වියොවින් කැලඹෙයි රාධා...

අසනීප වෙන්න මාසෙකට කලිං මමත් ශාන්ති ට්රැවල්ස් එකේ දිමුතු මල්ලිත් හිටියේ සති දෙකක්ම හිමාලය පාමුල හිමචල් ප්රෙදේශ් සහ උත්තර්ඛණ්ඩ් ප්රාන්ත දෙකේ ධරම්සාලා,සෘෂිකේශ්,හරිද්වාර්,ශිම්ලා සහ මනාලි නගරවල....මූලික අරමුණ දලයි ලාමාව හමුවීම නිසා අපි වැඩි දවසක් හිටියේ ධරම්සාලාවේ...අපි සති දෙකක්ම නිදහසේ සිටි නිසා හිමාලයේ නිරිතදිග "දවුලදාර්" කදු මුදුන තරණය කරන්න තීරණය කලා....ඒක දවස් තුනක ගමනක්...උදෙන්ම ධරම්සාලාවෙන් පිටත්වුන අපි හෙමින් හෙමින් දවුලදාරයට නගින්න පටන් ගත්තේ යමුනාවේ ප්රධාන අතු ගංගාවේ ඉවුර දිගේ වැටුන නිම්නය ඔස්සේ...ඒක දුෂ්කර වුනත් හරිම සුන්දර ගමනක්....පළමු රාත්රියේ ගඟ අයිනේ camp site එකේ කූඩාරම් ගහගෙන හිටියේ පට්ට හීතලේ...දෙවෙනි දවසේ කොහොමහරි අපිට මුදුනට නැගගන්න හැකිවුනා...දවුලදාරය මුදුනෙ තියෙනව "කරේරි' කියල ලස්සනම ලස්සන විලක්...ඒක දැක්කම හිතුනෙ තිබ්බතයේ කෛලාස කූඨ පර්වතය ලඟ තියෙන මානස විල කොතරම් ලස්සන ඇත්ද කියල....මානසල විල ලඟ කෛලාසකූඨයේ "විෂ්ණු" දෙවියන් වැඩ ඉන්නව කියල හින්දූන් විශ්වාස කරන නිසා ඔවුන් ජීවිතය පරදුවට තියල වන්දනා ගමන් යනව මානස විල (හින්ධි භාෂාවෙන් මානස්රෝවර් ) අසබඩ තියෙන කෛලාස කූඨය (හින්ධියෙන් කෛලාස් කූඨ් ) ලඟට "ගිරි මුදුන් වන්දනාවට"......
මේ ඉතින, සුභ නැකත අද අදම කියාදෙන
ප්රාභාතය මල්වරව පීදෙනා යාමයයි....
ගිරි මුදුන් වන්දනාවට පේවී
ඒ ප්රභාතයේ, අරුණරිසි නෙතු අගට
සිනාවක් පලදන්ට අවසරයි....
මේ දවුලදාරයේ අතරමග හමුවෙන තණ බිම් වල ගවයන්, එලුවන් සමග ජීවත්වන ගොපල්ලන් හරිම සුලභ දර්ශණයක්... එවැනි ගොපල්ලන්ගේ ජීවිත හරිම වෙනස්...තම ගම්මානයෙන් බොහෝ දුර බැහැර කඳු මුදුන් වල තණ බිම් වල සිටිනා මොවුන් ජීවත් වෙන්නේ කඳු මුදුනේ අටවාගත් පොඩි කූඩාරමක...ඒක අමුතුම හුදෙකලා සුන්දර ජීවිතයක්....ඉතිං මෙවැන්නන් හැන්දෑවට තමන්ගේ පාලුව නැතිකරගන්න කරන්නේ ගඟ අයිනට වෙලා බට නලාව වාදනය කරන එක.........මෙහෙම වාදනය කළ වස්දණ්ඩක රාවයත් එක්ක තමයි ගොපලු ලියක් වුන රාධාවන්ට ක්රිෂ්ණා හමුවෙන්නේ මලය ගිරේ යමුනා ගං තෙරේදි ....... ක්රිෂ්ණාවන්ගේ උත්තුංග දේහයටත් ප්රේමනීය බවටත් රාධාවන් වශී වෙන්නේ නිතැතින්මයි........ යමුනාව කිව්වම එකපාරට මතකෙට එන දේවල් දෙකක් තියෙනව ....එකක් රාධා-ක්රිෂ්ණා පෙම් කතාව..අනෙක අග්රාවේ ටජ් මහල...ටජ් මහල බලන්න මම ගියේ ඊට කලින් වසරේ.........ලෝකයේ ස්ත්රී -පුරුෂ ප්රේමයේදි නිතරම කියැවෙන නම් තමයි රාධා-ක්රිෂ්ණා,රාමා-සීතා,රෝමියෝ-ජුලියට් වගේ අය........සාලිය සහ මාලාවන් නම් වැඩිය ලෝක ප්රසිද්ධ නැහැ....
හින්දූන්ට අනුව ක්රි‍ෂ්ණා කියන්නේ විෂ්ණුගේ අටවැනි අවතාරය....ඔහු ජීවත් වුනේ යමුනා ගං තෙරේ වෘන්දා වනය අසල ගම්මානයේ...වරක් වෘන්දා වනයට යමුනා ගඟ පිටාර ගලලා ගංවතුර එනකොට ක්රිෂ්ණා "ගෝවර්ධන කන්ද" ඔසවා වෘන්දා වනයත් යමුනා ගංඟාවත් අතර මැදින් තබා ගංවතුරින් වෘන්දා වනය රැක ගත් බව "ගීත් ගොවින්දය" කියන සංස්කෘත ග්රන්ථයේ කියැවෙනවා..... ගෝවින්ද,වාසුදේව, මොහාන්,ජගනාථ ඇතුලු බොහෝ නම් ක්රිෂ්ණා හැදින්වීමට යොදා ගන්නවා...ගෝවින්ද කියන්නේ ගව පාලකයන්ගේ ප්රධානියා කියන අදහස..
කුරු ක්ෂේත්ර යුද්ධයේදී අර්ජුණගේ කරත්ත රියදුරා වුනේ ක්රිෂ්ණා....හින්දූන්ගේ ප්රධානම ආගමික ග්රන්ථය වන "භගවත් ගීතාව" පුරාම තියෙන්නේ මේ ගමන අතරතුර ක්රිෂ්ණාත් අර්ජුණත් අතර සිදුවූ සංවාදය...මහභාරතය, ව්ෂ්ණු සහස්රනාමය,ව්ෂ්ණු පුරාණය වගේ බොහෝ භාරතීය ග්රන්ථවලදි ක්රිෂ්ණා කියන්නේ ප්රධානම චරිතයක්... ක්රිෂ්ණ කියන සංස්කෘත වචනයේ ප්රාධානම තේරුම තමයි "තද පැහැය" කියන එක....ඊට අමතරව "සියල්ලගේම ආකර්ෂණය ලබන්නා" කියන අදහසත් තියෙනව......භෞතික විද්යාවෙදි තාපය පිටකරන අඳුරු පහැති වස්තූන් හදුන්වන්නේ "කෘෂ්ණ වස්තු" කියල.... ඔහුගේ රූපවල ශරීරය "ඝණ නිල්" වර්ණයෙන් සිත්තම් කරන්නේ ඒ නිසා..........
නලලත දිදුලන සඳන තලාවයි
සිරුරත ඝණ නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරාණෙනි,
වෘන්දා වනයේ වසන්තයයි
මලය ගිරේ මධු ගීත කලාවයි
තෙපුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්රියයි
යමුනා ගං තෙර තමලු ලතා හෙවනේ
යුහුඹු කුසුම් යහනේ රාධා බලා හිදී
ක්රිෂ්ණා...... ක්රිෂ්ණා...... ක්රිෂ්ණා.....
ලෝකාස්වාද රතියේ අවස්ථා හතරක් බුදුන් දෙසා තියෙනව....දස්සණ කාමය යනු එකිනෙකා දැකීමට ඇති රතියයි.ස්ත්රීන් පුරුෂයන්ගේද-පුරුෂයන් ස්ත්රීන්ගේද ඡායා රූප ලඟ තබා ගනිමින් සිදු කරන්නේද මෙයයයි....
සවන කාමය යනු එකිනෙකාගේ හඬ ඇසීමට ඇති රතියයි...ෆේස් බුක් හි chat කිරීමද මෙහිම දිගුවක්...
සමුල්ලේපන කාමය යනු එකිනෙකා සමග ලඟින් සිටිමේ රතියයි....
සංසට්ඨ කාමය යනු සෘජුවම ලෝකාස්වාදයේ යෙදීමයි...පෘථග්ජන භාවය පමණක් නොව අනාගාමී පලය දක්වාම මිනිසුන් තුල මේ සිවු වැදෑරුම් කාමයන් පවතී යැයි බුදුන් දේසණා කරනව.... තවමත් පෘථග්ජන භාවය තුළ සිටින මා තුලද ඉහත සියල්ලම ඇති බව මා හොඳින් දන්නව..එහෙත් බොරු සුචරිතවාදියෙක් වීමට අවශ්ය අය නම් කියන්නේ ඔවුන් තුල එවැන්නක් නොමැති බවයි...බුදුන්ගේ සර්වඥතා ඤාණයයට අභියෝග කරන්නේ තම නොදැනුවත් කම නිසාමයි...
ලෝකාස්වාදය කියන දේදි සත්වයන් කොයිතරම් එයට බැඳෙනවද කියනව නම් බ්රහ්මලෝක වලින් පහල තියෙන සදෙව්,මිනිස්,තිරිසන් ඇතුලු අනෙක් සියල්ලේම මිනිසුන් උප්පත්තිය සකස් කරගන්නේ මේ "කාම රාග" කියන ඕරම්භාගීය සංයෝජන ධර්මයේ ඇති ප්රභල බව නිසා බවයි බුදුන් දෙසන්නේ...මේ හේතුව නිසාම කිසිවෙකුටත් ඔහුගේ හෝ ඇයගේ ඉල්ලීමකින් තොරව බ්රහ්මචරිය සීලයෙහි පිහිටුවන්න එපා කියල බුදුන් විනය නීතියක් පවා භික්ෂූණ්ට පනවනව...ඒ නිසා තමයි පෝයට සිල් ගන්න ගියාම ගිහියන් විසින් "සිල් ඉල්ලීමේ වාක්යක්" කියන්නේ භික්ෂුව සීලය ලබා දෙන්න කලිං.... බ්රහ්මචාරී සීලය රැකීම එතරම්ම අමාරු දෙයක් නිසාම එවැනි සීලවන්තයන්ට වැඳිය යුතු බවයි බුදුන් දෙසන්නේ...
ගිහි කාලයේ සිටම පරිපූර්ණ බ්රහ්මචාරීයෙක් වුනේ(පිප්පලී ) මහ කසුප් තෙරණුවොත් ,උන්වහන්සේගේ ගිහි කල බිරිඳත් පමණයි බුදු සසුනේ පැවිදි වුන තරුණයන් අතුරින්...බුදුන් හමුවෙලා පැවිදි වෙන්න මේ පිප්පලී කියන පූර්ණ බ්රහ්මචාරී තරුණය එනව...ඈතදි බුදුන් දකින ඔහු එතැන සිට ඉදිරියට යන්නේ බිම දිගාවෙලා බුදුන් දෙසට වන්දනා කරමින්,...මෙය දකින බුදුන් වහාම හුනස්නෙන් නැගිටලා ඔහු එන පෙර මගට යනව.....ආනන්ද හිමියන්ට කියනව.."ආනන්ද, මේ වගේ පරිපූර්ණ බ්ර්හ්මචාරියෙකුගෙන් මම බුදු වෙන්න කලින් වැඳුම් ලැබුවනම් මගේ හිස සත් කඩකට පැලෙනව " කියලා...බලන්න බුදුන් කොතරම් අනතිමානීද කියල...
අර්ජුණත් සමග කුරු ක්ෂේත්ර යුද්ධයට ක්රිෂ්ණාවන් යන්නේ රාධාව නිවසේ තනි කරලා දාලා.....ඔහු අද ඒදෝ හෙට ඒදෝ කියල ඇය සිතින් වැලපෙමින් ඉන්නේ...මධ්යම රාත්රියට ඇයට අතීතයේ ක්රිෂ්ණාවන් සමග ලෝකාස්වාදයේ යෙදුන හැටි මතක් වෙලා එය ඉවසිය නොහැකි සංවේගයක් බවට පත්වෙනව.... ගස් අතුරින් හඳ එලිය වැටෙද්දි,ඈතින් වෙනදා වගේම ගොපල්ලන්ගේ වස් දඬු රාවය ඇසෙද්දි,අනෙක් වාසස්ථානයන්හි තරුණ තරුණියන් ලෝකාස්වාදයේ යෙදෙන බව දැනෙද්දි මේ පෘථග්ජන රාධාවන් නම් ඉතින් කොහොම ඉවසාගෙන ඉන්නද...?
ගොවිඳුනි මේ සිරි යහනේ
විරහී වැලහින්නකි මා
රති කෙලි රමණී සිහිකර පැරණී
යමුනා නදියද කැලැඹේ
පියයුරු මඬලේ තැවරුන දෙතොලේ
සුවඳින් සැනහෙම් මිහිරේ
හී සර මෙන් හද දවමින්
තුරු සිදුරෙන් එයි සඳ කැන්
යොවුනන් නැලවෙන මේ රෑ
වියොවින් කැලඹෙයි රාධා
වස් දඬු රාවේ හඬ අනුරාගේ
පැතිරී දෙසවන් පෑරෙයි
මද රදගෙන් ලැබ රිදවුම්
තුනු සපුවෙන් නැත ගැලවුම්
සලෙලුන් වෙහෙසන මේ රෑ
වියොවින් කැලඹෙයි රාධා
පද ගෙත්තම : මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=EUm7YJfLI6E
https://www.youtube.com/watch?v=RhgXJWF_QsQ
 
 
 

Comments

Popular Posts