ලොව විශාලතම ආගමික සිහිවටනය.......


කාම්බොජයේ "ඇන්කර් ආරාමය" හෙවත් Angkor Wat කියන්නේ දැනට ලොව තිබෙන විශාලතම "ආගමික සිහිවටනය".....ක්රි.ව. 12 වෙනි සියවසේදී "යසෝදරා පුර" ලෙස හැදින්වුන මෙය පිහිටා ඇති ප්රදේශයේ වර්තමානය නාමය තමයි "ඇන්කර්"........12 වෙනි සියවසේදී "ක්මීර් අධිරාජයා" විසින් හින්දු කෝවිලක් ලෙස ඉදිකරන ලද ඇන්කර් වට් කාම්බෝජයට බුදුදහම ලඟාවීමෙන් පසු බෞද්ධ ආරාමයක් බවට පත් වුනා.....ප්රධාන කොටස් දෙකකින් යුත් මෙහි එක කොටසක් හැදින්වෙන්නේ "ගිරි විහාරය" නමින්....හිමාලයේ "මහා මේරු ප...ර්වතය" සංකේතවත් කරන එම විහාරය ඉදිවුනේ "විශ්ණු" දෙවියන් වෙනුවෙන්........
12 වෙනි සියවසේදි කාම්බෝජයට ථේරවාද බුදුදහම් ලැබුණෙ ලක්දිවින්...එවකට "සියම" හෙවත් වර්තමාන තායිලන්තයෙන් තමයි එය පෝෂණය වුනේ.......එදා පටන් ලොව ප්ර්ධානතම ථේරවාද රටක් වුනු කාම්බෝජයේ බුදු දහමටත් "කණ කොකා ඇඬුවේ" හැටේ හැත්තෑවේ දශකයේ ලොව පුරා සීග්රයෙන් පැතිරගිය “මාක්ස්වාදයේ ප්රවනතාව” නිස....මාක්ස්වාදයෙන් මත්වුන "පොල්පොට්ගේ" වැඩ නිසා දහස් ගනනක් භික්ෂූන් සහ ලක්ශ ගනනක් මිනිසුන් ඝාතනය වුනා....මේ කාලයේදි ඇන්කර් වට් පන්සලත් අත හැරල දමලයි තිබුනේ........
පසු කාලීනව UNESCO ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු මෙය පුරාවිද්යා භූමියක් ලෙස සංරක්ශණය වෙනව......ඉන්දු-චීන අර්ධද්වීපයේ වැඩිම විදෙස් සංචාරක ආකර්ශණය තිබෙන්නේත් ඇන්කර් වට් ආරාමයට.......
ලොවම පිලිගන්නා තායි විද්වතෙක් වරක් කියල තිබුනු විශිෂ්ඨතම සංස්කෘතීන් ලෙස ලොව පැතුනේ ලංකාව,මියන්මාරය සහ කාම්බෝජය යන රටවල් තුනේ බවයි...නමුත් මේ වනවිට ලංකාවටත්,කාම්බෝජයටත් සංස්කෘතික පරිහානිය ලඟාවෙල ඉවරයි.....අතීතයේ කාම්බෝජය ලොව පුරා ප්‍රසිද්ධ වුනේ ඇන්කර් වට් නිසා වුනත් වර්තමානයේ නම් එම ප්‍රසිද්ධිය "නොම් පෙන්" අගනුවර තිබෙන දැවැන්ත "කැසිනෝ සූදු පිටි" නිසා......හමුදා පාලයන ගැන කවුරු මොනව කිව්වත් අද ඉතිරිවෙලා තියෙන එකම "ථේරවාද බෞද්ධ" සංස්කෘතිය ඉතින් මියන්මාරය පමණයි.......
අතීතයෙදි මෙම ආරාමය කොතරම් කාම්බෝජයේ ජන ජීවිතයට බලපෑවද කියනවනම් අදටත් එම රටේ ජාතික කොඩියේ මැද ඇන්කර් වට් අනුරුවක් තමයි තියෙන්නේ...කාම්බෝජයේ "රාජ්ය ලාංචනයත්" එයමයි..........
භික්ෂූන් වහන්සේලා දස දහසකට නවාතැන ගත හැකි ලෙස ඉදි කල මෙය සුන්දර විලක් ලෙස ඉදිකරන ලද දිය අගලකින් වටවුනු අක්කර 402 ක භූමියක්......
ඇන්කර් වට් යන කාම්බෝජ වචනවල අදහස "ආරාම නගරය" යන්නයි........හින්දූන්ගේ ප්රමුඛ පෙලේ ග්රන්ථයක් වන "විශ්ණු පුරාණය" සහ බෞද්ධ "ජාතක පොතේ" අඩංගු බොහෝ කථා පුවත් මෙහි සුන්දර ගල් කැටයම් ලෙස නිර්මාණය කර තිබෙනවා.......
ඉතින් ඔබත් දවසක කාම්බෝජයට ගියොත් ලොව විශාලතම ආගමික සිහිව්ටනය වන ඇන්කර් වට් බලන්න අමතක කරන්න එපා......
-----චාමර හිමන්ත වන්නිආරච්චි-----

 

Comments

Popular Posts