විසිවන සියවසේ නිහඬ විද්වතුන්.....


දෙවන සියවසේදි පිරිනිවන් පෑ “ලක්දිව අවසන් සිවු පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ” වූ අරංකැලේ වැඩ සිටි මලියදේව රහතන් වහන්සේගෙන් පසුවත් රහතන් වහන්සේලා ලක්දිව වැඩ සිටින්නට ඇති බවයි විද්වත් මතය...උන්වහන්සේලා ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේලා වන්නට ඇති නිසා නිහඬව සිට පිරිනිවෙන්නත් ඇති...ඊට පස්සේ වසර 1500 ක කාලයක් තිස්සේ ලක්දිව රහතුන්ගෙන් හිස් වෙලා ක්ර්මයෙන් "ප්රථිපත්ති බුද්ධ ශාසනය" යටපත් වෙලා "පර්යාප්ති ශාසනය” ඉස් මතු වුනත්, සීතාවක රාජසිංහ රජුගෙ කාලේ දකුණු ඉන්දියානු බ්රාහ්මණ වංශිකයෙක්වූ රජුගේ උපදේශක “අරිට්ඨ කී වෙන්ඩුගෙ” උපදෙස් පිට රජු භික්ෂූන් සමූල ඝාතනය කල නිසා පරියාප්ති ශාසනයත් ලංකාවෙන් අතුරුදන් වුනා...පස්ස අපිට උපසම්පදාව සියමෙන් සහ බුරුමයෙන් ආනයන කරල බොහෝ දුෂ්කරතා මැද්දේ තමයි නැවතත් මීට සියවස් තුනකට කලින් පර්යාප්ති ශාසනය පිහිටුවා ගන්න හැකිවුනේ...එහෙම උනත් කිසිවෙක් “ප්රථිපත්ති ශාසනය” ගැන උනන්දු වුනේ නෑ...
පසු ගිය සියවසේදි බලංගොඩ අනදමෙත් හිමි,වතුරවිල ඤාණානන්ද හිමි සහ රේරුකාණේ චන්දවිමල හිමි වගේ කීප දෙනෙක් තනිවම වැසී ගිය භාවනා මර්ගය නැවතත් මතු කරගන්න උත්සාහ ගත්තත් එය එතරම් දියුණු කරගන්න උදවු කරනව වෙනුවට ගිහි පැවිදි හැමෝගෙන්ම ලැබුනේ නින්දා අපහාස පමණයි...
1901 දී මාතර වැවහමංදූවෙදි උපත ලබන මාතර ඤාණාරාම හිමි මුල් කාලයේ කොලඹ මාලිගාකන්දේ විදුදය පිරිවෙනේ ඉගෙන ගත්තත් එම සම්මුති අධ්යාපනයේ ඇති නිස්සාර බව වැටහී තනිවම වනගත වෙලා පැරණි පාලි සහ සංස්කෘත පුස් කොලපොත් කළු පිරි මැදල සැඟවී ගිය දහම තනිවම මතු කරගන්න උත්සාහ කරනව...මේ අතරෙදි තමයි බුරුමයේ හය වෙනි ධර්ම සංඝායනාව පවත්වන්නේ 1956...මේ සදහා ලංකාවෙන් යන ජ්යේෂ්ඨම විද්වතා බලංගොඩ අනදමෙත් හිමි……
2500 බුද්ධ ජයන්තියට සමගාමීව තමයි හයවෙනි ධර්ම සංඝායනාව බුරුමයෙදි පැවැත්වුනේ....මොකද ධර්ම සංඝායනාවක් කියන එක ලෙහෙසි පහසු වැඩක් නොවන නිසා...
සියම,කාම්බෝජය,ලාඕසය,වියට්නාමය සහ ලංකාවේ භික්ෂූන් ගේ සහභාගීත්වයෙන් තමයි මෙය පැවැත්වුනේ...මීට සමගාමීව පාලි භාෂාවෙන් තිබූ ත්රිපිටකය සිංහලට පරිවර්තනය කරන්නත් බුරුමයේ සහ සියමේ මහා යතිවරුන් ලඟින් ඇසුරු කරන්නත් ලක්දිව භික්ෂූන්ට අවස්ථාව ලැබුනා..මෙහි ප්රථිපලයක් ලෙස මාතර ඤාණාරාම හිමියන්ට බුරුමයේ මහා සී ශයාඩො,වේබු ශයාඩො වගේ භාවනාවෙන් අග තැන්පත් හිමිවරුන් ඇසුරු කිරීමේ අව්ස්ථාව ලැබුනෙ එවකට අගමැතිවරයා වූ බණ්ඩාරනායක මහතාගේ ආරාධනයෙන් උන් වහන්සේලා දිවයිනට වැඩම කල නිසයි.....
1906 මාතර කඩවැද්දූවේදී උපත ලැබූ කඩවැද්දූවේ ජිනවංස හිමිත් නැවතත් ප්රථිපත්ති ශාසනය පිහිටුවීමේ අරමුණෙන් ඒ සදහා සුදුසු භාවනා ගුරුවරයෙක් සොයමින් සිටි කාලය තමයි මේ කාලය.....ගාල්ලේ උපත ලැබූ මහින්ද විදුහලේ ආදි සිසුවකුවූ ධනපතියෙක් මෙන්ම දානපතියෙක්වූ අසෝක වීරරත්න මහතා සිටියේත් මේ අරමුණේමයි.. මේ අතරෙදි තමයි වනගතව සිටි මාතර ඤාණාරාම හිමි ගැන ඔහුට දැනගන්න ලැබෙන්නේ…..ඉතිං ලාංකීය බෞද්ධයන්ගේ වාසනාවට මේ තිදෙනා එකම අරමුණක් වෙනුවෙන් එකතු වීමෙන් තමයි ශ්රී ලංකා රාමඤ්ඤ නිකාය යටතේ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාව වනවාසී භාවනානුයෝගී හිමිවරුන් වෙනුවෙන් අම්බලන්ගොඩ ගල්දූව මූලික කරගෙන අරඹන්නේ......
ගල්දූවේ වැඩසිටි කඩවැද්දූවේ ජිනවංස හිමියන් මෙම ආරණ්ය සමූහයේ ප්රධානියා වූවාසේම මාතර ඤාණාරාම හිමියන් ඒ සියල්ලගේම ගුරුවරයා ලෙසත් පත් වෙමින් මීතිරිගල නිස්සරණ වනයේ වැඩ සිටියා...නා උයන,නිමලව,ඇල්ල කන්ද,පියංගල,සමංගල, කොග්ගල වෑදූව ඇතුලු වනගත ආරණ්ය සේනාසන 150 කට අධික ප්රමාණයක් ලක්දිව පුරා ඇරඹෙන්නේ මේ හිමිවරු දෙදෙනාගේ මූලිකතවයෙන්.....
මාතර ඤාණාරාම හිමියන් ලක්දිව ප්රථිපත්ති ශාසනය නැවත හැටේ දශකයේ මුල භාගයෙදි පිහිටුවීමට ගත් උත්සාහය නිසාම උන්වහන්සේට කරන ලද ගෞරවයක් ලෙස ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ “මහෝපාධ්ය තනතුර” ගෞරවයෙන් ප්රධානය කලත් උන්වහන්සේ එය තෙවරක්ම ප්රතික්ශේප කළා...පසුව සියලු දෙනාගේම ඉල්ලීම පිට උන්වහන්සේ එය භාර ගත්තේ එක් කොන්දේසියක් පිට, එනම් එම තනතුරට අදාළ කිසිම උත්සවයකට නොපැමිණෙන අතර කිසිදු ලිපියකට ප්රථිචාර නොදක්වන බවට පොරොන්දු වීමෙන් පසුව.......උන්වහන්සේලා කොතරම් නිහතමානීද...වරක් එවකට සිටි ජනපති J.R.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා උන්වහන්සේ යටතේ පැවිදි වෙන්න ඉල්ලුවත් උන්වහන්සේ එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නේ ,"රජ්ජුරුවොන්ගෙ පුතා මෙහෙට ආවම අපිට කරදරයි මහත්තයෝ කියමින්"..පසුව රවී මහතා පැවිදි වන්නේ තායිලන්තයේ අජාන් චා හිමි යටතේ....ජනපති ප්‍රේමදාස මහතා වරක් පැමිණ උන්වහන්සේගෙන් කළ යුත්තේ කුමක්දැයි ඇසූ විට උන්වහන්සේ පවසා තිබුනේ," අපිට නිදහසේ කැලේට වෙලා ඉන්න දුන්නම හොදටම ඇති මහත්තයෝ" කියල පමණයි........
වසර 91 ක් ආයු වළඳා මනා සිහි කල්පනාවෙන් 1992 දි උන්වහන්සේ අපවත් වූවේ නා උයනේ අරියධම්ම,කටුකුරුන්දේ ඤාණානන්ද ,පනන්දූවේ ඛේමානන්ද,මීතලාවේ විනීත,කොට්ටාවේ සුමේධ,කෝට්ටේ ආනන්ද,කලුතර ධම්මානන්ද,උඩ ඊරියගම ධම්මජීව හිමිවරුන් වැනි මහා වටිනා ගෝල පරම්පරාවක් ලොවට දායාද කරමින්......
වී කරලක් පැසෙන්න පැසෙන්න තවතවත් පොලව දෙසටම නැඹුරු වනවා වගේම ගුණයෙන් සීලයෙන් වැඩෙන්න වැඩෙන්න භික්ෂූන් තව තවත් නිහතමානී විය යුතු බවයි උන්වහන්සේගේ දැක්ම වූයේ...
උන්වහ්න්සේලා කොතරම් පරමාදර්ශී චරිතද....?
--- චාමර වන්නිආරච්චි ------

Comments

Popular Posts