිදිවුන මේ පන්සල් දෙකටම නිතර ආගිය තරුණයා බෞද්ධ සාහිත්යයට අත් පොත් තබන්නේ පංථාරාමයේ වැඩසිටි මුල්කිරිගල නන්දාරාම හිමිගෙන්.... මුල්කිරිගල හිමි සමග හදිසියේම කතරගමට එන්නට සිදුවීම මේ කුඩා සාමණේරයන් වහන්සේගෙ ජීවිතයේ තීරණාත්මක සිද්ධියක් වෙන්නේ කතරගම දේවාලයේ හිමිකමට හටගත් අර්බුධය අවසන් වෙන්නේ මනුෂ්ය ඝාතනයක් සමඟින් වීමයි...මේ හේතුව නිසා මේ කුඩා හිමියන් දිවි ගලවා ගන්න කැලයට පැනලා කැලේදිම සිවුරු හැරල සරමක් ඇදගෙන දඹුල්ලට පලායන්නේ ජීවිතේ බේරගන්න...
ඉන්පසු මේ තරුණයා දඹුලු විහාරය ලඟ තේ කඩයක් වැඩ කරන්න පටන් ගන්නවා.ඒ දිනවල ලංකාවේ සංචාරය කල බටහිර මහා කවි බර්නාඩ් ශෝ දඹුලු විහාරයේ සිතුවම් බලන්න එනවා.ඔහු එහි ඇති බුදුරැස් මාලාවේ තේරුම ගැන ප්රශ්න කරනව…..ඒ ගැන ඇසූ ප්රශ්න වලට පිළිතුරු දෙන්න කිසිවෙකුටත් බැරිවෙනව.... ඉන්පසු මේ සිද්ධිය දැනගත් මේ තේ කඩයේ කොලුවා වහාම ඉදිරිපත්වෙලා බර්නාඩ් ශෝ ඇසූ ප්රශ්න වලට චතුර ලෙස ඉංග්රීසි භාෂාවෙන් පිළිතුරු දෙනවා...කවියා මහත් අමන්දානන්දයට පත්වී ඔහු කැටුව සීගිරිය බලන්නත් යනවා..මේ සිද්ධියෙන් පසු දඹුල්ලේ කට කතාවක් පැතිරෙනව තේ කඩේ කොල්ලා කුමක් හෝ අපරාධයක් කොට සැඟවී සිටින්නෙක් බවට ...මේ ආරංචිය වේගයෙන් පැතිරෙද්දි මේ තේ කඩේ කොලුවා වුන මානවසිංහයන් පොලිස් අත් අඩංගුවට පත්වී හඳුනා ගැනීමේ පෙරට්ටුවකින් පසු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර සැබෑම ඝාතකයා හදුනාගෙන පෝරකයට යවනව...වයස්ගතවූ කඩ හිමියා සිය දේපල මානවසිංහයන් නමට ලියුවත් ඔහු ඒ සියල්ලම හිමියාගේ පවුලේ අයටම ලබා දී කොලඹට පැමිණ පිට කොටුවේ පදික වේදිකාවේ ජීවිතය ගෙවන්න අරඹනවා...මේ තරුණයාගේ හැකියාවන් හදුනාගත් අඟුරුකාරමුල්ලේ ලොකු හාමුදුරුවෝ නැවතත් මේ තරුණයාට පැවිද්ද ලබාදී තම පංසලේ නවත්වාගෙන ජෝතිෂ්ය,මංත්ර ශාස්ත්රය,ගුරුකම් ඇතුලු බොහෝ දේ උගන්වනව...මානවසිංහයන් මේ සකල කලාවන්ගේම කෙළ පැමිණීමත් සමගම බොහෝ දේශපාලකයන්ගෙන් සහ ව්යාපාරිකයන්ගෙන් ඇතිවුන මරණීය තර්ජන නිසා නැවතත් සිවුරු හැර යාමට තීරණය කරනව..... මාතර පෙදෙසේ වාමාංශික දේශපාලකයකුවූ බැස්ටියන් කවිකේශව සමග එකතු වුන ඔහු දිනක් ඔහුගේ මාතර නිවසේදී බැස්ටියන්ගේ නැගණිය වූ ශ්රීමතී වසන්තා කුමාරි මෙනෙවිය දැක ඇයට කවි දෙකක් ලියනව,
සමනලුන් නොදුටු මුදු පෙති විහිදුවන
බඹරුන් නොදත් මුවරද රස පතුරුවන
පෙමදර මදසිනා මල් කැන් පුදුවන
රමණිය වසන්තාවෙනි සිරි උතුරුවන
කටුකය දුකය බිහිසුණු බව හා යෙදුන
පටු මාවතෙකි මගෙ දිවි තනිවම ගෙවන
තුටු නම් වෙහෙස නොතකා එහි යන ගමන
කැටුවම මගේ පියවර පිය තබනු මැන
මේ කවි දෙක නිසා ඇය ඔහුගේ බිරිඳ බවට පත්වෙනව...දෙවෙනි වරටත් උපැවිධි වුන ඔහු විවාහ ජීවිතයට ඇතුලත් වෙනවා..ඒත් එක්කම අධික ලෙස මත් පැන් භාවිතයටත් පෙලඹෙනවා.... ඒ හේතුව නිසාම ඔහු සිරෝසිස් රෝගයට ගොදුරුවෙලා තමයි මිය යන්නේ....පසු ගිය සිය වසේ ලංකාවේ ලියැවුනු බොහෝමයක් බෞද්ධ නාට්ය ගීත මෙන්ම නාට්ය පිටපත් ලියැවුනේ මානවසිංහයන් අතින්….
මම භාරතයේ බුද්ධගයාවේ සංචාරය කලේ 2015 අප්රේල් මාසයේ...ගයා ශීර්ෂය කියන්නේ අදටත් ගැමි කම ඉතිරිවුන සුන්දර පෙදෙසක්…. අපි ගියේ ගිම්හානයේ නිසා නේරංජනාව නම් සපුරාම හිදිලා...වැලි බොරලු පමණයි ගඟ පුරාම තිබුනේ..සුජාතාව කිරිපිඬු පූජා කල වෙල් යාය තියෙන්නේත් නේරංජාව අසබඩ මයි..අපි එතැනට ගියේ හැන්දෑවෙ හිරු බැස ගෙන එන වෙලාවේ නිසා ආපහු එන්න හිතෙන්නේම නෑ..මොකද හැන්දෑවේ ඒ සුන්දර වෙල් යාය අද්දර සිටිද්දි දැනෙන්නේ බුදුන්ගේ සිවුර ලඟ පඬු සුවඳේ වෙලිලා ඉන්නව වගේ....ඒ තරම් තවමත් ඒ පරිසරය සුන්දරයි....බුදුන් දුෂ්කරක්රියා කළ දුර්ගේෂ්වරියට යන්න ඕන කඳු තරණය කරල ....ඒකත් හරිම සුන්දර ගමනක්..වැඩිහිටි අය නම් යන්නේ දෝලාවක් කුලියට අරගෙන....
හිමාල මිටියාවතේ සඳුන් ගස් පීරාගෙන හමාගෙන එන මඳ සළගේ පහස ලබමින්,ලතාවකට නැලවෙන බෝපත් වල මිහිරි සියුම් හඬට සාවධානව සවන් දෙමින් බුද්ධගයාවේ බෝ මැඩ දවසක්ම සිල් සමාදන් වෙලා ගත කරන්න ඉඩ ලැබුණ එක මහා සතුටක්... බුද්ධගයාවෙ වන්දනාවේ එන අයගේ පහසුව වෙනුවෙන් සත් සතියම එකම තැන නිර්මාණය කරල තිබුනත් අනෙක් සති හයම ගතවුනේ බෝ මැඩට ටිකක් ඈතින් තැනින් තැන ගයා ශීර්ෂයේ තැන් හයක...... අශෝක අධිරාජ්යා මොග්ගලීපුත්ත තිස්ස රහතුන්ගේ උපකාරයෙන් වල් බිහිවෙලා තිබුණ බුද්ධ ගයාවේ සිරි මහ බෝධිය නැවත මතු කරගෙන එම ස්ථානයේ අශෝක ස්ථම්බයක් පිහිටුවලා එම ස්ථානය පූජනීය භූමියක් ලෙස නම් කරනව...රජුගේ අවසන් කාලය බෝහෝ විට ගතවුනේ සිරිමා බෝ මැඩදි...රජු වසස් ගතවෙද්දි අන්තහ්පුරයට අලුතින් එකතුවූ තරුණ මෙහෙසියට මේ ක්රියාව එතරම් රුස්සන්නේ නැත්තේ රජුගේ පූර්ණ අවධානය ඇයට නොලැබී බෝ මැඩ වෙතට එල්ලවුන නිසා...මෙයට උපායක් යොදවන ඇය , චරපුරුෂයන් පිරිසක් යොදා සිරිමා බෝධියට විෂ එන්නත් කොට ගිනි තබා විනාශ කරවනව..මෙයින් කනස්සල්ට පත්වීමෙන්ම රජු මිය ගිය බව ඇතැම් පුරා වෘත්තවල සඳහන් වෙනවා...බුදුන් පිටදුන් සැබෑම ශ්රී මහා බෝධිය ලෝකවාසී බෞද්ධයන්ට අහිමි වුනේ ලාමක ප්රේමයක් නිසා....
භෞතික වශයෙන් කවුරුන් මොනව විනාශ කළත් බුදුන් දෙසූ සර්වකාලීන දහම නම් ලාමක මිනිසුන්ට කිසිදා විනාශ කරන්න බෑ........වාසනාවට බුද්ධගයාවේ නියම ශ්රී මහා බෝධියට ගිණි තබා විනාශ කරන්න කලින් දම්සෝ රජ දියණිය සංඝමිත්තාව අප රටට එහි අංකුරයක් වැඩම කළ නිසා අපිට විව්ධ බාධාවන් කෙණහිලි කම් යටතේ වුනත් තවම ශ්රී මහා බෝධිය රැක ගැනීමේ ගෞරවය හිම්වෙනව..මීට දශක කීපයකට කලින් වෙනත් ආගමික අන්තවාදීන්ගෙන් මුදල් ලබාගෙන "කටුවාවල ජේමිස් නම් මිත්යා දෘෂ්ඨිකයා" අනුරපුර ජයශ්රීමා බෝධිය විනාශ කරන්න උත්සාහ කළත් ඔහුට එසේ සිදු කරගන්න බැරි වුනේ ජාතියේ වාසනාවට....
ඒ ජය ශ්රී මා බෝධිය ගැන මානවසිංහයන් ලියූ "මහබෝ වන්නම"...මානවසිංහයන් මෙය ලියන්න හේතුවුනේ ඔහු කොළඹ ටයිම්ස් පත්ර කාර්යාලයේ සඳලු තලයේ සිටිද්දි ඈතින් බෝධියේ සුළඟට හෙලවුන බෝපත් දැකලලු.....
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වුණදා
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ
සමාධී භාවනා........
හිම කදු වැටියේ සීතල සෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන මල් මුවරද රසිනේ
සුවඳ මුසු කෝමල මද පවනේ
ගැටීලා පාවෙනා.......
සත්සර නඟලා ටික ටික සෙලවී
සිරි මහ බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලි
නටා ගිය තාලෙහි රස නැගුණා
සරාගී ජීවනා.....
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා
සිටම තව මහමෙවුනා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සුමීරී නාදෙනා....... -
පද ගෙත්තම : ශ්රී චන්ද්රරත්න මානවසිංහ
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=3coADm1XQ8A
 
 

 
 

Comments

  1. You are not alive to see my words. I've heard it you left this world to the heavens.
    Be well and happy where ever you are. I'm your unseen friend.

    ReplyDelete

Post a Comment

Popular Posts