සෙන් බෞද්ධ සාහිත්‍යයයෙන්......01


චීනයේ විතරක් නෙවෙයි,ඇමෙරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන ඔනෑම කෙනෙකුට උරමල්ලක් දමාගෙන සිටින මහත අයෙකුගේ පිළිම දැකගන්න පුළුවන්..චීන මිනිසුන් මෙය හදුන්වන්නේ "ප්‍රීතිමත් චීන මිනිසා"හෙවත් "ලාෆිං බුද්ධා" කියල....
(දැනි ඉතිං, ඇයි එයාට බුද්ධා කියන්නේ ...ඒක හරිද ? ...රටේ නැති නොයෙක් ප්‍රශ්න මගෙන් අහල වාද විවාද වලට පැටලෙන්න එන්න එපා...කියන පණිවිඩය විතරක් තේරුම් ගන්න උත්සාහ කරන්න )
...
මේ වීථියේ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ,චීනයේ ටෑන් රජ කාලේ.....ඔහුට උවමනාවක් තිබුණෙ නෑ තමන් සෙන් ගුරුවරයකු ලෙස හදුන්වාගන්න..ඒ වගේම ගෝල බාලයන් පිරිවරාගෙන ඉන්න....ඒ වෙනුවට ඔහු කලේ ලොකු මල්ලක් කරේ එල්ලගෙන වීථි දිගේ ඇවිද්ද එකයි.ඒ ලොකු මල්ලේ තිබුණේ රස කැවිලි,පලතුරු වැනි දේයි.මේවා ඔහු වීථියේදි සෙල්ලම් කරන්න තමා වටා රොක් වන ළමයින්ට බෙදා දුන්නා.ඔහු වීථිය,ළමයින්ගේ බාලාංශ පංතියක් බවට පත්කලා.
ඔහුට සෙන් බැතිමතෙකු දුටු හැම විටම ඔහු අතපා "මට පැන්සයක් දෙන්න" යැයි කීවා.
වරක් ඔහු ළමයින් සමග සෙල්ලම් කරන්න යද්දි,සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ආවා.ඇවිත් මෙහෙම ඇහුවා: "සෙන් දහමේ අරුත කුමක්ද ?"
හොටෙයි එක්වරම ඔහුගේ උරමල්ල බිම දැම්මා.ඒ ඔහුගේ නිහඩ පිළිතුර වුණා.
"ඊළගට ඒක ක්‍රියාවට නංවන්නේ කොහොමද?" අනෙකා ඇහුවා.
ඒ ප්‍රීතිමත් මිනිසා එක්වරම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්න පටන් ගත්තා.
( පර්සි ජයමාන්නගේ සෙන් කතාවක් ඇසුරිනි )

 

Comments

Popular Posts