ඡත්ථ මානවක......


ලංකාවේ බොහෝමයක් බෞද්ධ පාසල් අවසන් කරන්නේ ඡත්ථ මානවක ගාථා ගැයීමෙන්....
පාසල් නිමවී පිටව යාමට ඇති කලබලය නිසාම බොහෝ සිසුන් මේවා ගයන්නේ "ආලෝකයේ වේගයෙන් ".....
...
මගේ පාසල් සමයත් එහෙමම තමයි.....
මෙම ගාථා පාසල අවසානයේ ගායනා කිරීමේ ඉතිහාස කථාව නම් අප්රකටයි........
පරමවිඤ්ඤාණාර්ථ වාදය කියන්නෙ මීට සියවසකට කලින් ලොවපුරා ජනප්රිය වුන අලුත් දාර්ශණික ප්රවනතාවක්....
ඕල්කට් ,බ්ලැවැස්කි ,ලෙඩ්බීටර් ,මියුසියස් ,ක්රිෂ්ණමූර්ති වගේ නම් තමයි පරමවිඤ්ඤාණාර්ථවාදයත් සමග එකවර සිහියට නැගෙන්නෙ...
බොහෝ දෙනෙක් මේ ප්රවනතාව බෞද්ධ බලවේගයක් ලෙස සිතුවත් පරමවිඤ්ඤාර්ථවාදය කියන්නේ සූත්ර පිටකයේ පලමුම සූත්රය වන බ්රහ්ම ජාල සූත්රයෙදි බුදන් විසින් ප්රතික්ෂේප කල තවත් එක මිත්යා දෘෂ්ඨියක්ම පමණයි....
තත්වය එසේ වුනත් මෙම ප්රනතාව පසුගිය සියවසේ ලාංකීය සංස්කෘතියට කල බල පෑම නම් අපමණයි...මහාචාර්ය නලින් සිල්වා නම් එය හඳුන්වන්නේ "ඕල්කට් බෞද්ධ සංස්කෘතිය " ලෙසයි.....
කොහොම උනත් මෙම ජගත් මට්ටමේ සංඟමයේ හතරවන සභාපති වශයන් පත්වූනේ ලාංකිකයෙක්...ඔහු කුරැප්පුමුල්ලගේ ජිනරාජදාස.....
ඉතිං මේ ජිනරාජදාස කුඩා කලදී ඔහුගේ අතීත භවය ගැන පරමවිඤ්ඤාණාර්ථ සංගමේ අය විසින් භාරතීය නාඩි වාක්ය කරැවන් හරහා විමසා බලා තිබෙනව...එහිදී ඔවුනට දැනගැනීමට ලැබී ඇත්තේ බුද්ධ කාලයේ දිසාපාමොක් සරසවියේ සිට ආපසු ගමට එනවිට හොරැන් විසින් ඝාතනය කල ඡත්ථ මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදී ඇති බවයි....මෙහි සත්යතාවය කේසේ වුවත් පරමවිඤ්ඤාණාර්ථ වාදීන් එය එකහෙලා පිලිගෙන තිබෙනව....
ඉතිං ඔවුන් විසින් ලක්දිව අරඹන ලද පලමුවන පාසල වන කොළඹ ආනන්ද විදුහලේ පලමු සිසුවා වුනේ අතීතයේ ඡත්ථ මානවකයා වූ කුඩා ජිනරාජදාස........
ඔහුගේ අතීත ජීවිත කථාව පදනම් කරගෙන තමයි ආනන්ද විදුහල නිම වන විට මේ ගාථා ගැයීම අරඹා ඇත්තේ.....මෙය බොහෝ කලක් රහසක්ව පැවතුනත් පසු කලෙක ආනන්දයේ ගුරැවරයෙක් වුන බලන්ගොඩ අනදමෙත් හිමියන් විසින් හෙල කලා....
පසු කාලීනව මෙම ගාථා දීප ව්යාප්තව පාසල් වලට හඳුන්වාදී අද දක්වා පැවතගෙන එනව....
ඉතිං අපි නොදන්න ඡත්ථ මානවක තමය් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස.....
(මූලාශ්රය : අනදමෙත් නාහිමිගේ අප්රකට ලිපි - සමුද්ර වෙත්තසින්හ )
- චාමර වන්නිආරච්චි -

 

Comments

Popular Posts