තිබු සෙනේ සොදුරු ගග සිදිලා

"එකපාරක් මම ඈතින් ලස්සන ගෑනු කෙනෙක් දැක්කා.."
"ඉතිං…….?"
"මම හෙමින් අත වැනුව...ඒ පාර එයත් අත වැනුව..."
...
" ඉතිං…….?"
"මම ටිකක් ලංකලා...ඒ පාර එයත් ලං වුනා…."
"මම හෙමින් හිනා වුනා...එයත් හෙමින් හිනාවුනා….."
"ඒ පාර….?"
"මම එයා ලඟටම ගියා ..එයත් මගේ ලඟටම ආව….."
"මම හෙමින් හිනා වුනා….. එයත් හෙමින් හිනා වුනා……"
"එහෙනම් වැඩේ හරියන්න ඇති....ඉතිං ඊලඟට…..?"
"මම , හහ්…. හහ්…. ගාලා හයියෙන් හිනාවුනා...එයත් හහ්….. හහ්…. ගාලා හයියෙන් හිනාවුනා...බබ්…. බබ්….. ගාල දෙපාරකට දත් සෙට් දෙක බිම කියහංකෝ.........."
"හුටා......!"
ඈතින් ලස්සනට පෙනෙන ගැහැනුන් ලඟට ආවම හිතන තරම් ලස්සන නොවුනම පිරිමි අය කියන උපමාවක් තමයි..... “දුරට ඇපල්-ලඟට පැපොල්” කියලා....
ඈතීන් ඉඳං ප්රේම කරන කාලේ නොපෙනෙන අඩුපාඩු ලං වුනාම පේන්න ගන්නවනේ....ඒ බව කලිංම දැනගෙන විවාහ වන අයත් ඉන්නව ඒ අයට හැකිවෙනව ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න...... ඒත් එහෙම නොවී ඔනෑවට වඩා "Romantic විධියට" හිතාගෙන ඉඳල පස්සේ ඇත්තට මුහුණ දෙන්න ගත්තම නම් ඉතිං ජීවිතේම අපායක් වගේ...ඕකට පැරණි කියමනක් තියෙනව..."ලිඳේ ගැඹුර දැනගෙන ඊට බැස්සම පස්සෙ පසු තැවෙන්න දෙයක් නෑ" කියල...ඒත් ගොඩාක් දෙනෙක් එහෙම හිතන්නෙ නැති එක තමයි ගැටලුව.....මගේ සමහර යාලුවන්ගේ phone වල විවිධ අයගෙන් calls එනකොට ඒ පුද්ගලයාගේ ස්වභාවයට ගැලපෙන ringing tone එකක් තමයි තියෙන්නේ...එක යාලුවෙකුගෙ නම් තියෙන්නේ නෝනාගෙන් එන calls වලට “යක්ෂනියෙක් බෙරිහන් දෙන tone එකක්”...ඒක ඇහෙනකොට ඌටත් මටත් දෙන්නටම හිනයි....
මගේ තවත් යාලුවො ඉන්නව ඉස්සර වගේම එකිනෙකා බොහොම අවබෝධයෙන් තේරුම් අරගෙන ජීවිතය ආදර්ශමත්ව ගෙනයන අය...මගේ අයියත් අක්කල දෙන්නත් ගෙවන ජීවිතත් ඒ වගේම හරිම ආදර්ශමත් කියල කියන්නේ අත්ශයොක්තියකින් නම් නෙවෙයි......එයාල ගැන දන්න අය FB එකෙත් ඉන්න නිසා මම බොරු කියන්නේ මොකටද නේද ?
බුදුන් නම් කියන්නේ එක භවයකදි අපිව දාල යන්න බෑ කියල පොලවේ හැපෙන අයම තවත් ජීවිතයකදි අපිව මරාගෙන කන්න පසු බට වෙන්නේ නෑ කියල...ජනපද කල්යාණියගේ කලිං ජීවිතේ නිවසේ ඇති කල උරු නාම්ඹෙක් වෙලා ඉපදුන නන්ද කුමර මරා ඇයගෙ සරණ මංගල්යයට ගත්තු හැටි බුදුන් කියනකොට නම් ඇඟ කිලි පොලා යනවා....
ප්රථම ප්රේමය විවාහයකින් කෙළවර නොවෙන අය පස්සේ කාලෙදිත් එයට ආදරය කරන්නෙ ඔවුන් අත් විදින්නේ පළමු “Romantic කොටස පමණක්” නිසා වෙන්න ඕන.....නමුත් දෙවෙනි කොටසට මුහුණ දෙනකොට අත්දැකීම සපුරාම් වෙනස් වෙන්න ඉඩ තියෙනව......
ප්රේම කරන කාලෙ ඈතට වෙලා දුරිං දුරක තනිවෙලා , නෙතු සරින් පමණක් හමුවෙන කාලෙදි නම් සොඳුරු කොටස පමණයි පෙනෙන්නෙ..පස්සේ එකතු වුනාම ලැබෙන අත්දැකීමත් එක්ක සමහරුන්ට හිතෙනව ඉස්සර වගේම දුරම හිටිය නම් කොච්චර හොඳද කියල....ජීවිතේ ඔහොම තමයි.....
ඒත් ජීවිත කාලෙම එකට ඉන්න තීරණය කරල එකතු වුනාම කලිං තිබුණ සෙනේ සොඳුරු ගඟ සිදුනොත්.....

අප දුරිං දුරක වුව තනියේ-නෙතු සරින් පමණි හමුවූයේ.....
ඒ ඈත් බවෙනි හද බදුනේ-සිත සෙනේ සොඳුරු බව පිරුනේ.....

මධු සඳ තරු අද හමුවීලා-සිටියද ඔබ මා ලංවීලා..
ඒ දුරක එදා අප පිපිලා- තිබු සෙනේ සොඳුරු ගඟ සිදිලා...

ඔබ ඈත සඳ වී පායා- මම මෑත තරුවක වෙලිලා
මේ නිසල රැයේ ලොව නිදනා- මා ඔබ ඔබ මා ලඟ ඉන්නා.....

පද ගෙත්තම : ජයලත් මනෝරත්න
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=1T5sraC0tpY
 
 
 

Comments

  1. ඕක පොඩි අඩියක් ගහල බණ්ඩාර ආතාවුද මහත්තයා ලයිව් කියනවා අහන්න ඕනි.. මම එහෙම අහල තියෙනවා.. පට්ට.. සිංදුවයි සින්දුවට දීපු හැඳින්වීමයි දෙකම..

    ReplyDelete

Post a Comment

Popular Posts