හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 01 කොටස

වන්නියාගේ ලෝක සවාරිය-වන්නියෙන් අනන්තයට
"ශිෂ්ඨාචාරයේ අක්-මුල් සොයා යන ගමන"
හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 01 කොටස
ජපන්නු තමන්ගෙ රට හැදින්නුවෙ Nihhon/Nippon කියල.......නමුත් සුද්දන්ට ඒක කියව ගන්න අපහසු නිසා, එයාල Japan කියල කියන්න පටන් ගත්ත....ජපානයට වසර 30,000 වඩා පරණ ඉතිහාසයක් තියෙනවා....අපෙ රටේ බලංගොඩ මානවයගෙ සමකාලිනයො තමයි මුල්ම ජපන් ජාතිකයො......ඔවුන්ගෙන් පැවතගෙන එන ජපන් මුල් පදින්චිකරුවො(Aborigins) අදටත් Hokaido දිවයිනෙ ජීවත් වෙනව........
...
දූපත් 6852 කින් සමන්විත ජපානයේ Honshyu,Shikoku,Kyushu,Hokaido ,Okinawa දූපත් 5 තමයි ප්රධාන වෙන්නෙ...ඒයිනුත් Honshyu කියන විශාලම දූපතෙ තමයි ජපානයෙ ප්රධාන නගර සියල්ලම පිහිටල තියෙන්නෙ.....උතුරු කෙළවරෙ රුසියානු සීමාවෙ තියෙන Hokaido තමයි දෙවෙනියට ලොකු.... ඒ වගෙම Hokaido වල උෂ්ණත්වය ඉතාම අඩු, සීත දේශගුණයක් තියෙන්නෙ....පහලම පිහිටි Okinawa තමයි මෙම පහෙන් කුඩාම එක......
ජපානයෙ පාරම්පරික Shinto ආගමට අනුව, ජපානය අයිති “හිරු දෙවඟනට”.....ඒ නිසාම තමයි සුදුපාට ආකාසෙ පායපු ඉර ජපානයෙ කොඩිය වශයෙන් සලකන්නෙ......
ඒ 2016 අප්‍රේල් මාසේ මුල් සතියේ දවසක්....කොලඹ සිට ජපානයට direct flyghts නොමති නිසා Cathey Pacific යානයක Hongkong හරහා තමයි අපි යන්න පිටත් උනේ........... මැදියම් රැයත් පසුවෙලා පිටත් වුන අපි, Hongkong වලට යනකොට හිමිදිරිය...කොහොමටත් අපි යන්නෙ නැගෙනහිර දිශාවට නිසා කාලය වේගයෙන් ගෙවෙනවනේ....
ජාත්‍යන්තරයේදි ලාංකිකයන් විව්ධ අක්‍රමිකාතාවයන් සිදු කිරීම නිසා "කළු පැල්ලම්" තබාගෙන සිටින බවට හොදම සාක්ෂි‍යක් තමයි අතරමග හොංකොං ගුවන් තොටේදි යානයේ සිටි සියලු ලාංකිකයන් අපි සියලු ශ්රී ලාංකිකයන් වීම නිසාම පමණක් විශේෂයෙන් කාමරයක් තුළට දමා දැඩි පරීක්ෂාවට පරීක්ෂා කිරීම..ජපානය කොරියාව ,ඕස්ට්‍රේලියාව, නවසීලන්තය බලා යමින් සිටි සියලුම ලාංකිකයන්ට මේ අකර තැබ්බයට මුහුණ දෙන්න සිදු වුනා...මොකද අපේ අය විවිධ නීති විරෝධී ක්රියාවන් නිසා ලොව පුරාම හරි ප්රසිද්ධයිනෙ......
Hongkong කියන්නෙ වසර 99 ක් සුද්දන්ට, චීනය විසින් බදු දීල තිබිල නැවතත් චීනයට අයත් වුන සුන්දර පරිසරයක් හිමි රටක්......අපි නම් දැන් ලංකාව චීන්නුන්න්ට බදු දෙනවනේ.......
Hongkong සිට ටෝකියෝවට යන්න තවත් පැය 03 ක් ගත වුනා......
ටොකියෝවෙ ප්රාධාන ගුවන් තොට 2ක් තියෙනව....එකක් “හනේඩාව” , අනෙක “නරිටාව”.......අපි නරිටාවට යනකොට හවස් වෙලා....කලින් දවසේ රාත්රියේ තමයි අපි ලංකාවෙන් පිටත් වුනේ......
ජපානය “සිංහලයන්ට” කොතරම් සලකනවද කියල කිව්වොත් නරිටා ගුවන් තොටෙ පැමිනීමේ පර්යන්තයේ පිළිගැනීමේ නාම පුවරුවේ සුභ පැතුම් යොදා ඇති භාෂාවන් 28 න් 26 වෙන්නෙ "සිංහල"......හොඳින් බලන්න එහි "සාදරයෙන් පිළි ගනිමු"කියල "සුද්ධ සිංහලෙන්" ලියල තියෙන අපූරුව.....ලෝකයේ භාෂාවන් 400 කට වඩා ඇති නමුත් ජපනුන් ගරු කරන භාෂා 28න්, 26 වෙනි එක"සිංහල' වීම කොතරම් අගනේද ?
අපිව භාරව සිටි "පරිණත මහත්මාගේ නම "කෝනු සාන්".......ජපන් භාෂාවෙන් "සාන්" කියන්නෙ "මහත්මයා හෝ මහත්මිය" කියන ගරු නාමයට.......
"කොනිචිවා" කියන්නෙ ජපනුන් හවස් කාලයේ හමුවීමේදි සුභ පතන ආකාරය......
අපිට කොනිචිවා කියු කෝනු සාන් අපව ගුවන් තොටෙන් පරිස්සමින් කැදවාගෙන ගියා......
---- මතු සම්බන්ධයි ------

 

Comments

Popular Posts